Aquarium DNM Rathgama

Aquarium DNM Rathgama All pet fish & Fish tank accessories, Fish tank �, medicine All pet fish, All fish tank imported & local , Medicen, All Filters, Fish Tank accessories
(1)

26/02/2022

හැම මොහොතකම මනුස්සකම පිරි හදවතක් ඇති මනුස්සයෙක් වෙන්න උත්සහ කරන්න 😍💚

😊 This is something I thought would be important to everyone😊 😯 😍
14/01/2022

😊 This is something I thought would be important to everyone😊 😯 😍

--ඔන්න අලුත් මාතෘකාවක් යටතේ තොරතුරු ලියන්න හිතුවා..ඒ තමයි ශ්‍රී ලංකාවෙ වද වී යන ශාක හා සතුන් යන මාතෘකාව--**ඒ මාතෘකාවෙනුත...
28/11/2021

--ඔන්න අලුත් මාතෘකාවක් යටතේ තොරතුරු ලියන්න හිතුවා..ඒ තමයි ශ්‍රී ලංකාවෙ වද වී යන ශාක හා සතුන් යන මාතෘකාව--

**ඒ මාතෘකාවෙනුත් මුලින් ලියන්න හිතුවා වද වී යන සතුන් ගැන

වර්තමානය වන විට ලන්කාව තුල වද වී යෑමෙ තර්ජනයට ලක් වූ ජීවීන් කිහිපයක්ම ඉන්නවා.ඒ අතරට පක්ශීන්,මත්සයින්,උරගයින්,උභ ජීවීන්,ක්ෂීරපායින් වැනි බොහො වර්ග වලින් ජීවීන් අයත් වෙනවා.සීඝ්‍රයෙන් සිදුවන වන විනාශය,කාර්මීකරණය,මිනිසුන්ගෙ අදූරදර්ශී ක්‍රියා වැනි නොයෙකුත් හේතු නිසා මෙම ජීවීන් වද වී යෑමෙ තර්ජනයට ලක් වෙලා.එසේම වර්තමානෙයෙ කතා බහ වන ආක්‍රමනිකයන් බිහිවීමද බොහෝ ජීවීන්ගෙ ජීවිත පැවැත්ම තහවුරු කර ගැනීමට ලොකු තර්ජනයක් වෙලා.උදාහරණයක් ලෙස මන්නයා මත්සයාගෙන් බොහො මිරිදිය ජීවීන්ට ලොකු තර්ජනයක් වර්තමානෙයෙ ගොඩ නැගී ඇත(මේ පිලිබද වැඩි විස්තර මෙම පිටුවෙ අපගෙ සොහොයුරෙකු පල කර තිබුනි)

ඉතින් ඉහත චේදයෙ අවසානෙයෙ මත්සයන් පිලිබද වැඩිපුර ලියවුන නිසා *වද වී යන මත්සයන්* යන මාතෘකාවෙන් මාගෙ අනු කොටස් විස්තර ආරම්භ කිරීමට සිතුවෙමි..

~~වද වීමෙ තර්ජනයට ලක්වූ මත්සයන්(1)

1.දුම්බර පෙතියා[Puntius martenstyni]
2.පතිරණ සාලයා[Devario pathirana]
3.බන්දුල පෙතියා[Puntius bandula]
4.බුලත් හපයා[Puntius nigrofasciata]
5.හීන මස්සා[Puntius pleurotaenis]
6.ලේ තිත්තයා[Puntius titteya]
7.හල්මල් දණ්ඩියා[Rasboroides vaterifloris]

!!වැරදීම හො අතපසුවීම් ඇත්නම් නිවරදි කර පහළ කමෙන්ට් මගින් යොමුකරන්න!!


•°•°•DNM Aquarium •°•°•

ශ්‍රී ලංකාවේ ආක්‍රමණිකයෝ (11)අද කතා කරන්නෙ තාම ලොකු වසංගතයක් නොවුණ එහෙම වෙන්න ඉඩ තියෙන ලස්සන ඒත් කරදරකාරයෙක් වුණ පුංචි ක...
28/11/2021

ශ්‍රී ලංකාවේ ආක්‍රමණිකයෝ (11)

අද කතා කරන්නෙ තාම ලොකු වසංගතයක් නොවුණ එහෙම වෙන්න ඉඩ තියෙන ලස්සන ඒත් කරදරකාරයෙක් වුණ පුංචි කෙනෙක් ගැන.

රෙඩ් ජුවෙල් සික්ලිඩ්
Red jewel cichlid
(Hemichromis sp)

ලෝකෙ සිය ගාණක් සික්ලිඩ් වර්ග අතරින් jewel cichlid කියන පවුලට අයිති මෙයාගෙ රතු පාට ශරීර වර්ණය නිසා Red jewel cichlid කියල කියනවා.අප්‍රිකානු කලාප නිජබිම වුණු මෙයා විසිතුරු මාලුවෙක් විදියට ලංකාවේ ජනප්‍රිය කෙනෙක්.ඒත් ටැංකිවල අධිකව බෝ වීම හා ප්‍රචණ්ඩකාරි ලක්ශණ වගේ හේතු නිසා සමහරු ටැංකිවල හදපු මෙයාලා ස්වාභාවික පරිසරේට නිදහස් කරල තියෙනවා වගේම ගංවතුර වගේ හේතු නිසත් මෙයා වියාප්ත වෙලා තියෙනවා.එහෙම වියාප්ත වුණු මෙයා බස්නාහිර පළාතේ හුගක් තැන්වලින් වගේම තව පළාත්වල තැන් කීපයකින්ම මේ වෙද්දි හමුවෙලා තියෙනවා.බොහෝ විට මෙයාලා හම්බ වෙන්නෙ වෙල්,වගුරු බිම් හා වැව්වලින් තමයි.

10cm වගේ උපරිමව වැඩෙන පොඩි මාලුවෙක් වෙන මෙයා අනිත් සික්ලිඩ් වර්ග වගේම ටිකක් ප්‍රචණ්ඩකාරි කෙනෙක්.ටැංකිවල හදද්දි කුඩා මසුන් එක්ක වගේම තමන්ගෙ වර්ගෙ අය එක්කත් හුගක් රණ්ඩු වෙන කෙනෙක්.ප්‍රමාණයෙන් විශාල මාලුන්ට මෙයාගෙන් ලොකු ප්‍රශ්නයක් නැති වුනාට පොඩි මාලුන්ට හා පැටවුන්ට මැරෙන්න තරම් හානි කරන්න මෙයාට පුලුවන්.ඒ වගේම වරල්වලට හුගක් හානි කරනව.මෙයා පැටවුන් කුඩා කාලයෙ හුගක් හොදින් බලාගන්න කෙනෙක් නිසා මෙයාලගෙ වියාප්ත වේගය වැඩියි.සර්ව භක්ශකයෙන් වෙන මෙයාලා අධිකව බෝ වීම නිසා ලංකාවෙ දේශීය මාලු වර්ගවලට ආහාර සදහාත් මෙයා එක්ක තරග කරන්න වෙනවා.පැටවු ඉන්න කාලෙට හුගක් ප්‍රචණ්ඩ වෙන නිසා මෙයා අනිත් මාලු වර්ගවලට ලොකු හානියක්.

ලෙඩ රෝග අඩු වීම,වෙල් වගේ තැන්වල ඉන්න නිසා ස්වාභාවික හතුරො අඩු වීම,දෙමව්පිය රැකවරණය නිසා පැටවුන් අධිකව බෝ වීම වගේ හේතු නිසා මෙයා ටිකක් වේගයෙන් පැතිර යන කෙනෙක්.පිළියන්දල පැත්තෙ වෙලක ඉදල මෙයාලා 53ක් ඇල්ලුවා කියලත් කෙනෙක් පෝස්ට් එකක් දාල තිබ්බා කාලෙකට කලින්.ඉතින් ඔයාලත් මේ ලස්සන මාලුවාව හදනවනම්
මෙයාගෙ ප්‍රචණ්ඩකාරි බව,බෝ වීම වගේ දේවල් ගැන දැනගෙන හදන්න පස්සෙ කාලෙක ස්වාභාවික පරිසරේට එකතු කරන්නනම් එපා.ඒ වගේම ඔයාලගෙ පැතිවල මෙයාලා ස්වාභාවිකව අහු වුනොත් පුලුවන් ඉක්මන්ට ඉවත් කරන්න අනාගතේ ලොකු වසංගතයක් වෙන්න පුලුවන් නිසා.

Nuwan madushanka
2021/11/28

ජායාරූප මුල් අයිතිකරුවන් සතුයි ❤️

නිවැරදිව හදුනා ගනිමු (1) Repostedයෝධ ගුරාමි - Giant gourami(Osphronemus gorami)පහළ  ජායාරූපවල ඉන්න කළු සහ සුදු පැහැයෙන් ...
28/11/2021

නිවැරදිව හදුනා ගනිමු (1) Reposted

යෝධ ගුරාමි - Giant gourami
(Osphronemus gorami)

පහළ ජායාරූපවල ඉන්න කළු සහ සුදු පැහැයෙන් හමුවන මත්ස්‍ය විශේෂය නොදැකපු කෙනෙක් ලංකාවේ නැති තරම්.බොහෝ නිවෙස්වල සුරතල් මත්ස්‍යයන් ලෙස ජනප්‍රිය මෙයාලගෙ වර්ගය ගැනනම් ලංකාවේ බොහෝ දෙනෙක් නිවැරදිව දන්නෙ නෑ කියල හිතන්න පුලුවන්.මොකද බොහෝ දෙනා හිතන් ඉන්නෙ මේ මත්ස්‍ය විශේෂ 2ක් කියලා.ඒත් එහෙම නෑ මේ වර්ණ 2ම එකම මත්ස්‍ය වර්ගයක වර්ණ ප්‍රභේද.

මේ ගැන පෝස්ට් එකකදි කළු පාට කෙනාට කෙන්දා,දොලයා,මනමාලයා,තිප්පිලි,රත්දැල්ලා,මෝදා,ජපන් කොරලි,දළා වගේ හුගක් නම් කිව්වා.සුදු පැහැ විශේෂයට හැමෝම කියන්නෙ ජෑම් ගුරාමි කියල.තව සමහරු කිව්වා මේ දෙන්නම ගුරාමි කියලා ඔව් මේ දෙන්නම ගුරාමි තමයි ඒත් නිකන්ම ගුරාමි නෙවේ.ගුරාමි වර්ග රාශියක් ඉන්නව නිල් ගුරාමි,වෙල් ගුරාමි,මුතු ගුරාමි,ඩ්වෝෆ් ගුරාමි වගේ.

ඇත්තම පිළිතුර මේ දෙන්නම Osphronemus gorami කියන විදයාත්මක නාමයෙන් හදුන්වන ගුරාමි පවුලේ ලොකුම සාමාජිකයා වෙන යෝධ ගුරාමියා.එහෙමත් නැත්තන් Giant gourami.මෙයා අඩි 3කට ආසන්නව වැඩෙන විශාල සර්වභක්ශක මාලුවෙක්.

මෙන්න මේ giant gourami කියන නම තමයි හැමෝම පටලගෙන ජෑම් ගුරාමි කියන්නෙ ඒත් ඇත්තටම ජෑම් ගුරාමි කියල මාලුවෙක් නෑ හරි නම ජයන්ට් ගුරාමි.හුගක් අය කලු පාට ජයන්ට් ගුරාමියට තිප්පිලියා/තිලාපියා කියල කියනව ඒත් තිලාපියා කියන්නෙ ලංකාවේ බහුලව ආහාර සදහා යොදාගන්න සාමාන්‍ය ප්‍රමාණයේ මාලුවෙක්ට ජයන්ට් ගුරාමියා සහ තිලාපියා කියන්නෙ සම්පූර්ණයෙන්ම වෙනස් මාලු විශේශ 2ක්.පහළ තිලාපි විශේශයක (Nile tilapia) ෆොටෝ එකක් තියෙනව හොදින් බැලුවොත් වෙනස පැහැදිලිව තේරෙනවා.

ජයන්ට් ගුරාමින්ගෙ කලු පාට ප්‍රබේදය ලංකාවෙ බොහෝ ජලාශවල ස්වාභාවිකව හමු වෙනව.නමුත් ඔවුන් දෙර්ශීය විශේශයක් නෙවෙයි මෑතකදී ආහාර සදහා හදුන්වා දීලා වියාප්ත වුණු විශේශයක් .සුදු පාට වර්ගෙ එහෙමත් නැත්තම් Albino giant තමයි සුරතලයට හදන්නෙ හැමෝම.මීට අමතරව ඇස් රතු,වරල් රතු සහ සුදු කලු පාට 2ම මිශ්‍ර වුණු වර්ග ඇතුලුව වර්තමානයේ ලංකාවේ බහුලව දකින්න පුළුවන් වර්ණ ප්‍රභේද 5ක් ඉන්නව මෙයාලගෙ.

1.Black giant
2.Albino giant
3.Red fin giant
4.Albino red eye giant
5.Harly queen giant

ඒ වර්ග 5ම පින්තූර පහළ වෙන වෙනම තියෙනව.ශරීර වර්ණ වෙනස්කම් තිබ්බට ගගේ ඉන්න කලු කෙනත් ටැංකියෙ ඉන්න සුදු කෙනත් ඇතුලු අනිත් වර්ගත් ඔක්කොම යෝධ ගුරාමි විශේෂ නැතුව මේ එකිනෙකට වෙනස් මාලු විශේශ නෙවෙයි.මෙයාලාගෙ වැඩි දුර විස්තර ඉදිරියට දාන්නම් පෝස්ට් එකක්.මේ පෝස්ට් එක දැම්මෙ මේ මාලුවා හැමෝටම අදුරගන්න පහසු වෙන්න වර්ණ කීපයකින් හිටියට එකම කෙනෙක් කියලා.

Dilanga madushan
2020/06/13

ජායාරූප අයිතිය මුල් අයිතිකරුවන් සතුයි ❤️

14/10/2021

Natural Tank Setup

12/10/2021
12/10/2021
12/10/2021

Now Available

03/10/2021
22/09/2021
New Setup
22/09/2021

New Setup

18/09/2021
18/09/2021
Type of Barb Fish
18/09/2021

Type of Barb Fish

03/08/2021
22/02/2021

මසුන්ට වැළදෙන රෝග හා ඒවා හදුනාගැනීම පිළිබදව විස්තර ඇතුලත්

New collection
20/02/2021

New collection

19/02/2021
16/02/2021

ඔන්න අද කියන්නේ අලුතින් මාලුවෙක් ඇක්වේරියම් එකකින් ගෙනාවම ටැංකියට දාගන්න නිවැරදි ක්‍රමය ගැනයි.
මුලින්ම තමන් ගන්න ඉන්න මාලු ගැන වඩාත් විමසිල්ලෙන් යුතුව ටික වෙලාවක් බලන් ඉන්ඩ මොකද රෝගී වුනු මත්ස්‍යයෙක් රැගෙන ආවොත් පහත කියන කිසි දෙයල් වැඩක් නැති වන නිසා. මාලුවා නිරෝගීව ටැංකියේ සතරදිග් බෑවුමේ දුවනවාද?
කෑමට රුචියෙන් ඉදිරියට ඇදෙනවාද?
අනිකුත් මසුන්ට වඩා සුදුමැලි වෙලාද?
වරල් දියව ගොස්ද?
ඇස් ඉදිමිලාද?
එම ටැංකියේ ඇති තියුණු දාර වල ඇග ඇතිල්වීමක් කරනවාද? මෙකී කාරණා ගැන විමසිල්ලෙ යුතුව බලා සිටීමෙන් පසු මාලුවෙක් ගැනීමට තීරනය කරන්ඩ
ඉන් පසු ගෙදරට ගෙනා ආ විගස ඔබ දැමීමට යන ටැංකියේ ජලය බේසමකට ගෙන එම බේසමේ අලුතින් ගෙනා ආ මත්ස්‍යා පැක්ට්ටුවත් සමගින් බහා විනාඩි 15ක් තබන්න ( ජලයේ උෂ්ණත්වය හුරුපුරුදු කරගැනීම සදහා) පසුව බෑගය කට විවර කොට එම බේසමේ ජලය මාලුවා ඇති බෑගයේ ඇති ප්‍රමානයේ ජලය ප්‍රමාණයක්ම බෑගයට සීරුවෙන් දමන්ඩ පසුව තව විනාඩි15ක් එසේ තබන්ඩ (ජලය හිරුවීම සදහා බැලන්ස් කිරීම)පසුව එම බෑගය හිමින් සීරුවට එම බේසම මතටම කට විවර කොට බෑගයේ ඇති මසුන් හට බේසමට පිහිණීමට හැකිවන ලෙස හරවා මත්ස්‍යා එයින් බේසම තුලට පිහිණීමක් සිදු කරන තුරු සිටින්ඩ (මත්ස්‍යා බලෙන් බේසමට නොදමන්ඩ) පසුව ඔබගේ ටැංකියට මත්ස්‍යා දැමිය හැක. නමුත් වඩාත් නිවැරදි ක්‍රමය නම් එය්හනින් පසු තවත් බේසමකට ජලය ලීටර එකකට ලිණු ග්‍රෑම් 30ක ප්‍රමාණයක් දමා කලවම් කරගැනීමෙන් පසු එම මත්ස්‍යා උපරිම තත්පර 40ක් එහි බස්වා තබා ඉන්පසු මත්ස්‍යාව පමනක් ඔබගේ ටැංකියට දැමීමය (බැක්ටීරියා ආසාධනය වැලක්වීම සදහා). ඉහත කී ක්‍රමය වඩාත් නිවැරදි ක්‍රමය වේ.
ස්තූතියි .

30/01/2021
Wish you a very Happy New Year 2021 🦐🐙🐋🦈🐬🐟🐠
01/01/2021

Wish you a very Happy New Year 2021 🦐🐙🐋🦈🐬🐟🐠

WISH YOU A VERY  HAPPY NEW YEAR 2021 🐟🐬🦈🐋🦐🐙
01/01/2021

WISH YOU A VERY HAPPY NEW YEAR 2021 🐟🐬🦈🐋🦐🐙

From Net 🌏🐟🦈🐬🐙🐋🦐
29/12/2020

From Net 🌏🐟🦈🐬🐙🐋🦐

Get Your Dream Fish Here 🐠
29/12/2020

Get Your Dream Fish Here 🐠

Now Available
29/12/2020

Now Available

New
22/12/2020

New

Bird 🐦 LoversGalle Birds Lovers
22/12/2020

Bird 🐦 Lovers
Galle Birds Lovers

Get Your Dream Fish Here
25/10/2020

Get Your Dream Fish Here

Address

Galle
80260

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:30
Sunday 08:00 - 20:30

Telephone

+94775484784

Alerts

Be the first to know and let us send you an email when Aquarium DNM Rathgama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Aquarium DNM Rathgama:

Videos

Share


Other Galle pet stores & pet services

Show All