අලිත් එක්ක සොඳුරු මතක Alith Ekka Sonduru Mathaka

අලිත් එක්ක සොඳුරු මතක Alith Ekka Sonduru Mathaka True Experiences of an Elephant Veterinarian.
(2)

❤️❤️❤️https://youtu.be/AbvfkrC292Q?si=O_j4R1Re-M5N-_lP
11/02/2024

❤️❤️❤️https://youtu.be/AbvfkrC292Q?si=O_j4R1Re-M5N-_lP

Follow on: Rajaඑසැණින්, වගකීමෙන්, සවිස්තරාත්මකව තොරතුරු දැනගන්න සයිබර් අවකාශයේ ජාතික පුවත් වාර්තාක.....

❤️❤️❤️
28/07/2023

❤️❤️❤️

I am the oldest ❤️❤️❤️
03/06/2023

I am the oldest ❤️❤️❤️

මහ පෙරහැරේ මගුල් ඇතුගෙ ඉවසීමකැලෑවල ඉන්න සත්තු කිසිම කෙනෙක් විශ්වාස කරන්න එපා, එයාල මනුස්සයො නේවේ එයාලව වෙනස් කරන්න බෑ කි...
14/04/2023

මහ පෙරහැරේ මගුල් ඇතුගෙ ඉවසීම

කැලෑවල ඉන්න සත්තු කිසිම කෙනෙක් විශ්වාස කරන්න එපා, එයාල මනුස්සයො නේවේ එයාලව වෙනස් කරන්න බෑ කියල මම ත් ඕන තරම් කියල තියනව. හැබැයි එහෙම කීවට එක අවස්‍තාවක් දෙකක් තියනව සමහර සතුන් අපි සේරමලට වඩා හොදටම ට්‍රේනින් වෙලා ඉන්නේ කියල හිතන්න.

ඒ සදහා හොදම උදාහරනය තමයි පහුගිය වසර ගනනාවම ලන්කාවේ අයිකන් එකක් බවට පත්වෙච්ච ඇතුන් තිදෙනා.ඒ නැදුන්ගමුව ඇතා, ඉන්දිරාජා සහ කතරගම මහා දේවාලයේ වාසනා ඇතා. මගුල් ඇතුන් තුන්දෙනාවම එක අවස්තාවේදී කීපවරක් ම පරීක්ශාවන් ට ලක් කරන්න හැකිවෙලා තිබීම ගැන ඇත්තෙන්ම මට පුදුම දනවන සන්තෝශයක් තියනව.මම හිතන්නේ වෙද්‍යවරු දෙතුන් දෙනෙකුට වත් එහෙම අවස්‍තාවක් ලැබිල නැතිව ඇති

මට හරියටම දින වකවානුන්වලින් මතක නැතිවුනත මෑත කාලයේ දී මේ තුන් දෙනා රන්ඩුවකට නොගිහින් ඉවසපු ඉවසිල්ලක් ඉතාම හොදින් මතකයි.

මහනුවර දලදා පෙරහර මාලිගාවේ පෙර්හර මාලිගාව නියෝජනය කරන පෙරහරින් මෙන්ම
සිව් දේවාල වල පෙරහරවල් හතරෙන් ද සමන් විත හින්ද රන්දෝලි පෙරහරවලදි මාලිගාවෙ පෙරහර පටන් අරගෙන ටික වේලාවකින් සිව්දේවාල වල පෙරහරවල් ප්‍රදාන පෙරහර ට එකතුවීම සිදුවේනව.

ගොඩක් වෙලාවට මුල් පෙරහරින් තුන්කාලක්ම යනකන් අනිත් ඒවා ආරම්බ වෙන්නේ ත් නෑ.
සාමාන්‍ය යෙන් එසේ වුනත් එක්තරා දවසක කතරගම දේවාලය අසල මහා ලොකුවට කලබලයක් ඇතිවිනි.එනම් කතරගම දේවාලය අසල සිටි අලි ඇතුන් කීප දෙනෙකුම කලබල වීමය එහිදී හස්ති පාලක මහතුන් තම ග්‍රහනයට ඔවුන් ව ගත්තත් අව්සානයේ සිටි දගයෝ දෙතුන් දෙනෙක් පෙරහර මාර්ගයේ විරුද්ද අතට දුවන්න පටන් ගත්තේය.
සියලුම දෙනාට දෙවියො සිහිවුනේ මේ දගකාරයන් දෙන්නා කරඩුව වැඩමවන ප්‍රදාන මාර්ගයට අවතීර්න වීමත් සමගයි.
නැදුන්ගමුව රාජා කරඩුව වඩමව්මින් සිටි.ඉන්දිරාජ ත් වාසනාත් දෑල හස්තීන්‍ විදිහට ගමන් කරයි. මේ තුන්දෙනාම ටොන් 4,5 ක් බර දැවැන්තම ඇතුන් ය.බැරි වීමකින් හරි මෙයාල ඉදිරියට දගකාරයෙක් ආවොත් හරි පහර දීමක් කලොත් හරි ඒ අලියට මාසයක් විතර බේත් කරන්න සිදුවනවා ස්තීරමය.එතරම් ම ජවයක් ඉන්දිරාජා ට ත් වාසනා ටත් ඇත.කීපවරක් ම බෙහෙත් කරන අවස්තාවලදී ඔවුන් මටද පහරක් දෙකක් දී ඇත.එහි වේගය මම හොදටම දනී.
තරුන එක් අලියෙක් පමනක් මේ තිදෙනගේ ඉදිරියටම එන ලක්ශන පෙනුන නිසා එම අලියා නිර්වින්දන ‍ය කිරීමට ඔන්න මෙන්න අවසතාවක්‍ ය.කුමන හො අනු හසකින් දෑල් ඇතුන් දෙදෙනාටත් නැදුන්ගමුවටත් අඩි10 ක් පමන ඈතින් කලබල අලියා නතරවිය. ඇතෙකුට ඇත් ගොව්වපැනල පහර දෙනවානම් තුන් දෙනාටම ඕන තරම් අවස්තාව එමටය.
තිදෙනාගේම මූහුනේ යම් කේන්ති ස්වරූපයක් තිබිනි.තත්වය දරුනු ස්වබාවයක් වීමට ඔන්න මෙන්න අවස්‍තාවකි
සියලුම ඇත් ගොව්වන් සියලුම ශිල්ප දක්වමින්ය

නමුත් සිදු වූයේ අප කවුර්‍රුත් සිතපු දෙයක් නොවේ.මගුල් ඇතුන් තිදෙනම නිහඩය.හෙන්ඩුව පාවිච්චි කරන්න ට, කෝටු ගසන්නට වත් කිසිම දෙයක් කරන්නට නොවීය.මගුල් ඇතුන් තිදෙනාම සිය පවුර්ශත්වය පෙන්නමින් නිහඩ විය.කිසිදු කලබලයක් නැත. අවසානයේ විනාඩි කීපයක් ගතවූ පසු නැවතත් පෙරහර ගමන ඇරබීය.
දන්ත දාතුන් වහන්සේ වඩමවන හස්තීන් කරඩුව තැන්පත් කල පසු සන්‍යමයට පත්වන බව නම් නොරහසකි .

නැදුන්ගමුව ඇතා නායකත්වය දුන් එම කන්ඩායම සැබවින්ම විශේශයි. ඔවුන්ගේ හික්මීම මත කිසිදු හානියක් නොමැතිව පෙරහර ගමන අවසන් කිරීමට හැකියාව ලැබිනි.

පශු වෙද්‍ය තරිදු විජේකෝන්

සුබම සුබ අලුත් අවුරුද්ද ක් වේවා❤️❤️
14/04/2023

සුබම සුබ අලුත් අවුරුද්ද ක් වේවා❤️❤️

වතුරෙ ඉන්න කැමති අලිපශු වෛද්‍යවෛද්‍ය වරයෙකුට සායනයක දී හෝ සත්ව රෝහලකදී සතෙකුට බෙහෙත් කිරීමේ අවස්ථාව හිමිවන නමුත් කලාතුරක...
25/02/2023

වතුරෙ ඉන්න කැමති අලි

පශු වෛද්‍යවෛද්‍ය වරයෙකුට සායනයක දී හෝ සත්ව රෝහලකදී සතෙකුට බෙහෙත් කිරීමේ අවස්ථාව හිමිවන නමුත් කලාතුරකින් වතුර යටදීත් බෙහෙත් කිරීමට සිදුවේ. එසේ බෙහෙත් කිරීමට සිදුවන්නේ වෙනත් ක්‍රමවේදයක් නොමැති විටදීය. මගේ ජීවිතයේදීත් වතුර යටදී බෙහෙත් කරන ලද අවස්ථා සෑහෙන ප්‍රමාණයක් ඇත. එහිදී විශේෂයෙන් බල්ලන්, පූසන් , අශ්වයින්ට වඩා අලි ඇතුන්ට බෙහෙත් කල අවස්ථා බහුලය.
කුඩා කල සිටම ජලයේ පිහිනීමට කැමති මට මෙය ඉතාම උද්වේගකර අත්දැකීමක් විය.
සමහර අලි , විශේෂයෙන් ඇතින්නියන් අසනීප වූ විට කිසිවෙකු කියන දෙයක් අසන්නේ නැත. ඇත් ගොවුවන්ගේ අනටද ඇහුම්කන් නොදේ. එවැනි අවස්ථාවේදී එම සත්වයා සිටගෙන සිටින විටදීම බෙහෙත් කලහොත් මටත් ඇත් ගොවුවාටත් සිදුවන්නේ හොඩෙන් හෝ පාදයෙන් පහරක් කෑමටය. හොදින් ඉන්නකොට හැමෝටම කීකරු වන නමුත් අසනීප වූ විට එය ඔවුන්ගේ හැසිරීම් රටාව වේ. එවැනි අත්දැකීම් මේ කාලයේදී අතිමහත් ය.
වර්තමානයේ ජීවතුන් අතර නොමැති වසර 8 කට 10 කට ආසන්න කාලයක් අසනීපව සිටි එක්තරා ඇතින්නක් මෙයට හොඳම උදාහරණයයි. මම දන්නා පරිදි ඇය මියයන විට වසර 70 ඉක්මවා තිබුනද මියයෑමට කලින් දිනයේදී පවා මා හට හොඩෙන් පහරක් එල්ල කර් ඇත. මිය යෑමට වසර 10 කට ඉහත කාලයේ දී ඇය අසනීප වූ සෑම අවස්ථාවේදීම බෙහෙත් කිරීම සෑහෙන අපහසු විය.
එයට හේතුව ගොඩබිම නිදියන්නේ ම නැතිවීමයී.එනම් බෙහෙත් කිරීමට ගොඩ බිමදී ඉඩ නොදීමයි.
සැබැවින්ම වතුරට බෙහෙවින් ප්‍රිය කල ඇතින්නක් වූ නිසා අපේ උපක්‍රමය වූයේ ඇතින්න දියෙහි නිදිකරවා ඇත්ගොව්වා විසින් ඇයව සේදීමට පටන් ගැනීමය. මමද කලිසම් කමිස උඩින් අලි බාසුන්නැහේගේ සරමක් ඇදගෙන මාගේ සහයකයන් සමග පොල් ලෙල්ලකුත් රැගෙන වතුරට බැස එම ඇතින්න නෑවීමට පටන් ගනී. කලිසම්, කමිස වලින් මා වෛද්‍යවරයකු බවත් මා පැමිණෙන්නේ ඇයට බෙහෙත් කිරීමට බවත් ඇයට දැනෙන බැවින් මා විසින් එම පියවර අනුගමනය කරන ලදි. එම නිසා වසර 10ක් පමන සිට මා ප්‍රතිකාර කිරීමට එය අනුගමනය කරයි. මා විශ්වාස කරන පරිදි ඇත් ගොව්වාගේ ඉරියව් ඒ ඇදුම් තුලින් මතුවනවා විය යුතුය.
අලින්ට සේලයින් දීම කනේ නහරයක්/ ශිරා වක් තුකින් කරනු ලබයි.ඉන් පසු සෙමෙන් සෙමෙන් නැට්ට පැත්තේ සිට ඔලුව පැත්තට මම ත් ගොස් කන සුද්ද කිරීමේ කාර්ය භාරගනි. විනාඩි කීපයක් පොල් ලෙල්ලෙන් කන ඇතිල්ලූ පසුව ඇතින්න එතරම් අවදානයක් මම කෙරෙහි නොගනී.මන්ද මම ද සරම් කාරයෙක් නිසාය.සහයකයාගේද උදව් ඇතිව සෙමෙන් සේලයින් හා අනෙකුත් බෙහෙත් වර්ග ලබාදෙන කටු ටික ඉන්පසුව සවිකරගනී. පැය භාගයක් පැයක් පමණ දියේ ගිලී සිටින නිසා මේ අවස්ථාවේ එම ඇතින්න නිදිමතේ හෝ සම්පූර්ණයෙන්ම නිදා සිටින නිසා මෙම සියලු කටයුතු කරදරයකින් තොරව සිදුකර ගැනීමට හැකිය. ගොඩක් අසාද්‍යවූ දින වලදී වරුවකට පැය දෙකක් දෙක හමාරක් බැගින් දවසට පැය පහ , හයක් වතුරේ හිටපු අවස්ථා ඕනෑ තරම් ය. හොඳම දෙය ගගේ ඉන්නවා මදිවට සමහර අවස්ථා වලදී වර්ශාව වැටීමයි. මෙය අලින්ට ඉතාමත් හොඳ තත්ත්වයක් උවද අපට ඔරොත්තු දෙන තත්වයක් නොවේ.
තවද බොහෝ අවස්ථාවල ලේ ගැනීමට, බෙහෙත් විදීමට, සේලයින් දීමට ද අලි වතුරේ නිදිකරවන අවස්ථා ඇතව

පුවත් පත් උපුටා ගැනීම්
19/01/2023

පුවත් පත් උපුටා ගැනීම්

Address

Bauddaloke Mawatha
Kurunegala
60060

Telephone

0715623335

Website

Alerts

Be the first to know and let us send you an email when අලිත් එක්ක සොඳුරු මතක Alith Ekka Sonduru Mathaka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to අලිත් එක්ක සොඳුරු මතක Alith Ekka Sonduru Mathaka:

Share

Nearby pet stores & pet services


Other Animal Rescue Service in Kurunegala

Show All