North Western Pigeon Lofts

North Western Pigeon Lofts NORTH WESTERN PIGEON LOFTS [ NWPL ]

Our main perpose is breeding exellant timing pigeons for Tour

බූට් නැති බූට් මකුස්
20/01/2023

බූට් නැති බූට් මකුස්

බූට් මකුස්
20/01/2023

බූට් මකුස්

10/12/2022

Making a perfect and eazy Single bird Traning box

23/09/2022

මකුස් ලස්සනට හදන ඒවා 😍😍😍

මකුස් වංශේ පාට පහක් 😍😍
23/09/2022

මකුස් වංශේ පාට පහක් 😍😍

23/09/2022

Pigeon Flight Training

Sri lankan Tiplers - බූට් මකුස් ඇස් සුදු 😍😍😍
23/09/2022

Sri lankan Tiplers - බූට් මකුස් ඇස් සුදු 😍😍😍

27/08/2022

කසාද බැඳපු පරව්කරැව⁣න්ගේ පවුල් ජීවිතේ 🤣😁😥😁🤣😥

Pakisthan High Flyers from NWPL
20/05/2022

Pakisthan High Flyers from NWPL

Indian Keeran from NWPL
19/05/2022

Indian Keeran from NWPL

සුදු කීරාන් Breeders From NWPL
19/05/2022

සුදු කීරාන් Breeders From NWPL

06/05/2022

HIGH FLY/MID FLY/ LOW FLY ALL @ ONCE

Boot Makus Sri Lankan High Flying Tiplers 🇱🇰  From NWPL
02/05/2022

Boot Makus Sri Lankan High Flying Tiplers 🇱🇰 From NWPL

Indian newbies from NWPL 2022
30/04/2022

Indian newbies from NWPL 2022

Holland from NWPL
18/03/2022

Holland from NWPL

2022 Newbies
18/03/2022

2022 Newbies

2022 New Generation 😍
18/03/2022

2022 New Generation 😍

2022 Harvest From NWPL
18/03/2022

2022 Harvest From NWPL

Siblings boot makus   / බූට් මකුස් සොහොයුරන්
17/03/2022

Siblings boot makus / බූට් මකුස් සොහොයුරන්

HOLLAND FROM NWPL
17/03/2022

HOLLAND FROM NWPL

බූට් නැති, බූට් මකුස් ඇස් සුදු
16/03/2022

බූට් නැති, බූට් මකුස් ඇස් සුදු

MEMORIES
07/03/2022

MEMORIES

MEMORIES JACOBEAN
07/03/2022

MEMORIES JACOBEAN

MEMORIES
07/03/2022

MEMORIES

Memories
07/03/2022

Memories

SIRIMA YOUNGESTERS FROM NWPL
17/02/2022

SIRIMA YOUNGESTERS FROM NWPL

17/02/2022
14/02/2022

Feeding Time Evenings Full Diet With Helthy Grits

14/02/2022

Showering time

LOFT TRAINING - EVENING 😁
12/02/2022

LOFT TRAINING - EVENING 😁

Loft Traning step 01
11/02/2022

Loft Traning step 01

LOFT TRANING - DAY TIME
11/02/2022

LOFT TRANING - DAY TIME

සුදු ෆෑන්ටේල් / චයිනීස් බූට්ස් හරි [ෂෝ කොලිටි/ Show Qulity ] ⁣හොඳ තත්වයේ ඉන්න ජෝඩු කීපයක් අවශ්‍යයි.කුරුණෑගල නගරය ආසන්නව ...
10/02/2022

සුදු ෆෑන්ටේල් / චයිනීස් බූට්ස් හරි [ෂෝ කොලිටි/ Show Qulity ] ⁣හොඳ තත්වයේ ඉන්න ජෝඩු කීපයක් අවශ්‍යයි.කුරුණෑගල නගරය ආසන්නව තිබුනොත් ගොඩාක් ලේසියි.එහෙම නැතිනම් ඩිලිවරි කරන්න පුලුවන්නම් අවුලකුත් නෑ.ඉන්න අය මේ පෝස්ට් එකට එයාලගේ පොටොස් දාන්න.⁣නැතිනම් මැසෙන්ජර් හෝ වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න...

08/02/2022

Pigeon Flying Traning

ඔයාගෙත්  පරවි ⁣පුරැදු කරද්දී නැතිවෙනවාද..?එහෙනම් මේක කියවන්න 01 කොටස මෙතනින්  https://www.facebook.com/104754822041096/p...
30/01/2022

ඔයාගෙත් පරවි ⁣පුරැදු කරද්දී නැතිවෙනවාද..?එහෙනම් මේක කියවන්න

01 කොටස මෙතනින්

https://www.facebook.com/104754822041096/posts/129698179546760/

02 කොටස

අන්න ඊට පස්සේ අර ගෙදර හුරැ කාපර් පරවි දෙකත් එක්ක පැටවු දෙකක් දාන්න එක දවසක් ඒ කරලා විනාඩි පහක් දහයක් උඩ ඉන්න දීලා වහලෙට සත්තු දාලා අර පැටවි ටික බස්සගන්න.ඊලඟට පුලුවන් තරම් ඉක්මනටම අර බැහැපු සත්තු ටික.කූඩුවට ගන්න එක.තමයි ඊලඟ වැඩේ.ඒකට කෑම වෙලාවට පොඩි විසිල් එකක් එහම ගහලා ඔයාට ආවේනික ක්‍රමයක් හදාගන්න සත්තු කූඩුවට ගන්න.

ඊලග දවසේ තව පැටියෙක් දෙන්නෙක් දාන්න අර කාපර් පරවි දෙකත් එක්ක.ඒකරලා යටින් පරවි දාලා අපහු අර විදිහටම වහලෙට බස්සලා ඉක්මනටම කූඩුව ඇතුලට ගන්න.මෙහෙම ඔයා ලඟ ඉන්න පරව් ඔක්කොම පුරැදු කරපුවාම ඔයාට පුලුවන් ඔයාගේ එලවන පරව් සෙට් එකම එකට වහලෙට දාලා එයාලව එලවන්න.

මේ කාලයේදී අර මුලින් දුන්නු කෑම ප්‍රමාණයටවඩා චුට්ටක් වැඩිපුර කෑම දෙන්න.කෑම දීලා වතුර දීලා වතුර එක අයින් කරන්න.දැන් එයාලව එලියට දාලා වහලෙට ගියාම ප්ලාස්ටික් බොතලයක් දාන්න බයවෙලා නිකන්ම උඩ යනවා එයාලා.ඊට පස්සේ එයාලට ටිකක් පැය භාගයක් විතර ඉන්න දීලා සත්තු දාලා ආපහු එයාලව බස්සගෙන ඉක්මනට කූඩුවට ගන්න.

අපහු පහුවදා මේ විදිහටම පැයක් විතර එලවලා යටින් සත්තු දාලා බස්සගන්න.මේ විදිහට සතියක් විතර යද්දී ඔයාට බලන්න පුලුවන් ⁣සතුන් වෙනම වෙනම පියාසර රටාවන් කීපයකට යනවා උඩින් පාතින් දුර යනවා එහෙම.එයාලව වෙන වෙනම අඳුනගන්න එක තමයි ඊලඟ ප්‍රථම රාජකාරීය.ඒකට මොකක් හරි ක්‍රමවේදයක් හදාගන්න.

ඊට පස්සේ රෑට කෑම දෙද්දී හොඳ ගුනාත්මක කෑම එකක් ගොජුර පිරෙන්න දෙන්න.ඒකරලා වතුර දෙන්න හොඳට බොන්න.ඒකරලා එලවන්න පැය දෙකකට කලින් ගොජුරට මිලි දහයක් විතර වතුර ටිකක් ගහන්න එලවන පරවි පැටවුන්ට සිරින්ජරයක් ආධාරයෙන්.මේක පසුව ටික ටික වැඩි කරන්න ක්‍රමයෙන් උපරිම මිලි 20ත් 30ත් අතර ප්‍රමාණයක් දක්වා ඔබගේ සතුන්ගේ ශරීර ප්‍රමාණය අනුව.

පස්සේ අර වෙන වෙනම යන සත්තු වෙන වෙනම එලවන්න.ඒ කියන්නේ මමනම් ගොඩාක් දුරට යෝජනා කරන්නේ එකම වංශයක එකම මුරේ පැටවු එකට එලවන්න එතකොට ඔයාට සාර්ථක පියාසර කාලයක් ගන්න පුලුවන්.⁣

⁣එහෙම නැතිනම් ඔයාගේ කූඩුවේ ඉන්න හොඳට ටයිම් කරන එකම වංශයේ මහා සතෙක් එක්ක ඒ වංශයේම පැටවු දෙකක් එලවන්න.එතකොට ගොඩාක් සාර්ථක ප්‍රථිපල ගන්න පුලුවන්.ඔයාලා ගොඩාක් තැන්වල දැකලා ඇති පරවි සතුන් දකිද්දී බිමට බහිනවා ඒක එදාට විතරක් කරන දෙයක් නෙවෙයි ඒක ක්‍රමානුකූලව පුරැදු පුහුනු කරන දෙයක් ⁣මේකට ඔයාගේ සතුන් හරියට පුරැදු කරගත්තෝත් පාතින් වහලෙට සතුන් දානකන් ඔයාගේ සතුන් උඩ ඉන්න ගානට හදාගන්න පුලුවන්.

මේ අවුරැදු ගානක අත්දැකීමි ගොඩක් කෙටි කරලා තමයි ඔයාලගේ දැනුම වැඩි කරගන්න ලියුවේ මේක මම පාවිච්චියට ගන්න එක පොදු ක්‍රමයක් විතරයි.මේ වගේ ක්‍රම ගොඩාක් තියෙනවා නමුත් පොදුවේ ගත්තාම මේක ඕනම පරවියෙකුට ඉතාමත් සාර්ථක ක්‍රමයක්.මීට අමතරව දැනගන්න දෙයක් තියෙනවානම් කමෙන්ට් එකක් දාන්න.එහෙම නැතිනම් මැසෙජ් එකක් දාන්න මේත් එක්කම මගේ වට්ස්ඇප් එකත් ඇටෑච්කරනවා ඒකට මැසේජ් එකක් දාන්න.පුලු පුලුවන් විද්හට හැමෝටම රිප්ලයි එකක් දානවා අනිවාර්යයෙන්ම .

ඒ වගේම මේක ශෙයාර් කරන්න හැමෝටම බලන්න.වැරදි අඩුපාඩු තියෙනවානම් ඒවාත් දාන්න මම කැමතියි ඒවා හදාගන්න.ස්තුතියි

එලවන්න ගැලපෙන සතුන් තොරගන්න විදිහ වෙනම ලිපියකින් කතා කරමු

NWPL by සභාපති මෙහි කතෘ අයිතිය සම්පූර්ණයෙන්ම මා සතු වන අතර අවසරයකින් තොරව උපුටා දැක්වීම තහනම්.

ඔයාගෙත්  පරවි ⁣පුරැදු කරද්දී නැතිවෙනවාද..?එහෙනම් මේක කියවන්න 01 කොටසමම දවස් කීපයක්ම දැක්කා සත්තු නැති වෙන එක ගැන එක එක්ක...
30/01/2022

ඔයාගෙත් පරවි ⁣පුරැදු කරද්දී නැතිවෙනවාද..?එහෙනම් මේක කියවන්න

01 කොටස

මම දවස් කීපයක්ම දැක්කා සත්තු නැති වෙන එක ගැන එක එක්කෙනා පෝස්ට් දාලා තිබුණා කීපයක්ම ඒකයි මේ ටික ලියන්න හිතුණේ.

මුලින්ම සතුන් එලවන්න පුරැදු කරන්න වහලෙට දාන්න කලින් මව් සතුන්ගෙන් වෙන් කරපු පරවි පැටව් ටික හොඳට නාවලා එහෙම ඔයාගේ කූඩුවේ වට පිටාව සහ වහලය හොඳට පේන විදිහට පොඩි දැල් කුඩුවක දාලා තියන්න ටික ටික සතියක් විතර.පුලුවන් කමක් තියෙනවානම් ටිකක් උසට ඇන්ටනාවක් හදලා ලණුවක් මඟින් අර දැල් කූඩුවේ දාලා පරවි පැටවු ටික එල්ලලා තියන්න.එක සතෙකුට අඩියක් උස දිග පළල කෑල්ලක් ප්‍රමාණවත්.මොකද ඒකේ සම්පුර්ණ දවසම දාලා තියන්නේ නැති නිසා.

මෙතනදී හොඳට මතක තියාගන්න එයාලට වද දෙන්න එපා ඒ කියන්නේ පොඩි පැටවුන්ට කෑම වතුර නැතිව තද අව්වේ ගොඩ වෙලාවක් තියන්න එපා.එයාලව ටික ටික පියවරෙන් පියවර හුරැ කරන්න අව්වට වගේම කෑම වතුර නැතිව ඉන්න.නැතිනම් පැටවු ටික දුර්වල වෙන්න පුලුවන් වගේම පස්සේ එයාලා යන්නම යන්නත් ඉඩ තියෙනවා.

ඊට පස්සේ ඔයාට පුරැදු කරන්න ඉන්න සතුන් ගාන අනුව ඔයාට පුලුවන් විදිහට එයාලට ⁣තවත් වෙනම දැල් කූඩුවක්,රන් එකක් හෝ පොඩි කොටුවක් හදාගන්න.මොකද එයාලව මව් සතුන්ගෙන් වෙන් කරලා ති⁣යන එක ඉතාමත් වැදගත්.
මෙතනදී හොඳට මතක තියාගන්න කොච්චර හොඳ කොටුවක් තිබුනත් වැඩක් නෑ හොඳ වංශවත් සතුන් ව⁣ගේම එයාලට නිවැරදී පුහුනුවක් සමඟ හොඳ පෝෂණයක් සහිත කෑම එකක් සහ විටමින් ටිකක් දෙන්න බැරිනම්.මොකද අන්තීමේදී කොටුව නෙවෙයි උඩයන්නේ අපේ පරවි ටික.එයාලට ආරක්ෂිතව නිරෝගීව ඉන්න පුලුවන් හොඳට අවට වටපිටාව පේන කූඩුවක් තිබුණානම් හොඳටෝම ඇති.ඒ නිසා මුලින්ම බරටම වියදම් කරලා ලොකු රන් එකක් ගහන්න හදන්න එපා ඒ සල්ලි වලටත් එයාලට හොඳම ඇට කෑම එකක් විටමින් වර්ග ටිකක් දෙන්න බලන්න.මොකද ඉස්සර බත් පාන් දීලා සත්තු එලෙව්වාලු දැන් එහෙම කරන්න අමාරැයි.මටනම් ඒක වැඩ කරේ නෑ.ඒකයි

අපි දැන් අපේ එලවන සතුන්ට කෑම දෙන්න ඕන රෑට විතරයි හවස හත අට කාලය හොඳටෝම හොඳයි.කෑම උනත් මුල දවස් ටිකේදී ගොජුර පිරෙන්නම දෙන්න එපා එයාලව නිරෝගීව තියාගන්න පුලුවන් ගානට විතරක් කෑම දෙන්න. කෑම කෑවට පස්සේ වතුර දීලා වතුර භාජනය අයින් කරන්න එච්චරයි එයාලට වතුර දෙන්නේ දැනට මුලු දවසටම.

එයාලව එලවන්න පුරැදු කරන කාලයේදී විතරක් නෙවයි මහා සතුන් පෙයාර් කරන කාලයේ ඉඳලම පැටවුන්ට කවන කාලය අතරතුරත් හොඳ ඇට කෑම එකක් විටමින් ටිකක් දෙන්න බලන්න.එතකොට එයාලට අවශ්‍යය පෝෂනය මව් සතුන්ගෙන් ඉඳලාම එනවා.මේක ඔයාලට ලොකු වාසියක් හොඳ ටයිමකට යන්න නම්.

ඊට පස්සේ හොඳට ගෙදර හුරැ කාපර්වෙච්ච මහා සත්තු දෙන්නෙක් තුන් දෙනෙක් එක්ක තටු පහක් විතර ටේප් කරලා අර හදපු දැල් කූඩුවේ,රන් එකේ දාලා තියලා පහුවදා උදේම කූඩුව ඇරලා කූඩුවෙන් එලියට බඩ ඉරිඟු ඇට ටිකක් දාන්න .ඊයේ රෑ දුන්නු කෑම ටික ප්‍රමාණය දිරවලා නිසාත් එයාලගේ දැඩි බඩගින්න නිසාත් එයාලා නිකන්ම එලියට එනවා අර කෑම ටික දැක්ක ගමන්.

එහෙමම වැඩිය කෑම නොදා එලියේ ඉන්න දෙන්න ටික වෙලාවක් ඉඳලා වහලෙට යයි.එතකොට ආපහු බිමට කෑම ටිකක් දාලා අපහු සත්තු ටික බිමට බාගන්න.ඒකරලා කූඩුවට කෑම ටිකක් දීලා වතුර ටිකක් දීලා ආපහු වතුර එක අයින් කරන්න.මේ විදිහට සතියක් විතර කරන්න.එතකොට එයාලා නිකන්ම කූඩුවයි වහලයයි පුරැදු වෙනවා.

ටේප් කරන තටු ගාන තීරණය කරන්න ඕන ඔයා මොකද මම දැකලා තියෙනවා සමහර සතුන් කල්ලි හය හත ඊගල් පිටින් ඉස්සෙනවා යම් තාක් දුරකට .ඒ නිසා ඔයාගේ ගෙදර වහලෙට විතරක් යන්න එන්න පුලුවන් ගානට ටේප් කරලා සතුන් එලියට දාන්න.නැතිනම් අහල පහල ගෙවල් වලට යන්න පුලුවන්.එහෙම නැතිනම් ගස්වලට බාන්න පුරැදු වෙන්න පුලුවන්.

එහෙම දාලා සතියක් විතර තියන්න ඊට පස්සේ ටේප් ලෙහලා අර මම කියපු ඔයාගේ ගෙදරට කාපර් වෙච්ච පරවි දෙතුන් ⁣දෙනා එක්ක පැටවු ටික වහලෙට දාන්න.එහෙම දාද්දී පැටවු 10ක් 15ක් විතර එකට දාන්න එපා පැටවු උපරිම පහක් හයක් වගේ දාන්න.

එහෙම නැතිව තටු දීලා එක පාරටම පැටවු ගොඩාක් වහලෙට දැම්මොත් නිකන් හරි කලබල උනොත් එයාලා නැතිවෙන්න තියෙන අවස්ථාව වැඩී ඒකයි.කීප දෙනෙක් හිටියොත් අර ගෙදර හුරැ මහාසතුන් එක්ක ශේප් එකේ ඉස්සිලා ආපහු වහලෙටම බහිනවා.මෙහෙම දවස් කීපයක් කරලා අවට වට පිටාව හොඳට හුරැ උනාට පස්සේ එයාලව වහලේ ඉද්දී පොඩි ප්ලාස්ටික් බෝතලයක් හෝ බෝලයක් දාන්න වහලෙට.එතකොට එයාලා ඉස්සිලා වටයක් දෙකක් කැරකිලා ගෙදරටම බහිනවා ආපහු.

02 කොටස මෙතනින්
https://www.facebook.com/104754822041096/posts/129698539546724/

NWPL by සභාපති මෙහි කතෘ අයිතිය සම්පූර්ණයෙන්ම මා සතු වන අතර අවසරයකින් තොරව උපුටා දැක්වීම තහනම්.

ඔයත් පරවි හදනවද .? එහෙනම් මේක අන්වාර්යෙන්ම කියවන්න..පරවි පැටවුන් බෝ කිරිමට  උපදෙස්Slobodan Brkic විසිනි.සිංහලට පරිවර්තනය...
28/01/2022

ඔයත් පරවි හදනවද .? එහෙනම් මේක අන්වාර්යෙන්ම කියවන්න..

පරවි පැටවුන් බෝ කිරිමට උපදෙස්
Slobodan Brkic විසිනි.

සිංහලට පරිවර්තනය From NWPL by සභාපති

‌කිසිවිටෙක පරව්යන් තරඟ සඳහා පුරැදු පුහුනු කරන කාලයේදී කූඩුවේ අලුත් වැඩියාවන් සිදු නොකරන්න, එම කාලය අතර තුර දී පරවියන් වෙනත් කූඩුවකට ගෙන නොයන්න.

‌ඉතාමත් හොඳ පියාසර කාලයක් සහිත පැටවුන් ලබා දුන්නද එකම මව් පිය යුවළ වසර ගණනාවක් එකට තබා පැටවුන් ලබා ගන්න එපා. දිගු කලක් එකට සිටි මව් පිය යුවළක් හොඳ පැටවුන් කිහිපයක් හැරුණු විට ඉතාමත් දුර්වල පියාසර කාලයක් සහිත පැටවුන් ලබා දීම නිතරම සිදු වේ.

‌කිසි විටෙක හිස් අභිජනන පෙට්ටි විවෘතව නොතබන්න,ඉන් ඔබට පසුව ගැටළු ඇති වේ. අනෙකුත් පරෙවියන් එම හිස් ⁣බ්‍රීඩිංග් පෙට්ටි වලට ගොස් රණ්ඩු කරන අතර තුර ඔවුන්ගේ බිත්තර කැඩි බිඳි යනු ඇත.

‌එලවන පරවියන්ට පමණක් සලකමින් මුදල් ඉතිරි කිරීමට උත්සාහ නොකරන්න. ඔබට විටමින් ප්රතිකාර කිරීමට අවශ්ය නම්, සෑම කෙනෙකුටම සලකන්න.

‌තමන්ගේම වෙබ් අඩවියක් සහ හොඳ ප්‍රසිද්දියක් ඇති තරඟකරුවන්ට පමණක් හොඳ පරවියන් ඇතැයි සිතන්න එපා. බොහෝ අවස්ථාවලදී සිදුවන්නේ එහි ප්‍රතිවිරැද්ධ දේයි.( පොඩි පොඩි ලෑලි කොටුවලත් හොඳම පරවි ඉන්නවා)

‌පරවියෙකුගේ පෙළපත විශිෂ්ට නම් හෝ ඔවුන් ප්‍රසිද්ධ අයෙකුගෙන්/ කූඩවකින් පැමිණේ නම් ඔවුන් හොඳ යැයි නොසිතන්න.

‌ඔබට ප්‍රසිද්ධ අයෙකුගෙන්/කුඩුවකින් පරවියන් අවශ්‍ය නම්, නැවත විකුණුම්කරුවන් හරහා නොව අභිජනනය කරන්නාගෙන්ම සතුන් මිලදී ගන්න.

‌බොහෝ ප්‍රසිද්ධ නම් සහිත කොටුවල බොහෝ පරවියන් ඇත, බොහෝ පියාසර කරන්නන් ඇත, නමුත් ඔවුන් අතර හොඳ සතුන්ට වඩා දුර්වල බොහෝ දෙනෙක් සිටින අතර අනෙක් අප්‍රසිද්ධ පරවිකරැවන් සතුව හොඳ සතුන් කිහිපයක් ඇති අතර ඔවුන් පිළිබඳව බොහෝ අය නොදනී. ඒ නිසා පසුව පසුතැවෙන්න තැනට වැඩ නොකරන්න.

‌හොඳ පරවියන්ගෙන් අයහපත් පරවියන් 100% වෙන්කර හඳුනාගත හැකි බව විශ්වාස නොකරන්න සහ "ඇස් න්‍යාය" විශ්වාස නොකරන්න.පරවියන් තුළ කියවිය හැකි අංඟ ඇතැයි යැයි සිතීම විකාරයකි.
පරවි තරඟාවලි සඳහා දිගු පියාසර කාලයක් සහිත පරවියන් තෝරා බේරා ගත හැක්කේ පරවියන් දිගුකලක් අධ්‍යනය කිරීමෙන් පමණි.

‌පරෙවියෙකුගේ ප්‍රමාණය ශක්තියට සමාන නොකරන්න. විශාල පරෙවියෙකු යනු හොඳ පියාසරකරුවෙකු බව අදහස් නොවේ, එහි ප්රතිවිරුද්ධ දේ බොහෝ විට සත්‍යය වේ.

‌ඔබට ශූරයන් මෙන් පියාසර කිරීමට හැකි පරවියන් අවශ්‍ය නම් පෙළපතක් සහිත වංශවත් පරවියන් පමනක් සෑදීම විශ්වාස නොකරන්න. බොහෝ ශූරයන් මෙන් පියාසර කලහැකි පරවියන් යනු CROSSING වල ප්‍රතිඵලයකි.(මේක ටිකක් තේරෙන විදිහට කියන්න හිතුණා නැතිනම් මේක.වරදවා තේරැම්ගනී කියලා හිතුනා.මේ කියන්නේ ආතක් පාතක් නැති පරවියන් ක්‍රොස් කරලා හොඳ පැටවු ගන්න පුලුවන් කියලා නෙවෙයි.නිවැරදිව තෝරාගත් හොඳ වංශ දෙකක පරවියන් කලවම් කිරිම මඟින් තරඟ සඳහා සාර්ථක පරවියන් හදාගන්න පුලුවන්.මෙය විශ්ෂයෙන්ම ටිප්ලර් සතුන් සඳහා යොදාගන්නා ක්‍රමයක්.(බෝඩන් සතුන් සහා ෂැනන් සතුන් කලවම් කරලා තරඟ වලට සහාභාගී කිරීමට සතුන් ගන්නවා නමුත් එම සතුන් නැවත බෝකිරීමක් සිදුකරන්නෑ)

‌එකම මව් සතුන් පෙයාර් එකක එක පැටියෙක් හොඳ ටයිමක් දෙනවානම් අනෙක් සතා එහම නැතිනම් එම පරව්යා බ්‍රීඩිංග් වලට හොඳ වෙයි කියල හිතන්න එපා.(මේ ගැන මගේ තියෙන්නේ වෙනම අදහසක් ඒ ගැන වෙනම කතා කරමු)කෝකටත් මේකේ ඉංග්‍රීයෙන් තියෙන එකත් දානවා මේ එක්කම "Don't think that if you have a good flyer whose brother is weaker, the other one will be a good mother pigeon"

‌හොඳ ප්‍රසිද්ධ පරවිකරැවෙකු විසින් හොඳ පරවි පැටවුන් ලබා දෙන මහා පෙයාර් එකක් විකුණනු ඇති බව කිසි විටකත් නොසිතන්න මක්නිසාද ඔහුට එම මහා පෙයාර් එක දෙනවාට වඩා පැටවුන් ලබාගෙන පැටවුන් වීකිනීම වඩාත් වාසිදායක වනු ඇත. මෙය සිහිතබා ගතහොත් ඔබගේ මුදල් පසුම්බිය සුරැකෙනු ඇත.

‌සමහර අය සිතන්නේ රසායන විද්‍යාව (විටමින්, ආදිය) ඔබේ පරෙවියන්ගේ හැඩය සහ පියාසර කාලය වැඩිදියුණු කර ඔවුන් නරක උවත් සහ පුහුණු නොකලත් ඔවුන්ව ජයග්‍රාහකයින් බවට පත් කරන බවයි.[එහෙම අයට බුදු සරණයි.දෙවි පිහිටයි.මේ ගැන මගේ කලින් ලිපියක මම කියලා තියෙනවා.ඇට කෑම විටමින් දීලා කොමන්නු හොඳ ටයිමක් එලවන්නත් බෑ ඇටකෑම විටමින් නෙවෙයි අමෘතය දුන්නත් වංශවත් පෙළපතක් සහිත සතුන් උනත් නිවැරදි පුහුණුවක් නැතිව එලවන්නත් බෑ.ඔය ඔක්කොම ගලපගෙන එලවන්න ඕන ]

‌විටමින් සහ ඖෂධ වැඩි වේලාවක් ජලයේ තබන්න එපා, විශේෂයෙන් උණුසුම් කාලගුණය තුළ, බොහෝ විටමින් සහා බෙහෙත් වර්ග නරක් වනු ඇත.

‌ග්‍රිට් (ඛනිජ ද්‍රව්‍ය, කැල්සියම්) හොඳම ආහාර අතිරේකය බව අමතක නොකරන්න, එය නිරන්තරයෙන් නැවුම් කිරීමට අමතක නොකරන්න.

‌තරඟ දිනයට දින තුන හතරකට පෙර පමණක් පරවියන්ව පෝෂණය කිරීම වඩාත් වැදගත් යැයි නොසිතන්න.පරවිකරැවන් දුසිමකින් ඔවුන් පෝෂණය කරන්නේ කෙසේදැයි විමසන්න, එවිට සෑම කෙනෙකුම ඔබට වෙනස් ලෙස පවසනු ඇත.

‌සම්පූර්ණ ලෙස ආහාර_ ජලය ලබා දී පරෙවියන් පුහුණු කිරීම ආරම්භ නොකරන්න

මේක මේ විදේශීය පරවිකරැවා විසින් ලියපු ලිපියක්.මේක දැක්ක ගමන් අපේ අයටත් මේක වැදගත් වෙයි කියලා හිතුනා.ඒකයි සිංහලට හරවලා දැම්මේ.කියවලා බලන්න.පුලුවන් තරම් පැහැදිලිව ලීවා ලොකුවට වෙනස් කරන්න ගියේ නෑ .මෙයාගේ වචනමයි සිංහලට පෙරලුවේ.

Address

Peshakarma Mawatha
Kurunegala

Alerts

Be the first to know and let us send you an email when North Western Pigeon Lofts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category


Other Pet Services in Kurunegala

Show All