23/05/2023
ව්‍යවසායකත්ව සහයන් සඳහා උපදේශන සහ මෙහෙයුම්
කෘෂි කාර්මික , නිෂ්පාදන සහ අපනයන වියාපෘති සඳහා දිවයිනේ ඕනෑම ප්‍රදේශයක උපදේශන සේවාවන් ලබාදිය හැකිය. ඉතාම අත්දැකීම් බහුල රාජ්‍ය සහ පුද්ගලික අංශයේ සේවය කරන දක්ෂ උපදේශක වරුන්ගේ සේවය ඔබගේ ක්ෂුද්‍ර, කුඩා,මධ්‍ය,මහා වැනි ඕනෑම ප්‍රමාණයේ වියාපෘති සඳහා ලබා දිය හැකිය. අපනයනය අරමුණු කරගත් නව වියාපෘති ආරම්භය සඳහාද , විදෙස්ගතව සිටින ලාංකිකයන් සඳහා මෙරට ඔවුන්ගේ නමින් වියාපාර ආරම්භයද සිදුකරදෙනු ලැබේ.
1. වියාපාර ලිපදිංචිය , වාර්තා සැකසීම සහ විශ්වාසදායි සියලුම නීතිමය කටයුතු.
2. වගා සඳහා නම් ඉඩම් මිලදීගැනීම, වගා සඳහා යෝග්‍යතාවය පරීක්ෂා කිරීම, සාම්පල පරීක්ෂාව, ගිවිසුම් සැකසීම වැනි ආරම්භක වැඩ පිළිවෙල සඳහා උපදේශනය සහ ක්‍රියාත්මක කිරීම.
3. වගා සඳහා යටිතල පහසුකම් සැකසීම, වගා ලිං, නල ලිං ඉදි කිරීම සියලුම ආකාරයේ ජල සම්පාදන පද්ධති (බින්දු,විසිරුම්,) සැකසීම.
4. වගා වියාපෘති වල නැවතීම සඳහා විශේෂ අඩු වියදම් ගොඩනැගිලි ඉදි කිරීම. ස්වභාවික අම්ද්‍රව්‍ය භාවිතයෙන් දැවමය , සැප පහසු කබානා ආදිය ඉදි කිරීම.
5. අලි හෝ වන සතුන් ගෙන් ආරක්‍ෂිත වැටවල් ඉදි කිරීම සහ බාධක ඉදි කිරීම.
6. වගා සැලසුම් කරණය, වියාපෘති ඇස්තමේන්තු සැකසීම.
7. වගාවන් පවත්වාගෙන යාම, රෝග පලිබෝධ හානි හඳුනාගැනීම හා පාලනය.
8. කෘෂි වගාවන් සඳහා වූ දේශීය තත්ත්ව සහතික කරණය GAP , Sri Lankan Organic ආදී..
9. කෘෂි වගාවන් සඳහා වූ අන්තර්ජාතික සහතික කරණය . International Organic EU , NOP සහතික, වගාවන් සඳහා තත්ත්ව සහතික G-GAP.
10. අමුද්‍රව්‍ය සපයා ගැනීමට සැපයුම් දාම කළමනාකරණය (supply chain mgt) , ගොවි සම්බන්ධීකරණය සහ ගොවි වගා සහ සැපයුම් දාම සංස්ථාපනය ඇතුළු සහතිකකරණ සඳහා අවශ්‍ය පොත් තැබීම්.
11. කෘෂිකාර්මික නිෂ්පාදන ඒකක / ආහාර සකසන කර්මාන්තශාලා ඉදිකිරීම, යන්ත්‍ර සුත්‍ර සැලසුම් කිරීම හා ස්ථානගත කිරීම , ගොඩනැගිලි සහ අනෙකුත් අවශ්‍ය සියලුම දේ සඳහා උපදේශනය සහ ක්‍රියාත්මක කරදීම.
12. ආහාර නිෂ්පාදන ඒකක සඳහා තත්ත්ව සහතික ලබාදීම - GMP, ISO වැනි සහතික.
13. අපනයන වෙළඳපලේ අත්‍යවශ්‍යම දෙයක් වන පසු විපරම් පද්ධති (trace ability systems) ස්ථාපනය කිරීම සහ නිෂ්පාදනයේදී අවශ්‍ය කළමනාකරණ සහ මෙහෙයුම් පද්ධති සහ අදාළ පොත් තැබීම් සඳහා උපදේශනය සහ සංස්ථාපනය.
14. ඇසුරුම්,ලේබල්, QR කේත , Bar Code , වෙබ් අඩවි , සමාජ මාධ්‍ය, කෙටි වීඩියෝ පට, ඉදිරිපත් කිරීම් (ppt) , නිෂ්පාදන ප්‍රදර්ශනාගාර සැලසුම් කිරීම වැනි අලෙවි ප්‍රවර්ධන සහ නිෂ්පාදන ප්‍රචාරණ සඳහා අවශ්‍ය සියලුම කටයුතු සඳහා උපදේශනය සහ ක්‍රියාත්මක කිරීම.
15. පුහුණු සැසි පැවැත්වීම, කාර්ය මණ්ඩල පුහුණු කිරීම
16. භාණ්ඩ හෝ යන්ත්‍ර ආනයනය කරදීම.
විශේෂ වියාපෘති
1. බතික් සහ රෙදිපිළි ආශ්‍රිත කර්මාන්ත සඳහා උපදේශනය
- බතික් තාක්ෂණික පන්ති පැවැත්වීම.
- න්‍යායාත්මක සහ ප්‍රයෝගික පුහුණු ලබාදීම.
- බතික් ව්‍යවසාය කණ්ඩායම් ඇති කිරීම.
- බතික් නිෂ්පාදන සඳහාය අවශ්‍ය මෙවලම්, අමුද්‍රව්‍ය ලබාදීම.
- සාර්ථකව පාඨමාලාව නිමකරන්නන් සෘජු ඇනවුම් ලබාදීම.
2. ස්වභාවික වර්ණක භාවිතයෙන් රෙදි වර්ණ ගැන්වීම සහ Eco Print.
- පුහුණු කිරීම
- වෙළඳපල සහ ඇනවුම් ලබාදීම (ගිවිසුම් මගින්)