Blue Aquarium - Galle

Blue Aquarium - Galle High quality betta fish
(1)

Breeding ❤️Pair available ❤️👌😍
11/06/2022

Breeding ❤️
Pair available ❤️👌😍

02/05/2022

Breeding size females available. 🐳
Call for more details.. ❤️

20/04/2022

❤️😋🐳👌

🐳❤️👍
20/03/2022

🐳❤️👍

06/03/2022

❤️😋

14/11/2021

💕👌🐳

24/10/2021

💕Ready to breeding 👌

😋
06/10/2021

😋

💕👌
01/10/2021

💕👌

13/08/2021
Koi carf pond❤️👌
31/07/2021

Koi carf pond
❤️👌

💕🐳👌
14/07/2021

💕🐳👌

07/05/2021
Amezing ❤️Koi pond 💕🐳
06/05/2021

Amezing ❤️
Koi pond 💕🐳

❤️👍
29/04/2021

❤️👍

❤️❤️❤️❤️❤️😊Amezing👌👍👍
19/04/2021

❤️❤️❤️❤️❤️😊
Amezing👌
👍👍

❤️👍
09/04/2021

❤️👍

❤👌
25/11/2020

❤👌

බෝතල් තුල සිර වූ පුංචි සටන්කරුවෝ

හදුන්වා දිම
_______
🔻
මස්‍ය ලෝකයේ ඉතාමත් ජනප්‍රිය හා අලංකාර මසුන් විශේෂයක් වන බේටා මසුන් (Betta fish ) වර්ග 73 +පමණ වර්තමානය වන විට හදුනා ගෙන තිබෙනවා.
ගුරාමි පවුලට අයත් මෙම මසුන් B. splendens යන සත්ව විද්‍යත්මක නාමයෙන්ද පොදු සමාජ බාවිතයෙදි සියම් දේශයේ සටන් කාරි මාලුවා ලෙසද ( Siamese fighting fish) අපේ රටේ ෆයිටර් මලුවා ලෙසද හදුන්වනවා.
ස්වාභාවික පරිසරයෙදි හමුවන මසුන් අඳුරු කොළ පැහැයක් හා කෙටි වරල් වලින් සමන්විත වේ.
මසුන් අභිජනනය කරන්නන් විසින් මේම මසුන් සංවර්ධනය කර විවිද වර්ණ ප්‍රබෙද වගේම වරල්
ප්‍රබෙද වැඩිදියුණු කොට ඇත. වැඩිදියුණු කල වරල් විශේෂ රාශියක් අද වෙළෙඳ පොළේ දැක ගත හැකි අතර ඉන් Veil tail , Delta tail, Halfmoon, Crown tail, Double tail වැනි මසුන් ප්‍රබේද සදහා ඉතා ඉහල ඉල්ලුමක් පවති.

ශාරිර ප්‍රමාණයෙන් කුඩා මසුන් වර්ගයක් වන බේටා මසුන් සෙන්ටි මිටර් 5.7 ක සාමන්‍ය වර්ධනයක් සහිත වන අතර ඉතා හොද පරිසර පද්දති වලදි සෙන්ටි මිටර් 7.6 දක්වා වර්ධනය වු මසුන් ද කලාතුරකින් දැක ගත හැක.
මෙම මසුන්ගේ සාමන්‍ය ආයු කාලය අවුරුදු 3-5 අතර වේ .ඉතා කලාතුරකින් අවුරුදු 8-9 ජිවත් වු මසුන් හමු වි ඇත.

ඉතිහාසය
______
🔻
අවුරුදු 150 ක පමන දිර්ග ඉතිහාසයකට උරුම කම් කියන බේටා මසුන් ඇති කිරිම අතිතයේ සියම් දේශය ලෙස හැදින් වු තායිලන්තයෙන් ආරම්භ වි ඇත. ගොයම් වගා කල කුඹුරු ආශ්‍රිතව වතුර රැදුන ඉස්තාන වල ජිවත් වු මෙම මසුන්ව අල්ලාගෙන විත් එකට දමා එම මසුන් අනේකා සමග වරල් සිද ගනිමින් සටන් කරන ආකාරය බලා සිටිමට ළමුන් පුරුදු විම නිසා සියම් දේශයේ සටන් කාරි මාලුවා(Siamese fighting fish) ලෙස හදුන්වා ඇත.

ස්වාභාවික පරිසරයේ හමුවන මසුන්ගේ සටනක් විනාඩි කිපයක් පමනක් පවතින අතර එක් මලුවකු සටනින් පසු බැස ගිය පසු සටන අවසන් වුවද එකල මසුන් අභිජනනය කරන්නන් විසින් මෙම මසුන්ගේ සටන් කාමි ලක්ශන වර්ධනය කර ශක්තිමත් මෙන්ම කලහකාරි මසුන් හදුන්වා දි ඇත. එම මසුන් වරල් සිද ගනිමින් මරණය තෙක් සහන් කල බව සදහාන් වේ.

මෙම නව සතුන්ගේ පැවති අධික සටන්කාමි ලක්ශන දුටු එකල වැවිහිටියන් අතරද මෙම මසුන් ජනප්‍රිය විමත් සමග පොදු ස්තානවල පවා මෙම මසුන්ගේ සටන් පවාතවා ඇත. මෙ ස්ථාන වලදි දිනන සතාට ඔට්ටු ඇල්ලිම(gambling )
ඉතා ප්‍රසිද්ද බව දැනගත් එකල සියම් දේශයේ රාජු වු හතර වන රාමා මෙම මසුන්ට බලපත්‍ර නිකුත් කිරිමටත් මසුන් එකතු කිරිමටත් පෙලබි ඇත.
1890 දි ප්‍රතම වරට සුරතල් මත්ස්‍යකු ලෙස ප්‍රංශය හා ජර්මනිය මසුන් ආනයනය කර ඇති අතර අදවන විට සැම රටකම වගේ ව්‍යාප්ත වන පවති.
වර්ශ 1909 දී Charles Tate Regan විසින් බේටා මසුන්ගේ විද්‍යාත්මක නාමය ලෙස B. splendens නම් කොට ඇත. එහි තේරුම“beautiful warrior” ලෙස සදහන් වේ.

විශේෂ ජිවන තොරතුරු
_______________
🔻
සුරතල් මත්ස්‍යකු ලෙස වෙළෙඳ පොළ තුල ඉතා ඉහල ඉල්ලුමක් බේටා මසුන් සදහා පවති .එයට ප්‍රදාන හේතු වි ඇත්තේ තෝරා ගැනිමට විවිධ ප්‍රභෙද රාශියක් හා වර්ණ රටා රාශියක් පැවතිමයි. මිට අමතරව අලස මලුවකු වන බේටා මසුන්හට කුඩා ඉඩක ජිවත් විමට හැකි විමත් ඔවුන්ට ජලයෙන් ජිටත ඇති ඔක්සිජන් ලබා ගැනිමට හැකි බැවින් අමතර ඔක්සිජන් සැපයුමක් අවශ්‍ය නොවිමත් බලපා ඇත.
මේ හේතුන් නිසා ගෘහස්ථ ව සුරතල් මත්ස්‍යකු ලෙස ජෑම් බෝතල් වැනි කුඩා ඉඩක් සහිත වීදුරු බෝතල් තුළ ඇති කිරිම සුලභව දක්නට ලැබේ.

මෙම මසුන් ගේ වැඩුනු පිරිමි සතුන් දෙදෙනකු කිසි විටක එකම ටැන්කියක් තුල ඇති කිරිමට නොහැක.
ගැහැණු සතුන්ගේ මෙම සටන්කාමි ලක්ශන යම්තාක් දුරකට අඩු බැවින් ඉඩ කඩ සහිත ටැන්කියක් තුල දෙදෙන්කු හෝ ඉට වැඩි ගනනක් ඇතැම් විට එකට ඇති කිරිමට හැකියවක් ඇත .එම නිසා වෙළෙඳපොළ තුල බේටා මසුන් සදහාම නිපද වු විශේෂ ටැන්කි දැකගත හැක.

අනෙත් මසුන් සමග සැසදිවෙදි තරමක බුද්දි මට්ටමක් ඇති බේටා මසුන් මිනිස් ක්‍රියාකර කම් සදහා හොදින් ප්‍රතිචාර දක්වයි.
එම නිසා ඔබේ ඇගිල්ල ගමන් කරන් දිශවට පිහිනා යාම වැනි කුඩා ක්‍රියාකාරකම් සදයා ඔවුන්ව පුහුණු කල හැක.
මෙම මසුන්ට සිය මිනිස් සගයගේ හැසිරිම් හදුනා ගැනිමටත් කැම දෙන වෙලාව හදුනා ගැනිමටත් එ සදහා කලබල වි ප්‍රතිචාර දක්වන්නත් හැකියාවක් ඇත.

වර්ගයා බෝ කිරිම බිත්තර මගින් සිදුවරන අතර වරකට 10-40 අතර බිත්තර ප්‍රමාණයක් දමයි. බිත්තර දැමිම බේටා ගැහැණු සත්වයා සිදු කරන අතර බිත්තර රැකිම පිරිමි සත්වයා විසින්ම පෙර සකස්කල පෙන කුවුවක් තුල සිදුකරයි. පැය 36-72 කලයකදි බිත්තර තුලින් නව පැටව් පැමිනේ.

සුරතල් මත්ස්‍යකු ලෙස ඇති කිරිමේදි
________________________
🔻

ඉතා පහසුවෙන් ඇතිකල හැකි මත්ස්‍යකු ලෙස බේටා මසුන් හදුන්වයි .මොවුන් ඇති කිරිමේදි අවම වතුර ගැලුම් 10 ටැන්කියක් සැපයිය යුතු අතර එහි සැගවිමට තැනක් සකස්කර දිමට අමතක නොකල යුතුය.මොවුන් කලබල වු විට උඩ පැනිය හැකි මසුන් වර්ගයක් වන අතර ටැන්කිය ආවරනය කිරිමද සිදුකල යුතුය .

ජැම් බොතල් වැනි කුඩා බොතල් තුල ඇති කිරිමෙන් ඔවුන්ගේ ආයු කාලය අවු විමට මෙන්ම මසුන්ව මානසික විඩාවට පත් විමට හේතු වන බැවින් සතුන්ට ආදරය කරන අප එසේ නොකල යුතුය.

බේටා මසුන් කුඩා මන්ශ භක්ශක විශේෂයක් වන අතර ජලයේ ජිවත් වන කුඩා සතුන් අහාරයට ගැනිම සිදු කරයි .ගෘහස්තව අති කිරිමෙදි ඔවුන් සදහා සකස් කල මාලු කැම පහසුවෙන් වෙලදපොලෙන් මිලදි ගත හැක.

ඉතින් ඔබගේ නිවසටත් සටන් කාරයෙක් එකතු කර ගැනිමෙන් ඔබගේ මනසික පිඩනය අඩු කර ගැනිමටත් සටන් කරුගේ හොදම මිනිස් සගයා විමටත් ඔබට හැක :)

+ #සියලු_හිමිකම්_123_article_සතුය.
+picture from internet

❤👌
24/11/2020

❤👌

මාළුන්ට කෑම ගෙදරදිම හදා ගමු
අද අපි කතා කරන්න යන්නේ ගොඩක් ගොඩක් අයට වැදගත් වන මාතෘකාවක් ගැන,මාළු ටිකක් ලොකු වුනාම දෙන්න පුළුවන් ආහාර වේලක් ගෙදරදිම හදාගන්නේ කොහොමද කියන එක ගැනයි අද අපි කතා කරන්න යන්නෙ,මේකට අවශ්‍ය දේවල් මොනවද කියලා අපි බලමු .
(අවශ්‍ය ද්‍රව්‍ය කෑම කිලෝ එකක් සඳහා)

999 කරවල කුඩු -395g
ඉස්සො කරවල කුඩු -50g බඩ ඉරිගු පිටි - 100g
සෝයා පිටි -150g
රතු සහල් නිවුඩු පිටි - 150g
හරක් පීකුදු -50g
පාන් පිටි -50g
හරක් මස් පිටි - 50g
විටමින් A හා මෝර තෙල් - 5g

එකතුව -1000g

සාදා ගන්නා ආකාරය

සියලුම ද්‍රව්‍ය පිටි කරගත යුතුය.ඉන්පසු පිටි වර්ග සියල්ල එකට එකතු කර එයට උණු වතුර දමා ඉඳිආප්ප වත් කිරීමට පිටි අනා ගන්නා ආකාරයට අනාගත යුතුය.විටමින් හා මෝර තෙල් ද ඇල්වතුර ටිකක දියකර එම පිටි මිශ්‍රණයට එකතු කර ගත යුතුය.එසේ සාදා ගත් තලපය ඉදිආප්ප වංගෙඩියක් ආධාරයෙන් ඉදිආප්ප වත් කරන ආකාරයට කඩදාසි කොළයකට දමා පවනේ වේලා ගත යුතුය.ඉන්පසු සුළං නොවදින සේ භාජනයකට දමා අසුරා ආහාර වශයෙන් ලබා දිය හැක.මෙම අමුදව්‍ය කොළඹ ගෑස්පහ හන්දියේ පිහිටි සත්ව ආහාර කඩවලින් සහන මිලට ලබාගත හැක.ඔබ ප්‍රදේශයේ ඇති කුකුල් කෑම කඩ වලින් ද ලබා ගත හැක.මෙලෙස අප නිවසේ සාදා ගන්නා ආහාර වේලක් ලබා දීමෙන් මත්ස්‍යයින්ගේ හොඳ වර්ධනයක් දැකගත හැක.ඔයාලගෙ අදහස් comment කරන්න.යාලුවන්ටත් බලන්න share කරන්න.මතක ඇතුව page එකට like එකක් දාගෙන යන්න.ස්තුතියි .

❤👌
23/11/2020

❤👌

විසිතුරු මත්ස්‍ය ව්‍යාපාරය කරගෙන යනකොට සමහර වෙලාවට අපි කරන පොඩි පොඩි අතපසුවීම් වලින් හිතන් නැති පාඩු ලබන අපිට සිද්ධ වෙනවා.අද අපි කතා කරන්න යන්නේ අපි හිතන් නැතුව මේ කරන වැරදි මඟ හරවා ගන්නේ කොහොමද කියලා.
💚ඔයාලා දැනටමත් මත්ස්‍ය ව්‍යාපාරය කරන කෙනෙක් නම් ඔයාලගේ ව්‍යාපාරය දියුණු වෙනකොට අලුත් මාළු වර්ග වෙනත් ගොවිපල වලින් ගෙනත් අභිජනනය කරන්න ඔයාලා අනිවාර්යෙන් යොමු වෙනවා.ගොඩක් අය කරන වැරැද්දක් තමයි එහෙම අභිජනනය සඳහා ගේන මාළු එකපාරම ගොවිපලේ ටැංකිවලට එකතු කරගන්න එක.මේ හේතුවෙන් වෙනත් ගොවිපලවල් වලින් ඔයාගේ ගොවිපළට රෝග රැසක් එන්න පුළුවන්,මේකට විසඳුමක් විදිහට ඔයාට ඒ වගේ ගේන මාළු දාන්න ගොවිපළෙන් පිටත වෙනම ටැංකි ටිකක් හදාගන්න පුළුවන් ඔයාල මේ ව්‍යාපාරයට ආධුනික නම් අඩු වියදමකින් ඉටිකොළ වලින් ටැංකි හදාගන්න පුළුවන්.මෙහෙම වෙනත් මසුන් ගෙන් එන රෝග නිසා සමහර විට මුළු ව්‍යාපාරයම විනාශ වෙලා යන්න පුළුවන්.ඔයාලා ගප්පි වගේ පොඩි මාළු වර්ග අභිජනනය කරනවා නම් මේ ගැන අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ඕනේ.මොකද මේ වගේ වැරදි නිසා අවුරුදු ගාණක් පාඩු විඳින ගොවිපලවල් අපට හමු වෙලා තියෙනවා.
තවත් අය කරන ලොකු වැරැද්දක් තමයි තමන්ගෙන් මාළු ගන්න එන අයට මාළු තෝරලා අල්ලලා දෙන එක,මාළු ජෝඩු කිහිපයක් අල්ලන්න මුළු ටැංකියෙම මාළු මහන්සි කරවන එක තමයි මේකෙන් වෙන්නේ,අපි දැකල තියෙනවා සමහරු දවසට කිහිප වරක්ම මාළුන්ව මේ විදියට පීඩනයට ලක් කරනව.ඉතින් දන්නෙම නැතුව දවස් දෙක තුනක් යනකොට මාළු මැරෙන්න ගන්නවා ගොඩක් තොග මාළු විකුණන අයට මාළු ජෝඩු කිහිපයක් ගන්න අය වෙනුවෙන් වීදුරු ටැංකිවල මාළු දාලා තියාගන්න පුළුවන් නම් ඒකෙන් ඔයාලට මේක මගහරවා ගන්න පුළුවන්.එහෙම නොකෙරුවොත් මාළු ජෝඩු කිහිපයක ලාභයක් වෙනුවෙන් මුළු මාළු ඔක්කොගෙම ලාභය ඔයාලට නැතිවෙලා යන්න පුළුවන්.ඔයාලා කාෆ්,goldfish වගේ මාළු හදනවනං මේ වගේ පීඩනය ලක් උනාම එයාලා ඉක්මනින් මැරෙන්න පුළුවන්.ඒ නිසාම ඒ ගැන සැලකිලිමත් වීම ඔයාගේ ව්‍යාපාරයට දියුනුවට අනිවාර්යෙන් බලපානවා.
ඔයාලා මේ ව්‍යාපාරය දියුණු වෙන්න හිතනවා නම් හැමදාම ඔයාගේ මාළුන්ව හොඳින් නිරීක්ෂණය කරන්න අවශ්‍යයි.ඕනම ලෙඩක් එනකොට මාළු කිහිප දෙනෙක් තමයි මේ ලෙඩ මුලින්ම හැදෙන්නේ.ඔයාලගේ නොසැලකිල්ලෙන් තමයි අනිත් මාළුන්ටත් මේ ලෙඩ බෝ වෙන්නෙ.මාළු කන්නැතුව ඉන්නවනම්,ක්‍රියාශීලී නැත්නම්, ඇගේ වරල් තුවාල වෙලානම්,අනිවාර්යයෙන් ඒ මාළුන්ගෙ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනව.ඔයා හැමදාම මාළුන්ව නිරීක්ෂණය කරනවා නම් ඔයාට මේක දැක ගන්න පුළුවන්.ඒ වගේ මාළු ඉන්නවනම් වෙනම ටැංකි වලට වෙන්කර ගන්න අවශ්‍යයි.මාලුන්ට ගොඩාක් ලෙඩවලට හේතු වෙන්නේ වතුරේ ගුණාත්මක බව අඩු වෙන එක.ඒ නිසා ලෙඩක් ආවට පස්සෙ තියන හැම බෙහෙතක්ම දාලා කරදර වෙන්නෙ නැතිව වතුර හොඳ ගුණාත්මක තත්ත්වයෙන් තියාගන්න අපි වග බලා ගන්න ඕනි.මේ වගේ ගොඩක් අපේ නොදැනුවත් බව නිසා අපිට පාඩු ලබන්න වෙනවා.ඔයාලගෙ අදහස් comment කරන්න.යාළුවන්ටත් බලන්න share කරන්න.Page 1ට Like 1 දාගෙනම යමු.❤

❤👌
23/11/2020

❤👌

💚මාළු හදනකොට නොදැන කරන වැරදි💚
මිනිස්සු 50 ක් විතර ඉතා කුඩා කාමරයකට දැම්මොත් හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීම උෂ්ණත්වය ඉහළ යාම කෙනෙකුට ඇති ලෙඩක් තවකෙකුට බෝ වීමේ ප්‍රවණතාවය වැඩි වෙනු ඇත.මත්ස්‍ය ටැංකියකට වුවද මෙය එලෙසම බලපායි.නියමිත ප්‍රමාණයට වඩා මසුන් ටැංකිවලට දැමීමෙන් සිදු වන්නේ ද මෙයයි.සාමාන්‍යයෙන් මත්ස්‍යයකුගේ සිරුරේ 1cm ප්‍රමාණයත් සඳහා වතුර ලීටර දෙකක ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය වේ.ඊට වඩා මසුන් ඔබ ටැංකියට එකතු කරයි නම් ටැංකිය වාතනය කිරීම අනිවාර්යය වේ.මසුන් ජල තලයට පැමිණ කට තබාගෙන සිටී නම් මසුන් අපහසුතාවයෙන් සිටී යැයි ඔබට නිරීක්ෂණය කළ හැක.සමහර අවස්ථාවලදී ඔබ කුඩා කල සිට ලොකු කළ මසුන් එකවර මිය යන්නේ මේ හේතුවෙනි.ඔවුන්ට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය නැති වූ විට මෙලෙස මියයාම සිදුවේ.
තවද ටැංකිය නුසුදුසු ස්ථානයක තැබීම නිසාද ටැංකියේ මසුන් අපහසුතාවයට පත් විය හැක.ඔබ මුළුතැන්ගෙයක් ආසන්නයේ මාළු ටැංකියක් තබා ඇත්නම් එහි දුම් වලින් ටැංකියට ඔක්සිජන් සපයන මතුපිට ජල තලය වැසී යෑමෙන් මසුන් මිය යා හැකිය.එම නිසා ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුය.
තවත් සමහරෙකු මසුන් සිටින වීදුරු ටැංකි වලට තට්ටුව දැමීම සිදු කරයි.මසුන් බියවී පිහිනන ආකාරය බැලීමට ඇති ආශාව නිසා මෙය සිදු කළ ද මෙය අපට ටොකු අනිනවා හා සමානව මසුන්ට දැනේ.ඔබ විසිතුරු මත්ස්‍ය වෙළෙඳසැලක් පවත්වා ගෙන යයි නම් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුය.ටැංකි ස්පර්ශ නොකරන ලෙස ඔබට දැන්වීමක් පළ කළ හැක.දිනකට වෙළෙඳසලට පැමිනෙන සියලු දෙනාම මෙලෙස ටැංකිවලට තට්ටු දැමීමෙන් මසුන් දැඩි ලෙස පීඩනයට පත් වීම සිදුවේ.
තවද ටැංකිය පිරිසිදුව තබා ගැනීමට නම් මසුන්ට අවශ්‍ය ප්‍රමාණයට ආහාර සැපයිය යුතුය.බොහෝ අය මසුන් ඉක්මනින් ලොකු කර ගැනීම සදහා ආහාර වැඩි ප්‍රමාණයක් ලබා දෙයි.නමුත් එයින් සිදුවන්නේ ටැංකියේ ඇති ජලය දූෂණය වී මසුන් මිය යෑමයි.ඔබ විසින් මසුන්ට ආහාර දිය යුත්තේ විනාඩි තුනක් තුළ කා අවසන් කළ හැකි ප්‍රමාණයටයි.එම ප්‍රමාණය ඔබ විසින් නිරීක්ෂණය කර නිර්ණය කළ යුතුය.මසුන්ට බොහෝ රෝග වැළඳෙන්නේ මසුන් පීඩාවට පත් වූ විට ය.එම නිසා මසුන් පීඩාවට පත් නොවන ලෙස අවශ්‍ය තත්ව සැපයීම මගින් මසුන් මිය යෑම අවම කර ගත හැක.ඔයාලට තියෙන අත්දැකීමුත් අනිත් අයත් එක්ක බෙදා ගන්න පහලින් Comment කරන්න.යාලුවන්ටත් බලන්න Share කරන්න.Page එකටත් Like 1ක් දාගෙනම යමු.❤ ස්තූතියි

❤👌
23/11/2020

❤👌

💚💙කාෆ් මසුන් අභිජනනය💙💚
අද අපි කතා කරන්න යන්නේ ලංකාවේ ඉතාමත් ජනප්‍රිය මත්ස්‍යයකු වන කාෆ් මත්ස්‍යයින පිළිබඳවයි.ජපානය,චීනය ආශිතව නිජබිම කරගත් මෙම මත්ස්‍යයා ශ්‍රී ලංකාවට මුලින්ම ගෙන්වන ලද්දේ ආහාරය පිණිසය.එම මත්ස්‍යයා අලංකාර බවින් අඩු දුඹුරු පැහැයක් ගන්නා ලදී.පසුකාලීනව මෙම මත්ස්‍යයා සුරතල් මත්ස්‍යයකු ලෙස ආනයනය කිරීම සිදු කරන ලදී.ජපානයේ මෙම මත්ස්‍යයා koi යන නාමයෙන් හඳුන්වන අතර ජපානය ඉතාමත් ජනප්‍රිය සුරතලෙකු ලෙස koi මසුන් හැඳින්විය හැක.මෙම koi මසුන් අඩි 3කට පමණ ආසන්නව විශාල වන අතර ශරීරය ඉතාමත් පිරිපුන් ස්වභාවයක් ගනී.koi මසුන්ගෙ වර්ණයන් අනුව විශේෂ කිහිපයක් පවතී.ලංකාව තුළ මෙම මසුන් ජනප්‍රිය වන්නේ කාෆ් යන නාමයෙනි.එම මසුන් අඩි 1.5-2ත් ප්‍රමාණය ට පමණ වර්ධනය වන අතර සමහර අවස්ථාවලදී හොඳ ජලීය තත්ත්ව යටතේදී කොයි මසුන්ගේ දේහ ස්වභාවයට හා වර්ණයට වඩාත්ම සමීප මසුන් දක්ෂ අභිජනන කරුවන් විසින් නිර්මාණය කිරීම සිදු කරයි.ඇතැම් විට ලංකාව තුළ අභිජනනය කළ කාෆ් මසුන් ජපානය ආනයනය කළ මසුන් යයි කියා විකුණන අවස්ථා ඇති නිසා ඒ පිළිබඳව සැලකිලිමත්ව මසුන් මිලදී ගත යුතුය.
මසුන් අභිජනනයට සති කිහිපයකට පෙර ගැහැනු හා පිරිමි මසුන් වෙන් කර තැබීමෙන් ඉතා හොඳ ප්‍රතිඵල ලබාගත හැක.මේ සඳහා අඩි 10* 5 ප්‍රමාණයේ විශාල ටැංකි අවශ්‍ය වේ.කාෆ් මසුන් අභිජනනය ඉතා පහසු කටයුත්තක් වුවත් පැටවුන්ගෙන් වැඩි ප්‍රමාණයක් බේරා ගැනීමටනම් ජලයේ ගුණාත්මක තත්ත්වය ඉහළ විය යුතුය.මේ සඳහා කොන්ඩිස් යොදා ටැංකිය හොඳින් සෝදා දිනක් පමණ වියලීමට තබා ජලය අඟල් 8 පමණ උසට පුරවා ගත යුතුය.ඉන් පසුව පැය 24ක් පමණ ජලය හොඳින් වාතනය කිරීමෙන් ගුණාත්මක ජලීය තත්වයක් නිර්මාණය කර ගත හැක.ජල මට්ටමේ සිට ටැංකිය බිත්තියේ උස අඟල් 8 පමණ තිබිය යුතුය.නැතිනම් අභිජනන අවස්ථාවේදී මසුන් උඩ පැනීම නිසා ටැංකියෙන් එළියට විසි විය හැක.හොඳින් වාතනය කරගත් ජලයට ජපන්ජබර,හයිඩ්රිල්ලා ශාක යොදන්න.(මේ සඳහා පිරිසිදු කළ අමු පොල් අත්තක් වුවද භාවිතා කළ හැක)ශාක දැමීමේදී පත්‍ර වල දිය ගොලුබෙල්ලන් වැනි සතුන් සිටීදැයි පරීක්ෂා කර බැලිය යුතුය.ඉන්පසු උදෑසන හොඳින් පරිණත වූ පිරිමි සතුන් දෙදෙනෙකු ටැංකියට හඳුන්වා දෙන්න.පසුව එදිනම සවස 4ට පමණ හොඳින් බිත්තර වැඩී ඇති ගැහැණු සතෙකු ටැංකියට දමන්න.මේ වන විට ජලයේ උෂ්ණත්වය අධික සීතලෙන් තොර විය යුතුය.සිහින් පොද වැස්සක් ඇති දිනක් නම් ඉතාමත් සුදුසුය.මොවුන් බිත්තර දමනවාද කියා දැනගත හැකි වන්නේ ගැහැණු මත්ස්‍යා පිටුපස පිරිමි මත්සයින් දෙදෙනා එලවනවා නම් පමණි.බිත්තර දමා ඉවර වූ වහාම ගැහැණු,පිරිමි මසුන් ඔවුන් පෙර සිටි ටැංකිවලට දැමිය යුතුය.නැතිනම් ඔවුන් විසින් බිත්තර ආහාරයට ගනු ලැබේ.බිත්තර දිලීර ආසාදනයෙන් බේරා ගැනීමට ටැංකියට මෙතලින් බ්ලූ එක් කළ යුතුය.පැය 48 කින් පමණ බිත්තර වලින් පැටව්න් එන අතර පළමු දින දෙක ආහාර සැපයීම අවශ්‍ය නොවේ.ඉන් පසු තැම්බූ බිත්තර කහමද,brine shrimp ලබාදිය හැක.ඔයාලගෙ අදහස් Comment කරන්න.යාළුවන්ටත් බලන්න Share කරන්න.Page 1ට Like 1 දාගෙනම යමු.❤

21/11/2020
Fighter Fish ❤👌
19/11/2020

Fighter Fish ❤👌

02/11/2020

Fighter fish 🐟 ❤

❤👍
30/10/2020

❤👍

❤
24/10/2020

❤🐟🐟🐟🐟❤
16/10/2020

❤🐟🐟🐟🐟❤

Address

25/A, Temple Road , Galwadugoda
Galle
80000

Telephone

+94765244489

Website

Alerts

Be the first to know and let us send you an email when Blue Aquarium - Galle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Blue Aquarium - Galle:

Videos

Share

Category