25/11/2023
ඔන්න අද මං කියන්න යන්නේ වීදි බව්වෙක් ලස්සන කරන විදිය...ඒ කියන්නේ adopt කරන විදිය...ගොඩාක් අයට මේ ගැන ගොඩාක් ප්‍රශ්න...ඉතින් ඒ ප්‍රශ්න විසඳන්නත් එක්ක ඔයත් කියවල තව කෙනෙක් ට බලන්නත් ශෙයා කරන්න ❤️
ඔයාලා පාරෙ යද්දි ලොම් හැලිච්ච , ඇසට ප්‍රියමනාප නැති කුදු ගැහිච්ච චූටි බව් පැටව් දකිනවා නේද , ඇත්තටම ඒ ජීවත ලස්සන කරන්න අපිට බැරිද??? ඇත්තටම පුලුවන් 🤩මාසෙක විතර පුංචි කැපකිරීමකින් අසරණයෙකුගෙ ඉරණම උඩු යටිකුරු කරන්න ඔයාලට පුලුවන් ❤️
කොහොම මේක කරන්නේ 🤔 මුල්ම දේ වීදි බව්වෙක් adopt කරන්න බය වෙන්න ඕන නෑ.ජලභීතිකා අවදානම නැති කරගන්නෙ මෙහෙම යි, එයාව මුලින්ම ගනිද්දි glows use කරන්න පුලුවන් ඔයාලට, නැත්නම් හීරෙන්නෙ නැති වෙන්න අල්ලලා බොක්ස් එකක දාගන්නත් පුලුවන් , එක්ක එන ගමන්ම ජලභීතිකා එන්නත විදින්න, හැබැයි මේ වෙලාවෙදි වෙට් ගාව මේසවල , බිම එහෙම තියන්න එපා, එයාට ලෙඩ බෝවෙන්න පුලුවන් එතනින්....
ඔන්න දවස් දෙක තුනක් isolation කරන්න ඕනේ දැන්...කූඩුවක් තියේ නම් පහසුයි...චූටිම අයට නම් කූඩු ඕන්නෑ, බඩ පිරුණම අයිනකින් දොයියනවනේ චූටිම අය...කාමරේක උනත් තියාගන්න පුලුවන්...දැන් ඔන්න rabies ප්‍රශ්නෙ ඉවරයි...මැක්කො කිනිතුල්ලො ඉන්නව නම් බොල්ෆො පවුඩර් දාන්න, නැත්නම් ෆ්‍රොන්ට්ලයින් හෝ ටික්ස්ෆ්රී දාන්නත් පුලුවන් , ඇසුරුමේ උපදෙස් පිළිපදින්න ❤️
දැන් බෙහෙත් විදලා දවස් තුනකින් වගේ නාවන්න එයාව බේබි ශැම්පු දාලා, දත් එහෙමත් පුලුවන් නම් මද්දන්න ...ඊට පස්සෙ එයාගෙ තව තියෙන අසනීප මොනාද කියලා බලන්න ත් ඕනේ...ඒවගෙම නෑව්වට එහෙම පස්සෙ ඊළඟට දෙන්නෝනෙ පණුබෙහෙත් , ටිකක් ලොකු නම් tablet , පැටව් නම් සිරප්...සාමාන්‍යයෙන් චූටි කාලෙ pyrantin syrup තමයි දෙන්නෙ බර අනුව මාත්‍රාව...ඔන්න එතකොට stool pass කරද්දි පණුවො එහෙම වැටෙනවා...ගෙනාපු දවසෙ ඉඳන් දෙන්න ඕන කෑම එහෙම ත් හොඳ ට, ඒව මං ලිව්වෙ නෑ...පොඩි පැටව් නම් වේල් පහක් විතර , නිතර දෙන්න බැරි නම් එක,සැරේ දාලා හරි තියන්න...
දැන් රෑශ් එහෙම තියේ නම් මොකද කරන්නෙ...එවලෙට injection එකක් ගහලා එවන වෙට් කෙනෙක් ගාවට නැතිව, ඔයා යන්නෝනෙ ලෙඩේ මුල ඉඳන් බෙහෙත් කරන තැනකට...ගාන්න බෙහෙත් , antibiotics , vitamins , nutritional oral tablet දෙන හරියටම treatment කරන,වෙට් කෙනෙක් ගාවට...
මෙහෙම පාරෙන් ගේන අය ගොඩක් වෙලාවට හරීම චුට්ටක් තමයි කන්නෙ, නොකා ඉඳලම කන්න බැරි වෙලා...කෑදරයි ඒත් කන්න බෑ...එතකොට ආහාර රුචිය වැඩි කරන දෙයක් දෙන්න වෙනවා, dygiton drop කියන්නේ successful ක්‍රමයක්...
දැන් එයා ටික ටික ලස්සන වෙනවා බලන් ඉද්දි...මාසයක් දෙකක් යද්දි හිතාගන්න බැරි තරමට...calsium syrup එකක් එහෙම දෙන්න පුලුවන් කමක් තියේ නම්, මාලු , වට්ටක්කා , පලා ටිකක් එහෙම දාලා බත් දෙන්න...රෑශ් තියේ නම් අනික් ට්‍රීට්මන්ට් දෙන ගමන් බත් එක්ක මුරුංගා කොලත් තේ හැන්දක් විතර දෙන්න..
ඊළඟට ප්‍රතිශක්තිකරණ එන්නත්...පාවෝ , ඩිස්ටෙම්පර් වලට බෙහෙත් විදින්නේ හැදුනට පස්සෙ නෙවෙයි , හැදෙන්න කලින් හැදෙන්නෙ නැති වෙන්න...මේවා හැදුනම සාමාන්‍යයෙන් සනීප කරන්න අමාරුයි...dhpl කියන්නේ මේ ලෙඩ දෙකටම විදින එන්නත...මේවා විදින්නෙ බව්වට සති පහක් උනාට පස්සෙ...
ඊළඟට වැදගත් ම දේ එයාවත් පවුලේ කෙනෙක් ම කරගන්න...මෙහෙම දේකින් ඔයාට ගොඩාක් පින් ලැබේවි...ලොකූ ආත්ම තෘප්තියක් , අභිමානයක් දැනේවි ඔයත් ජීවිතයක් බේරපු ගැලවුම්කාරයෙක් විදියට ❤️
එහෙනම් මේ ලිපිය තව කෙනෙක්ටත් බලන්න ශෙයා කරන්න ළමයි 🥺❤️