Royal Pets Care Animal Clinic

Royal Pets Care Animal Clinic We provide compassionate and competent veterinary services for your loved pets.
(5)

Weekdays : 5PM - 8.30PMWeekends : 5PM - 9PMPoyadays : 9AM - 5PMHorana Road, Kottawa (Mattegoda Junction)

දැනුවත් වෙමු – ජලභීතිකාව වළක්වමුලෝක ජලභීතිකා දිනය සැප්තැම්බර් 28 දින වේ.     ඈත අතීතයේ සිටම සුනඛයා (බල්ලා) සහ මිනිසා අතර...
30/04/2023

දැනුවත් වෙමු – ජලභීතිකාව වළක්වමු

ලෝක ජලභීතිකා දිනය සැප්තැම්බර් 28 දින වේ.
ඈත අතීතයේ සිටම සුනඛයා (බල්ලා) සහ මිනිසා අතර ඉතා සුහද සබැඳියාවක් තිබී ඇත. ගල් යුගයේ සතුන් දඩයම් කිරීමට සුනඛයාගේ සහාය ලබාගෙන ඇත. නිවෙස් සහ වතුපිටි ආරක්ෂා කිරීමට ආරක්ෂකයෙකු ලෙස මෙම සත්වයා මිනිසා සමග ඉතා සමීපව සහ ආදරයෙන් සිට ඇත.
ශ‍්‍රී ලංකාවේ මිනිසාට ජලභීතිකාව ප‍්‍රධාන වශයෙන්ම බෝ වන්නේ සුනඛයන් මගිනි. එය 95% පමණ ප‍්‍රතිශතයක් වේ.
ජලභීතිකා රෝගය වෛරසයක් මගින් බෝවන මාරාන්තික රෝගයක් වන අතර ජලභීතිකා රෝගය ක්ෂීරපායි (කිරි බී වැඩෙන) සතුන්ට වැළඳේ, ජලභීතිකා වෛරසය ශරීරගත වූ සුනඛයන් සපා කෑම හෝ සීරීම නිසා, ජලභීතිකා රෝගී බළලූන්, මුගටියන්, හිවලූන්, මුගටියන් වැනි සතුන් සපාකෑම හෝ සීරීම නිසා, රෝගී සතකුගේ කෙල තුවාලවල හෝ ශරීරයේ සියුම් පටකවල තැවරීමෙන් (ඇස් වල) මිනිසාට රෝගය බෝ විය හැක.

ජලභීතිකා මර්දන කටයුතුවලදී, සුනඛයන් එන්නත් කිරීම, ගැහැනු සුනඛයන්
වන්ද්‍යාකරණය, ගැහැනු සුනඛයන්ට වන්ද්‍යාකරණ එන්නත් ලබා දීම, මහජනතාව දැනුවත් කිරීම, පුහුණු කටයුතු, ”ඔටෝ ඉන්ජෙක්ටරය” මගින් දඩාවතේ යන සුනඛයන් එන්නත් කිරීම හා ගැහැනු සුනඛයන්ට වන්ද්‍යාකරණ එන්නත් ලබා දීම සිදු කෙරේ.

සුනඛයන්ගේ රෝග ලක්ෂණ

ගොළු පිස්සුව – අඳුරු තැන්වල සැ`ගවීමට තැත් කරයි, ආහාර ගැනීම නවතයි, උගුරේ යමක් සිර වූ බව පෙන්වයි, පාද අප‍්‍රාණික බවක් පෙන්වයි, අන් අයගේ අනුකම්පාව ලබා ගැනීමේ ස්භාවයක් පෙන්වයි.

වියරු පිස්සුව – මුඛයෙන් සෙම වැගිරෙයි, ඇස් විශාල වී රතු වී දිලිසෙයි, දම්වැල්, කුඩුවේ දැල් වැනි අසාමාන්‍ය දේවල් සපයි, ඉදිරියට හමු වන සෑම දෙනාම සපා කෑමට පෙලඹෙයි, ආහාර ගැනීම නවතයි, පිස්සු බල්ලකු ලෙස හැසිරෙයි. මේ මගින් පහසුවෙන් පිස්සු බල්ලන් හඳුනාගත හැක.
මෙම රෝග තත්ත්ව දෙකේදීම ජලභීතිකාව වැළඳුන සුනඛයන් දින 10-14 කාලයේදී මිය යනු ලබයි.
ජලභීතිකා රෝගී යැයි සැක කළහැකි සුනඛයකු, බළලකු හෝ කැලෑ සතකු සපා කෑ විගස වහාම ගලා යන ජලයෙන් සබන් යොදා තුවාලය විනාඩි 10ක් පමණ හොඳින් අතුල්ලා සෝදා හැරීම, (සබන් යොදා සෝදා හැරීම තමන් විසින්ම සිදු කිරීම වඩාත් යෝග්‍ය වේ. වැඩිහිටියකු හෝ දරුවකු වැනි උදවු කළ යුතු අයකු නම් සෝදන්නා තමාගේ අත් ආවරණය කරගෙන තුවාලය සෝදා හැරීම වඩාත් යෝග්‍ය වේ.), ළඟම ඇති රජයේ රෝහලට ගොස් වෛද්‍ය වරයකුගේ උපදෙස් ලබා ගැනීම/ අවශ්‍ය නම් වෛද්‍ය උපදෙස් අනුව ප‍්‍රතිකාර ලබා ගැනීම, වෛද්‍ය වරයා හමු වීමට යන විටදී, සතාගේ එන්නත් කාඞ් පත ඇත්නම් එය රැගෙන ගොස් වෛද්‍ය වරයට ඉදිරිපත් කිරීම කළ යුතුය.
සපා කන ලද සත්වයා මරුනහොත් හෝ මරුවහොත් තම කොට්ඨාසයේ ක්ෂේත‍්‍ර මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයාගේ උපදෙස් ලබාගෙන මැරුනු සුනඛයාගෙ හිස කොටස කොළඹ බොරැුල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය, පශු වෛද්‍ය පීඨය පේරාදෙණිය, ගාල්ල කරාපිටිය රෝහල යන පරීක්ෂණාගාර 03න් එකක් වෙත ලබා දීම කළ යුතුය.

සුනඛයන්ට ඇතිවන ජලභීතිකාව වැළැක්වීම සඳහා සියලූම සුනඛයන්ට වයස සති 4-6 අතර ජලභීතිකාවට එරෙහිව එන්නත් ලබා දීම, නැවත මාස 03 දී ජලභීතිකාවට එරෙහිව එන්නත ලබා දීම, ඉන්පසුව සෑම වසරකටම වරක් ජලභීතිකාවට එරෙහිව එන්නත නොවරදවාම ලබා දීම, මීට අමතරව ඩිස්ටෙම්පර් පාවෝ වැනි රෝග සඳහාත් වෙනත් රෝගී තත්ත්ව සඳහාත් පශු වෛද්‍ය නිලධාරී වරයකුගේ උපදෙස් සහ සේවය ලබා ගන්න.

30/04/2023
පාවෝ රෝගය Canine Parvo Viral Diarrheaපාවෝ රෝගය බලු පැටවුන් අතර ඉතා සුලබ මාරාන්තික ලේ පාචන රෝගයකි. එම නිසා බලු පැටවුන් ඇත...
30/04/2023

පාවෝ රෝගය Canine Parvo Viral Diarrhea

පාවෝ රෝගය බලු පැටවුන් අතර ඉතා සුලබ මාරාන්තික ලේ පාචන රෝගයකි. එම නිසා බලු පැටවුන් ඇති කරන සියලු දෙනා‚ මෙම රෝගය ගැන දැන සිටීම ඉතා වැදගත් වේ.

පාවෝ රෝගය වෛරසයක් මගින් ඇතිවේ. මෙම රෝගය ආසාදිත සතෙකු සමග කෙළින්ම ස්පර්ශයෙන් හෝ විෂබීජ තැවරුණු ද්‍රව්‍ය මගින් ව්‍යාප්තවේ.
මෙම වෛරසය ප්‍රධාන වශයෙන් ආමාශය සහ බඩවැල් ආශ්‍රිතව වර්ධනය වේ. එම නිසා බඩවැල් වල සහ ආමාශයේ බිත්ති තුවාල වී රුධිරය වහනය වේ.

වයස සති 6 සිට මාස 6 දක්වා බලු පැටවුන් හට මෙම රෝගය වැළදීමේ වැඩි අවදානමක් පවතී.
පාවෝ රෝගය වැළඳුණු සතෙකුගේ ප්‍රධාන රෝග ලක්ෂණ පහත පරිදි වේ,

*රෝග ලක්ෂණ *

*ලේ බඩ යෑම (අධික දුගඳක් සහිතව දුඹුරු හෝ රතු පැහැයෙන් මල පහ පිටවීම සහ මල පහ ඈතට විදීම Shooting diarrhea)
*වමනය
*උන
*අලස බව
*කෑම අරුචිය
*බර අඩුවීම
*දුරවල බව
*විජලනය

මුල් අවස්ථාවේ දී මෙම රෝග ලක්ෂණ එකක් හෝ කීපයක් පැවතිය හැක. ඔබේ සුරතලාට පාවෝ රෝගය වැළදී ඇතයි සැක කරනවා නම් ඉතා ඉක්මනින් පශූ වෛද්‍යවරයෙකු වෙත යා යුතුය.

මෙය මාරාන්තික රෝගයක් වන අතර 10% සිය 30% පමණ සතුන් මිය යයි. රෝගය සුව වීමට සතියක පමණ කාලයක් ගතවේ. නමුත් මෙය සතා අනුව වෙනස් විය හැක.

*රෝගය වළක්වා ගැනීම*

මෙය මාරාන්තික රෝගයක් වුවත් වළක්වා ගත හැක. එම නිසා සියලු ම පැටවුන් සහ වැඩිහිටි සතුන් නිසි ආකාරයෙන් එන්නත් කල යුතු ය. විශේෂයෙන් මවු සතුන් නිසි ආකාරයෙන් එන්නත් කර තිබීමෙන් කුඩා පැටවුන්ට මුල් සති කීපයේ දී අවශ්‍ය ප්‍රතිශක්තිය ලැබේ. කුඩා පැටවුන් එන්නත් නොකල සතුන් සමග ගැටීම වැළැක්විය යුතු ය.

30/04/2023

#නව වසරේ නව ලොව එලිය දුටු පස් නිවුන් උපත.. #
මෙම සුනඛ මවට තම පැටවු බිහිකිරීමේදී ඇතිවූ අපහසුතාවක් නිසා සාමාන්‍යය උපතක් මගින් තම පැටවුන් බිහිකිරීමට නොහැකි විය.
එමනිසා සිසේරියන් සැත්කමකින් පැටවු පස් දෙනෙකුට ජීවිතය දීමට හැකියාව ලැබීම සතුටකි.

30/04/2023
30/04/2023

"ඇයද මවකි සෙනෙහෙබර"

අලුත් අවුරුදු දවසේ සාර්ථකව සිදුකල සිසේරියන් සැත්කමින් උපත ලද පැටවු සමග ඇය අද සායනයට පැමිණියා.
පැටවුන් හරි ආදරයෙන් පණු බෙහෙත් බොන හැටි ඇයද නිරීක්ෂණය කලා.

30/04/2023

මගේ නම Roxy🙈
දොස්තර මහත්තය හැමදාම ඉන්ජෙක්ශන් විදින නිසා එයාට හොද පාඩමක් ඉගැන්නුව.
මට හරිම ආඩම්බරයී.💪💪💪

30/04/2023

Yeah,,She is coming 🤩🤩🤩

Royal Pets Care Animal Clinic
Pannipitiya kottawa

-තුර්කියේ ඛේදවාචකය- කරදරයක් වූ විට අත් නොහැරීම සතුන්ගෙන් ඉගෙන ගනිමු..තුර්කි ඛේදවාචකයේ සංවේදී දසුන්.වැදගත්:  මෙම අනතුර සි...
08/02/2023

-තුර්කියේ ඛේදවාචකය-
කරදරයක් වූ විට අත් නොහැරීම සතුන්ගෙන් ඉගෙන ගනිමු..තුර්කි ඛේදවාචකයේ සංවේදී දසුන්.
වැදගත්: මෙම අනතුර සිදුවීමට ප්‍රථම #කුරුලු ප්‍රජාවට දැනුන වුන් විවිද ශබ්ද නගා ඊට ප්‍රතික්‍රියා දක්වා ඇති අතර මිනිසාට තවම එම සංවේදනයන් ග්‍රහණය කර ගත නොහැකි වීම කනාගාටුවකි.
මිනිස් ජීවිත 8000කට අධික ප්‍රමාණයක් අහිමි වී ඇත. ඒ අතර සුරතල් සතුන් සිටී.😥😥

මම ලුසීපූස් යාලුවනේ මන් ඔයාලට පොඩි උපදෙසක් දෙන්නයි යන්නෙ.මාව පෙරේද ඔපරේට් කලා.සිහිය එනකොට මම හිටියෙ අපේ ගෙදර මගේ ඇද උඩ.ඩ...
07/02/2023

මම ලුසී
පූස් යාලුවනේ මන් ඔයාලට පොඩි උපදෙසක් දෙන්නයි යන්නෙ.
මාව පෙරේද ඔපරේට් කලා.සිහිය එනකොට මම හිටියෙ අපේ ගෙදර මගේ ඇද උඩ.ඩොක්ටර් බෙහෙත් විදපු නිසා මට වේදනාවක් දැනුනෙම නෑ..
යාලුවනේ මට බොන්න දීපු බෙහෙත් තිත්ත නිසා මන් බිවුවෙම නෑ.මගෙ ඔලුවට දාපු කොලර් එකත් මන් ගැලෙවුවා. තුවාලෙට දාපු ප්ලාස්ටර් එකත් ගලවල මන් තුවාලෙ විපරම් කලා.
බෙහෙත් නොබීපු නිසා මන් ආයෙ අසනීප උනා.ඩොක්ටර් ගාවට එන්න උනා.ඩොක්ටර් ආයෙ තුවාලෙ බලල ප්ලාස්ටර් කලා. මට දැඩි අවවාද කරල බෙහෙත් කලා. දැන් මට සුවයී.
ඔයාලත් මන් වගේ නොවී වෙලාවට බෙහෙත් බොන්න.

මම චූටිගෙදර අය චූටි කිවුවට ඩොක්ටර් නම් කිවුවෙ මන් ටිකක් තරබාරුයි කියල.කාලයක් තිස්සෙ මගේ බඩ ප්‍රදේශයේ තිබ්බ රෑශ් ඒකට බෙහෙ...
07/02/2023

මම චූටි
ගෙදර අය චූටි කිවුවට ඩොක්ටර් නම් කිවුවෙ මන් ටිකක් තරබාරුයි කියල.
කාලයක් තිස්සෙ මගේ බඩ ප්‍රදේශයේ තිබ්බ රෑශ් ඒකට බෙහෙත් ගන්තා. දැන් මට සුවයී.
බර පාලනය කරගන්න හැටි ඩොක්ටර් අපේ අම්මට කියනෝ මන් අහගෙන හිටියේ..මගේ කෑම වේල අඩුකරාවි කියල මට බයයි.

මගේ නම 'සුදුමහත්තයා'දවස් කීපයක ඉදල තද උණ තිබුනා. මුත්‍රා වල පාටත් වෙනස්.දොස්තර කීව මුත්‍රා ආසාදනයක් කියලා..හරි අමාරුවෙන්...
07/02/2023

මගේ නම 'සුදුමහත්තයා'
දවස් කීපයක ඉදල තද උණ තිබුනා. මුත්‍රා වල පාටත් වෙනස්.දොස්තර කීව මුත්‍රා ආසාදනයක් කියලා..හරි අමාරුවෙන් ලේ සාම්පලේකුත් ගත්තා.තිත්ත බෙහෙත් බොන්න මන් හරි අකමැතී..🐇🐇🐇🐇

-දිවි බේරගත් කලු පූස්-මෝටර් බයිසිකල් රියදුරකුගේ අපරික්ශාකාරී ධාවනය නිසා කලු පූස් හදිසි අනතුරකට භාජනය වී ඇති අතර වහා ඉක්ම...
04/02/2023

-දිවි බේරගත් කලු පූස්-
මෝටර් බයිසිකල් රියදුරකුගේ අපරික්ශාකාරී ධාවනය නිසා කලු පූස් හදිසි අනතුරකට භාජනය වී ඇති අතර වහා ඉක්මනින් අප සායනය වෙත යොමු කෙරුනා.
මූලික ප්‍රතිකාර ලබාගත් කලු පූස්ගෙ යටි හනුව අස්ථි බිදීමක් (Mandibular fracture / Lower jaw fracture)සිදුවී තිබුනා.
සාර්ථක සැත්කමකින් පසු යටි හනුව යතා තත්වයට පත් වුනා.ආහාර ගැනීමට අපහසුව සිටි කලු පූස් දැන් ටික ටික ආහාර ගන්නවා.
Royal Pets Care Animal Clinic

"Loki" Visited us for her first Vaccine            Royal Pets Care Animal Clinic
04/02/2023

"Loki" Visited us for her first Vaccine


Royal Pets Care Animal Clinic

Injection විදින නිසා හරි අකමැත්තෙන් එන ජෝඩුවක්.සැන්ටී 🐕බන්ටී🐕Royal Pets Care Animal Clinic  #0764900939
04/02/2023

Injection විදින නිසා හරි අකමැත්තෙන් එන ජෝඩුවක්.
සැන්ටී 🐕බන්ටී🐕
Royal Pets Care Animal Clinic
#0764900939

විදුලි රැහැන් අතර ගමන් ගත් වදුරන් දෙදෙනකු විදුලි සැර වැටී බිම ඇද වැටී සිට ඇති අතර  සත්ගුණවත් මිනිසුන් ඔවුන්ව අප සායනයට ය...
04/02/2023

විදුලි රැහැන් අතර ගමන් ගත් වදුරන් දෙදෙනකු විදුලි සැර වැටී බිම ඇද වැටී සිට ඇති අතර සත්ගුණවත් මිනිසුන් ඔවුන්ව අප සායනයට යොමු කලා.
මූලික ප්‍රතිකාර වලින් පසු තත්වය යහපත් අතට හැරුනා.
ගුණවත් මනුශ්‍යත්වයට ආචාරය

Its my first visit😍Not bad 🐕         0764900939
28/01/2023

Its my first visit😍
Not bad 🐕


0764900939

මට හොදටම පීනස (Feline Asthma)ඩොක්ටර් මට හුමාලය ආස්වාසය කරන්න දුන්න.දැන් මට සනීපයි.Feline Nebulizer  0764900939
15/01/2023

මට හොදටම පීනස (Feline Asthma)
ඩොක්ටර් මට හුමාලය ආස්වාසය කරන්න දුන්න.
දැන් මට සනීපයි.
Feline Nebulizer 0764900939

05/01/2023

බන්ටි අම්ම පළවෙනි බබාව එන්නත් වලට එක්කගෙන ආව. 🐱🐱

වේදනාවෙන් පෙලෙන සුනඛයින් ඔබ දැක තිබේද?
01/09/2022

වේදනාවෙන් පෙලෙන සුනඛයින් ඔබ දැක තිබේද?

🏥සුහදශීලි පශුවෛද්‍ය සේවාව🏥🥸උපදේශන සේවාවන්🐕බාහිර රෝගී අංශය 🐈🐩🐭🐹🐄💉එන්නත්කරණය📝සැත්කම්🚑ජංගම පශුවෛද්‍ය සේවාව♨️සත්ත්ව ආහාර සහ ...
01/09/2022

🏥සුහදශීලි පශුවෛද්‍ය සේවාව🏥

🥸උපදේශන සේවාවන්
🐕බාහිර රෝගී අංශය 🐈🐩🐭🐹🐄
💉එන්නත්කරණය
📝සැත්කම්
🚑ජංගම පශුවෛද්‍ය සේවාව
♨️සත්ත්ව ආහාර සහ විටමින
⚓️සත්ත්ව උපාංග
✂️සත්ත්ව ලොම් කැපීම්

කොට්ටාව, පන්නිපිටිය, මත්තෙගොඩ

#රෝයල් #පෙට් #කෙයාර් #සත්ත්ව #සායනය
#0764900939

ඔබේ සුනඛ සුරතලාටත් 🐕*ආහාර අරුචිය*නිද්‍රාශීලි බව*වරින් වර වමනය*පාචනය (ලේ මිශ්‍ර)   යන රෝග ලක්ෂණ  පවතී නම් හැකි ඉක්මනින් ව...
01/09/2022

ඔබේ සුනඛ සුරතලාටත් 🐕

*ආහාර අරුචිය
*නිද්‍රාශීලි බව
*වරින් වර වමනය
*පාචනය (ලේ මිශ්‍ර)

යන රෝග ලක්ෂණ පවතී නම් හැකි ඉක්මනින් වෛද්‍යවරයකු වෙත රැගෙන යන්න.
බොහෝ විට එම රෝගී තත්වය #පාවෝ වයිරස් රොගය විය හැක.

01/09/2022

සත්තු වත්තේ කලබලය...

මිනිසුන්ට විනෝදාස්වාදය සැපයීම වෙනුවෙන් සතා සිව්පාවාට එදා මෙදා තුර ගෙවීමට සිදුව ඇති වන්දිය අසීමිතය. සත්වෝද්‍යාන යනු මිනිසුන් සතුටු කිරීම වෙනුවෙන් වන්දි ගෙවන අහින්සකයන් ජීවිත කාලය පුරාවට රදවා තබා ඇති සිරමැදිරි සංකීර්ණයට මානුශීය මුහුණුවරක් දීමට එකතු කල අලංකාර වචනයකි. නිල වශයෙන් සත්වෝද්‍යාන ලෙස හැදිනුවද සාමාන්‍ය ජනතාව "සත්තු වත්ත" කියන්නේ සතුන් සිරකල තැනක් උද්‍යානයක් වන්නේ කෙසේදැයි මිනිසුන්ගේ සිත් තුල කුතුහලයක් නැඟෙන නිසා විය හැක.

සතුන්ට ආදරයෙන් සලකන, වදවී යන සතුන් සංරක්ෂණයට සුවිශේෂ දායකත්වයක් ලභා දෙන වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම සත්වෝද්‍යාන ලෙස සැලකිය හැකි තැන් ලෝකයේ සමහර ‍රට වලදී අපිට දකින්නට පුලුවන. සත්වෝද්‍යානයක සාර්තකත්වයේ මූලික පදනම වනුයේ සතුන්ට ආදරය කරන මිනිසුන් සතුන්ගේ වගකීම් දැරීමය. ඕනෑම දියුණු සත්වෝද්‍යානයකට සේවකයන් තේරිමේදී සතුන්ට ඇති ආදරය ඉහලම සුදුසුකම වනු ලබයි.

සත්වෝද්‍යානයක සිටින එවන් මිනිසුන් මුලින්ම අපට හමු වූයේ අපි පුංචි කාලේ ටයිටස් තොටවත්තයන්ගේ සුරුවිරුකමක් ලෙසින් රූපවාහිනීනිය හරහා අපේ ආලින්දයට ආ "පුංචි ඇත් පැටවා" චිත්‍රපටියේදීය.

1940 වසන්ත කාලයේ දිනක ඒ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වූ ශෝතා හා පශු වෛද්‍යවරයා නොයිවසිලෙන් සකුරා නම් ඇතින්න තම පැටවා බිහි කිරීමට සූදානම් වන අයුරු බලා සිටින දර්ශනයකින් චිත්‍රපටිය ඇරබේ. ඒ මොහොතේම ශෝතාගේ බිරිදද පලමු දරුවා බිහිකිරීමට විලි රුදාවෙන් පීඩාවිදින ලබයි. ඇයගේ වේදනාව බලා සිටීමට බැරිම තැන ශෝතාගේ මව ඔහුට දුරකතන ඇමතුමක් ගනී. විළිරුදාවෙන් පීඩාවට පත්වූ තම බිරිඳ ලඟ නොසිට අලි අම්මා ලඟට වී සිටින තම පුත්‍රයා ගැන ඇගේ ඇත්තේ තරහකි.

"දරුවා තවම ලැබුනේ නෑ කෑ ගහනවා අමාරුවට .. "

"ඒ උනාට අම්මයි වින්නබු අම්මයි ඉන්නවානේ ඒවා බලා ගන්න.. මෙහෙ මගේ ඇතින්න බලා ගන්න ඉන්නේ මං විතරයි..."

"අලි පැටියා ලොකුද තමන්ගේ දරුවට වඩා, මං අහන්නේ.."

"අලි පැටව් ලොකුයි..."

"මොනවා"

"පිරිමි ලමයෙක් ඉපදුනොත් ටාරෝ කියලා දාන්න.. ගැහැනු ලමයෙක් ඉපදුනොත් හනාකෝ කියලා දාන්න...මගේ අලි පැටියට නම් දාන්නෙත් එහෙමමයි.."ඔහු කියූ පරිදිම එදින ඉපදුන පුතා තාරෝ වූ අතර ඇත් පැටවා හනාකෝ විය. චිත්‍රපටිය දිවෙන්නේ හනාකෝ වටාය.

කාලයත් සමඟ ඇවිලී ගිය දෙවන ලෝක යුද්ධය හමුවේ ආහාර හිඟයකට මුහුණ දීමට ජපානයට සිදු විය. මේ තත්වයට යම් හෝ සහනයක් සොයා සත්වෝද්‍යාන වල සතුන් මරා දැමීමට එරට රජය තීරණය කරයි. සතුන් මරා දැමීමට එන යුධ හමුදා නිලදාරීන් හමුවේ නිර්භීතව සටන් කරමින් හනාකෝ හා සකුරා බේරා ගන්නට ශෝතා ඇතුලු පිරිස වෙහෙසෙන හැටි අපූරුවට ඉස්මතු කල ඒ කතාව නෙතට කදුලක් එකතු කල අපූරු මතකයකි. අසූව දශකයේ පුංචි ඇත් පැටවා හරහා අපිට හමුවූ ශෝතා වැනි ආදරණීය මිනිසුන් සිටින සත්වෝද්‍යාන පිලිබද අපේ සිතේ ඇති වන්නෙ ගෞරවයකි. ආදරයකි

නමුත් අවාසනාවකට අපේ රටේ සත්වෝද්‍යාන ගැන එලෙස ආදරයකින් දකින්නට පුලුවන් පරිසරයක් තිබුනේ නැත.

මුදල් ඉපයීමේ පරම චේතනාවෙන් සතුන් ගාල් කල තැනකට එහා කිසිවක් අපේ සත්වෝද්‍යාන තුල දකින්නට තිබුනේ නැත. ඉන් එහාට යමක් කරන්නට සැබෑ උවමනාවක් පාලකයන්ගෙන් අප දුටුවේ නැත. මුදල් වලට අමතරව තමන්ට දේශපාලනයේදී සහය වූ අයට රැකියා සපයන රැකියා උල්පතක් සේ ඔවුන් ඒවා දකින්නට විය.

ඒ නිසාම ඒ ආයතන පිරුනේ සතුන්ට ආදරය කල අයගෙන් නොව දේශපාලන හිතවතුන්ගෙනි. ඉන් සමහරෙකුට සත්වෝද්‍යාන යනු තමන්ගේ පඩිය සපයන ආයතනය පමනක්ම විය. තවත් සමහරු සතුන්ට වෙන් කරන ආහාර සලාකය පවා ධන උල්පතක් කරගන්නට පසුබට වූයේ නැත. මේ සියලු කාරනා වල ප්‍රතිඵලයක් ලෙස සත්තු වත්ත යනු තවත් එක් රාජ්‍ය ආයතනයක් පමණ්ක්ම විය. අපි පොඩි කාලේ ආසාවට සත්තු වත්තට ගියා සේම අපේ දරුවනුත් එක්කන් ගියාට ඇත්තටම ඒ සතුන් සිටිනා අන්දම ගැන කිසි පැහැදීමක් ඇති වන්නේ නැත.

ප්‍රියසාද් එදිරිවර්ණ නම් වූ අපූරු පශු වෛද්‍යවරයා සමාජ මාද්‍ය ඔස්සේ ඇස ගැසෙන්නේ ඔය අතරය.

අපි කූඩුව ලඟටවත් ලංවන්නට බය අලි කොටි සිංහයන් සමඟ පොඩි එකෙක් මෙන් සෙල්ලම් කරමින් , කතා කරමින් රිදියාගම සෆාරි උද්‍යානයේ සතුන් රැක බලා ගන්නා ආකාරය දකින විට මේ තරුණ පශු වෛද්‍යවරයා පිළිබද මහත් ස්නේහයකින් හදවත පිරී ඉතිරෙන්නට විය. ඔහු පශුවෛද්‍ය ව්ර්තිය අලුත් මානයකට ගෙන යෑමට සමත්වූ අති දක්ශයෙකි. නිදහස අහිමිව කූඩුව තුල තනිකමෙන් ඒකාකාරී ජීවිතයකට උරුම වී සිටින සතුන්ට ඔහු ආදරණිය මිතුරෙකු, සහෝදරයකු වී තිබුණි. අලුත උපදින පැටවුන්ට ඔහු ආදරණීය පියෙකු වී තිබුණි. ඔහුගේ එම ආදරය, කරුණාව එම සතුන්ගේ මානසික ආතතිය යම් තරමකට හෝ සමනය කරවන දිව්‍යමය මැදිහත් වීමක් වූ බවට සැකයක් නැත.

ඔහුගේ ක්‍රියාකාරීත්වය සතුන්ගේ යහපතට පමනක් නොව සත්වෝද්‍යාන සම්බන්දයෙන් මහජනතාවගේ දැක්ම වෙනස් කිරීමටද හේතු විය. ඔහුගේ භූමිකාව හරයා සත්වෝද්‍යානය තුල සතුන් වෙනුවෙන් ඉමහත් කැපවීම් කරන අනෙක් සේවකයන් ගැන ද සමාජයේ අවධානයට ලක් විය. දේශපාලන පත්වීම් ලෙස රජයේ සේවයට එක් වී තිබුනද සතුන් වෙනුවෙන් අසීමිතව කැප වූ තවත් බොහෝ පිරිසක් මේ ආයතන තුල සිටින බව සමාජය දකින්නට පටන් ගත්තේද ප්‍රියසාද්ගේ ප්‍රතිරූපය හරහාය. රිදියාගමට පමණක් නොව සමස්ත දෙපාර්තමේන්තුවටම ඔහු සන්නාම තානාපතිවරයෙක් විය.

එසේ රටේ බොහෝ දෙනෙකු දැන හදුනාගෙන සිටි ආදරය කරුණාව හා නිර්භීතබවෙන් පිරුණු උණුසුම් හදවතක් පෙරදැරිව සතුන් රැක බලාගන්නා වෛදය් ප්‍රියසාද්ට එම ආයතනයේම ක්‍රියාත්මක ව්ර්තීය සමිතියක සාමාජික පිරිසක් විසින් පහර දුන් බව දැන ගත් මොහොතේ ඇති වූයේ මහත් කලකිරීමකි.

"මල්ලි, එක එකාගෙන් ගුටි කාලා මේ මඟුලේ ඉන්න එපා.. උබේ හැකියාවට වටිනාකමක් තියෙන තැනකට පලයන්.." මේ නොදුටු මිතුරා හමු වුවහොත් මම මුලින්ම කියන්නේ ඒ කතාව බවට සැකයක් නැත. ඔහුට අති දුශ්කර රිදියාගමට වී සිටිනවාට වඩා නගරයකට ආවොත් ලොකු ආදායමක් ලැබිය හැක. පිට රටකට ගියොත් නම් ගොඩේ ගොඩය. ඔහු සතුන් සමඟ ගනදෙනු කරන ආකාරය දකින ලෝකයේ ඔනෑම සත්වෝද්‍යානයක් ඉහලම මිලක් ගෙවා ඔහුගේ සේවය ලබා ගන්නා බවට සැකයක් නැත. එහෙව් පසුබිමක ගුටි කමින් "රිදියගම හිටපන්" කියන්නට මගේ දිවනම් නැමෙන්නේ නැත.

මම කිව්වත් නැතත් ඔහු සමහර විට දිනපතා කිලෝමීටර් ගණනින් දික් වෙන පාස්පෝට් පෝලිමට එකතු වනු ඇත. මේ විදියට කැපවීම උනන්දුව උවමනාව ඇති ප්‍රියසාද්ලා වැනි මිනිසුන් රටට අහිමි වන විට අපේ රටේ අනාගතය කොයි ලෙස විසදෙනු ඇතිද? අපි කිසිවෙකුට ඔහු වෙනුවෙඅට ආදේශකයකු වීමට හැකියාවක් දක්ශතාවයක් නැත. ප්‍රියසාද් ට රටින් පලයන් කියා කීවත් ප්‍රියසාද් වගේ මිනිස්සුන්ට රට එපාමරවන මේ මජර සංක්ර්තිය වෙනස් කර ගත යුතුව ඇත. එය ඉබේ වෙනස් වන්නේ නැත. ඒ වෙනුවෙන් හඬ නැගිය යුතුය.

අපි සමාජයක් ලෙස සංවේදී විය යුත්තේ ප්‍රියසාද් නම් පශුවෛද්‍යවරයාට පහර දීම සම්බන්ද ප්‍රශ්නයක් පමණක් නොව රටේ අනාගතයටත් බලපාන මැර සංක්තියේ තවත් එක් පියවරක් නිසාය. මෙසේ රාජ්‍ය ආයතන තුල පහරදෙන සංක්‍ර්තිය මෙන්ම එවන් ප්‍රහාර හමුවේ මුනිවත් රකින පාලනාධිකාරියටත් එරෙවත් හඬ නැගිය යුතුව ඇත.

එසේම ආයතනයක සේවකයන් එකිනෙකා මරා ගන්නා සංකෘතිය වෙනුවට හැම කෙනාම එකම අරමුනකින් සහෝදරත්වයෙන් යුතුව සේවය කරන ආයතනයක් නිර්මානය වෙනුවෙන් වගකිව යුතු සියලු දෙනාටම කැපවන ලෙස බලකිරීමටද මෙය අවස්තාවක් කල යුතුව ඇත. එසේ නොමැති උවහොත් දැනටත් දුක් විදින සතුන්ගේ ජීවිත තවදුරටත් අන්දකාරයේ ගිලී යනු ඇත.

01/09/2022

ජලභීතිකාව මාරාන්තිකයි... එන්නත් කර එය වලකමු.. 🙏🙏🙏

රටේ පවතින තත්වය මත වෙනත් මාතෘකා (දේශපාලන) පිළිබඳ ලියනන්ට වැඩි කාලයක් ගත වූ බැවින් පශු වෙද සිතුවිලි වෙනුවෙන් ලිවීම මඟ හැරී ගොස් තිබුණි. මගේ මිතුරෙකුගෙන් ජලභීතිකාව ගැන විමසා ඇමතුමක් ලැබුන දිනයේ ජලභීතිකා එන්නත් කිරීම ගැන ලියනන්ට සිතුවේ එහි භයානකකම මෙවන් කලබලකාරී කාලයකවත් අතපසු කල නොකලයුතු නිසාමය.

තමන් ඇති කරන සුරතල් බල්ලෙකුට නිසි කලට ජලභීතිකා එන්නත් ලබා නොදීම දරුණු අතපසුවීමකි. එම අතපසු වීමට වන්දිය ඔබගේ හෝ වෙනත් සමීපතමයකුගේ ජීවිතය විය හැක.

ඔබ දන්නා පරිදි ජලභීතිකා රෝගයට ගොදුරු උවහොත් ප්‍රථිකාර නැත. මරණය නියතය. ඒ නිසාම බල්ලෙකු සපෑ කෑ විගස තුවාල සබන් යොදා ගලන ජලයෙන් ඉතා හොඳින් සෝදාගැනීමෙන් පසු හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත් ය. ඔබේ වෛද්‍යවරයා කල යුතු දේ ගැන නිසි උපදෙස් ලබා දෙනු ඇත.

එසේම ඔබේ සුරතලාට නිසි ලෙස එන්නත් කිරීම මඟින් රෝගය 100%ක්ම වලක්වා ගත හැකි අතර ඒ හරහා ඔබට රෝගය බෝවීමත් වලක්වා ගැත හැක. ඒ නිසාම නිසි කලට ඔබගේ සුරතලා එන්නත් කිරීම ඉතාමත් වැදගත් වේ.

රටේ මේ මොහොතේ උද්ගතව ඇති දේශපාලන, ආර්ථික අර්බුද‍ය හමුවේ නිසි ලෙස එන්නත් කර ගැනීම අභියෝගයක් වී ඇති බවට සැකයක් නැත.

ඔබ සමහරකගේ ආදායම් මාර්ග ඇහිරී ගොස් තිබෙන අතර වියදම් විශාල ලෙස ඉහල ගොස් ඇත.. අනෙක් හැම දේකම මෙන් එන්නත් මිල ගණන්ද ඉහල ගොස් ඇත. ප්‍රවාහන වියදම්ද පෙරට වඩා බොහෝ සේ ඉහල ගොස් ඇති බැවින් විශේෂයෙන්ම ත්‍රීරෝද රථයමින් සත්ත්ව සායනයකට ගෙන යාම පහසු නැත. තවද නොමිලේ සිදු කරන එන්නත් වැඩසටහන් වල යම් කඩා වැටීමක් තිබෙන්නට පුලුවන.

මෙකී නොකී බොහෝ හේතු මත ඔබගේ සතා නිසි ලෙස එන්නත් කර ගැනීම අන් කවරදාටත් වඩා අභියෝගත්මක හා දුශ්කර බවට විවාදයක් තිබිය නොහැක.
එනමුත් මේ දුශ්කර අවස්ථාවේ ඔබෙන් ආදරයෙන් ඉල්ලා සිටින්නේ කෙසේ හෝ ඔබේ සුරතලාට නිසි කලට ජලභීතිකා එන්නත ලබා දෙන් ලෙසය. 🙏🙏🙏

ජලභීතිකාව යනු ඔබේත් මගේත් විශේෂයෙන්ම අපේ රටේ පොඩි දරුවන්ගේත් ජීවිත බිලි ගන්නට දත් විලිස්සා සිටින මුර්ගයෙකි. ඒ මුර්ගයාට එකම ජීවිතයක් හෝ බිලි ගන්නට ඉඩ නොතබමු. අපේ සුරතලා නිසි කලට නොවරදවා එන්නත් කර ගමු. හැමෝම දැනුවත් කරමු. 👍

පසු සටහන: දළදා වීදියේ බේක් හවුස් එක ඉස්සරහට වී කවුරුන් හෝ කන්නට යමක් අරන් දෙන තුරු ඉවසීමෙන් බලා සිටින මේ පිංතූරයේ ඉන්න මිත්‍රයා හා මේ කතාව අතර සෘජු සම්බන්දයක් නැත.. 😍

01/09/2022
Happy Sinhala and Tamil New year!
14/04/2021

Happy Sinhala and Tamil New year!

07/04/2021

Vacancy for full time/ part time veterinary surgeon at Royal Pets care Kottawa.
Attractive salary will be given.
Contact 0713174424/ 0764900939

Pedigree stocks now available at Royal Pets Care Animal Clinic
08/03/2021

Pedigree stocks now available at Royal Pets Care Animal Clinic

Meet baby Shaggy !
25/02/2021

Meet baby Shaggy !

Address

Horana Road, Pelanwatta
Kottawa
10230

Opening Hours

Monday 16:00 - 21:00
Tuesday 16:00 - 21:00
Wednesday 16:00 - 21:00
Thursday 16:00 - 21:00
Friday 16:00 - 21:00
Saturday 17:00 - 21:00
Sunday 17:00 - 21:00

Telephone

+94764900939

Website

Alerts

Be the first to know and let us send you an email when Royal Pets Care Animal Clinic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Royal Pets Care Animal Clinic:

Videos

Share

Category

Nearby pet stores & pet services


Other Veterinarians in Kottawa

Show All