kandy Dog Training academy

kandy Dog Training academy Dog Training, Dog boarding, Dog bathing and every activity Training

24/02/2024

Sweet little ears ♥

19/09/2023

haisenpet cat litter available now 🐱👍

0777736673    0707736673
16/09/2023

0777736673 0707736673

03/08/2023
06/05/2023

THE KENNEL ASSOCIATION OF LANKA SENKADAGALA PET EXPO & 106th CAC CHAMPIONSHIP DOG SHOW.

05/05/2023
20/04/2023

👉 ඔන්න අපේ රෝවර් කොල්ලගෙ වැඩ ටිකක් ...😀😀😀

K9 dog training...., SNOVI
19/04/2023

K9 dog training...., SNOVI

17/04/2023

Beautiful Husky puppy 💖

💰💲🐶🐶💰 ඩොලර් ගානක් වියදම් කරල හදන ලොව මිල අධිකම බල්ලා.... ඔන්න අදනම් මන් ආවෙ ඔයාල ලෝකෙ වටේ අරන් යන්න නෙමෙයි.හැමදාම ලෝකෙ ව...
09/04/2023

💰💲🐶🐶💰 ඩොලර් ගානක් වියදම් කරල හදන ලොව මිල අධිකම බල්ලා....

ඔන්න අදනම් මන් ආවෙ ඔයාල ලෝකෙ වටේ අරන් යන්න නෙමෙයි.හැමදාම ලෝකෙ වටේ යන එකේ මන් හිතුවා අද වෙනස් දෙයක් ගැන කියන්න. අහගන්නකො මේ කියන්න යන්නෙ හුරතලේට හදන බලු පැටියෙක් ගැන.බලු පැටියෙක් කිව්වට හැබැයි මෙයා නම් ටිකක් විශේශ කෙනෙක්.ඔන්න එහෙනම් අහන්නකෝ...

නිතරම ඇගේ දැවටෙන චූටි හුරතල් බලු පැටියෙක් ඇති කරන්න අපි කව්රුත් කැමතියිනේ.ඒත් ඒ වෙනුවෙන් ඩොලර් මිලියන 3.3 (ඩොලර් ලක්ෂ 33)ගෙවල බලු පැටියෙක් හදනව කිව්වොත් ඒ කතාව විස්වාස කරන්න පුලුවන්ද?

🙄 එච්චර ගානක් වටින බල්ලො ඉන්නවද?

ඔන්න ඉතින් මන් අද කියන්නෙ ලෝකයේ මිල අධිකම සුනඛයා වන රතු ටිබැටියන් මැස්ටිෆ් (Red Tibetan Mastiff ) කියන වර්ගයේ බල්ලන් ගැන.

මීට කලින් අහලත් ඇති අහපු අයටයි නැති අයටයි දෙගොල්ලන්ටම මතක් වෙන්න මන් කියන්නම්කො මේ අපූරු යාලුවා ගැන.

රතු ටිබැටියන් මැස්ටිෆ් කියල කියන්නෙ රගර් ක්‍රිඩකයෙකු තරම් විශාලව වැඩෙන සුනකයන් වර්ගයක්.ඒ හින්දම මෙයාලගෙ කෑම විදියට දිනපතා කුකුලු මස්, හරක්මස් සහ මුහුදු කැකිරි කියන ආහාර විශාල ප්‍රමාණයක් මෙයාලට දෙන්න ඕන වෙනවා.

ඒ වගේම ඌ වෙනුවෙන් විශාල නිවහනක් වෙන් කරන්න වගේම රැකබලා ගැනිම සදහා කාර්ය මණ්ඩලයක් පත්කරන්නත් සිදුවෙනවා.

දැන්නම් හිතෙනව නේද මෙහෙම දුක්විද විද බල්ලො හදන්න පිස්සුද කියල.ඒත් චීනය වගේ ලෝකෙ සමහර රටවල ධනවතුන් තමන්ගේ ධනවත්කම පෙන්නන්න මේ සුනඛයන් යොදාගන්නවා.

ඒ කියන්නෙ මිළ අධික ආභරණ, යාන වාහන වගේ දේවල් අතරේ මේ කියන රතු ටිබෙටියන් මස්ටිෆ් වර්ගයේ බල්ලෙක් ඉන්නවා කියන්නෙ තමන් ධනවතෙක් කියන එක.කොටින්ම කියනවනම් මේ සුනඛයා ධනවත් බව පෙන්විමට යොදාගන්න සංකේතයක් විදියට තමයි පිලිගන්නෙ.

දැන්නම් කෙනෙක්ට හිතෙයි මේකනම් පිස්සුවක්නෙ බන් කියල.

🐶🐶🙄 ධනවත් බවේ සංකේතය වෙන්න තරම් මෙයාගෙ විශේශත්වයක් තියෙනවද?

රතු පාට කියන්නෙ වාසනාව ගේන වර්ණය කියල තමයි චීන වැසියන් විස්වාස කරන්නෙ.ඒවගේම රතු ටිබෙටියන් මැස්ටිෆ් වර්ගයේ බල්ලන් නීරෝගි බව හා ආරක්ෂාව ගෙන එන ශුද්ධ වු සත්ව කොට්ඨාශයක් කියල තමයි චීනෙ අයනම් විශ්වාස කරන්නෙ.

මරනෙන් පස්සෙ මිනිස් හෝ දේව ආත්මයකට පත්වීමට සුදුසු පූජනිය පුද්ගලයන්ගේ ශුද්ධ වු ආත්මයන් මේ විදියට නැවත රතු ටිබෙටියන් මැසිටිෆ් සුනඛයන් වෙලා ඉපදෙනවා කියල තමයි චීන වැසියන් තව දුරටත් විස්වාස කරන්නෙ.

ඉතින් ඒ නිසා තමයි මේ යාලුවා ලෝකෙ මිලෙන් ඉහලම සුනකයා විදිහට පිලිගන්නෙ.
මේවනම් පුදුම විශ්වාස තමයි නේද?

ඒ විතරක් නෙමෙයි මේ වර්ගයේ සුනකයන් රාජකීය සුනකයන් විශේෂයක් ලෙසත් හදුනවනවා.
ඒකට හේතුව විදියට හතරවන ජෝජ් රජතුමාට වික්ටෝරියා රැජින යටතේ මේවගේ සුනකයන් 30000 හිටියා කියල කියනවා.

ඉතාම නුවණැති සුනඛ විශේෂයක් වන මොවුන්ට අවධානමක් හදුනාගන්න වගේම ඉක්මනින් ඊට ප්‍රතිචාර දක්වන්නත් හැකියාව තියෙනවා.
ඒ නිසාම එඩේර යුගයේදි ගොවි පලවල් රැකබලා ගන්න පවා මොවුන් යොදගෙන තියෙනවා.

13 වන ශතවර්ශයේ මාර්කො පොලෝ ගේ සටහන් වල හැටියට ටිබෙටියන් මැස්ටිෆ් කියන්නේ "බූරුවෙකු තරම් උස, සිංහයෙකු තරම් හඩක් ඇති සත්වයෙ"ක් කියල තමයි කියන්නෙ.

ඒවිතරක් නෙමෙයි ටිබෙටියන් මැස්ටිෆ් ඩො-කී (do-khyi ) කියන නමිනුත් හදුන්වනවා.ඒකෙ තේරුම තමයි ගෙදර මුර කරන්නා කියන අදහස. මොවුන් වෘකයන්ගෙන් පැවත එන බව කියවෙන අතර මෙලෙස බල්ලෙක් ලෙස පරිනාමය වීමට අවුරුදු 58000 ගත වෙලා තියනව කියල තමයි කියන්නෙ.

කළුපැහැති වර්ගය රතු පැහැති වර්ගයට වඩා මිලෙන් අඩුවන අතර රෙඩ් ටිබෙටියන් මස්ටිෆ්ගේ ගේ ඇති කළු, රතු, අළු ,දුඹුරු ,හා රත්තරං පැහැති ඝන ලෝම වැස්මේ වර්ණය අනුව ඔවුන්ගේ මිල තීරණය වෙනවා.

ඉතින් මේවගේ සිද්දි ගොඩක් නිසා මේ යාලුවා ලෝකෙ මිල අධික සුනඛ ලැයිස්තුවේ මුලසුන ගන්නවා.

😋😋ඔන්න ඔහොම තමයි ඩොලර් ගානක් වටින් මේ අපූරු යාලුවා ගැන කියවෙන්නෙ.මොකද කියන්නෙ එක්කෙනෙක් හදමුද?

ඔන්න ඉතින් මේ යාලුවා ගැන විස්තර මන් ඔයාලට කියල ඉවරයි.මේ ගැන ඔයාල දන්න තවත් විස්තර තියෙනවනම් නොදුටු ලොවට කියන්න අමතක කරන්නත් එපා.අලුත් දවසකින් තවත් අපූරු දෙයක් අරගෙන ආයෙත් එන්නම්.හැමෝටම සුබ දවසක්. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . තොරතුරු සියල්ල අන්තර්ජාලය ඇසුරින්

✍️ඉශානී මහේශිනී

08/04/2023
08/04/2023

Mark your calendar .

05/04/2023

Address

Maiyanganaya Road Kandy
Kandy
20000

Telephone

+94777736673

Website

Alerts

Be the first to know and let us send you an email when kandy Dog Training academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to kandy Dog Training academy:

Videos

Share

Category


Other Pet Services in Kandy

Show All