Offi & Ziggy

Offi & Ziggy as u sow, u shall reap ( ඔබ වපුරන තරමට වඩා අස්වැන්න ල?
(3)

19/07/2023

මෞලි 😍😍😍😍

14/07/2023

Snowball ❤️

08/07/2023
ඩයස්ගෙ නංගී
07/07/2023

ඩයස්ගෙ නංගී

16/06/2023

පන තියෙන පුළුන් බෝල 💕

11/06/2023

බන්ඩි අම්මා ziggy ❤️

💕
03/06/2023

💕

Ziggy ❤️
03/06/2023

Ziggy ❤️

🐹
02/06/2023

🐹

01/06/2023

offi & Ziggy shower and eat some food😋😋

19/05/2022
පිනටම කුස වැද  ළය තෙත් කර උණු කිරි වැගිරූ නිසා, මමත් සමරනවා අද මව්වරුන්ගේ දිනයක්  💕💕💕💕💕💕 සත් සමුදුරටත් වැඩි සෙනෙහස දෝරේ ...
09/05/2022

පිනටම කුස වැද ළය තෙත් කර උණු කිරි වැගිරූ නිසා, මමත් සමරනවා අද මව්වරුන්ගේ දිනයක් 💕💕💕💕💕💕
සත් සමුදුරටත් වැඩි සෙනෙහස දෝරේ ගලන සියලු අම්මාවරුන්ට නිදුක් නිරොගී දීර්ඝායුෂ හිමිවේවා . Happy mothers day💕

අමාරුවෙන් හදාගත්ත සේපාලිකා ගහේ මල් පිපිලා 😍😍😍😍😍😍😍
06/05/2022

අමාරුවෙන් හදාගත්ත සේපාලිකා ගහේ මල් පිපිලා
😍😍😍😍😍😍😍

ඩෙන්මාකයේ පාසැල් යන මගේ අවුරුදු 10 දුවගෙ දින සටහන7. 00  ඇහැරීම7.30   බයිසිකලයේ නැගී පාසැල් යෑම .. මඟ නැවතී බයිසිකල් වල බ...
05/05/2022

ඩෙන්මාකයේ පාසැල් යන මගේ අවුරුදු 10 දුවගෙ දින සටහන

7. 00 ඇහැරීම
7.30 බයිසිකලයේ නැගී පාසැල් යෑම .. මඟ නැවතී බයිසිකල් වල බලාසිටින කෙල්ලො රොත්ත සමඟ
8.00- 2.00 පාසැල (සතියටම ගණිතය පීරියඩ් 3කි . සඳුදා උදයවරුව ක්‍රීඩා, බදදා උදයවරුව පිහිනුම්, අඟහරුවාදා හවස්වරුව අත්කම් සහ නිර්මාණ/design, සිකුරාදා හවස්වරුව චිත්‍ර )
2 .00- 6.00 දක්වා කැමති වෙලාවක් පාසැලෙන් පසු පාසැල් club එකේ යහළුවන් සමඟ සෙල්ලම් /අත්වැඩ/ කැරෝකේ/ ක්‍රීඩා
හවස ගෙදර පැමිණීම, 2න් පසු හිතුන විටෙක. ( පාසැලට ඇතුළුවන විට සහ පිටවන විට sms පණිවිඩයක් පාසැලෙන් ලැබේ.)
හවස ගෙදර -කතා පොත් කියවීම , චිත්‍ර ඇදීම , TV බැලීම. තොර තෝංචියක් නැති පාසැල් විස්තර. යාළුකම්.. තරහමරහ විස්තර
8.30 නිදාගැනීම
ටියුෂන් ගෙදර වැඩ වාරවිභාග නැත.
ගිය අවුරුද්දේ මාස 6 ක් පාසැල් නොගියද (ලංකාවේ සිටි බැවින්) විශේෂ වෙනසකුත් නැත. නමුත් ඇයට භාෂාව අමතක වේ යැයි ඇගේ ගුරුවරිය සතියකට හෝ දෙකකට වරක් පාසැල් වෙලාව අතරතුර පැය එකහමාරක් අනිත් දරුවන් සමඟ වීඩියෝ සංවාද පැවැත්වූ බව නොකියාම බැරිය. එනම් ඇය උගන්වන අතරම වරකට දරුවන් 3න් දෙනා බැගින් දුව සමඟ කතාවට එවන්නීය. ඒ කිසිවක් මගේ ඉල්ලීම් නොවුනි. එසේම නිතරම පහනි ට ගෙදරදී කතා කරන්න කියා දරුවන්ට ඇය කියා තිබිණි. ඒ සඳහා මගේ දුරකථන අංකය දෙමව්පියන්ට දුන්නාට කමක් නැද්දැයි වරෙක ඇය මගෙන් විමසුවාය. තවද දියණියට චොකලට් පාර්සලයක්, ඊලඟ පාසැල් පොත සහ සියළුම දරුවන් දියණියට ලියූ ලිපි ඇතුලත් පාර්සලයක්ද ඇය ලංකාවට එව්වාය. (සැබවින්ම ඇයද මගේ දියණියට මවකි )
ගුරු දෙගුරු රැස්වීම්වල හවස කළු කෝපි බොමින් මහා බරපතල ලෙස සාකාච්ඡා කරනුයේ දරුවන්ට තව තවත් නිවාඩු දිනවලදීද සෙල්ලම් කිරීමට සෙල්ලම් group සැදීම , යහළුවන් කල්ලි ගැසීම එනම් එකම යහළුවන් කොටසක් ඇසුරු කිරීම වැලැක්වීම වැනි කාරණාය.

පාසැලට එවන් කිසියම් කටයුත්තක් සඳහා එන හැමවිටම makeup නොදා සරල සාමාන්‍ය ඇඳුමකින් සැරසී එන ලෙසද දියණිය මගෙන් උදක්ම ඉල්ලයි. (අන් බොහෝ දෙමව්පියන් එසේ ඉතාම සරලව පැම්ණෙන බැවින් )
හවස කෑම පාසැලෙන් සැපයෙන අතර හවස පාසැල් club එක සඳහා ගෙවීම දෙමව්පියන්ගේ ආදායම් මට්ටම අනුව විචල්‍ය වේ. ඇතැම් විට එය ඉතා සුළු ගනනකි. පාසැල් අධ්‍යාපනය , පෙලපොත් විශ්වවිද්‍යාල/කාර්මික විද්‍යාල අධ්‍යාපනය නොමිලේ. ඒ හැර මාස 3කට වරක් සෑම දරුවෙකු සඳහාම රු 90000/=ආසන්න මුදලක් දරුවාගේ අනෙකුත් අවශ්‍යතා වෙනුවෙන් මවගේ හෝ පියාගේ ගිණුමට රජයෙන් ලැබේ.
මේ සියල්ල අතරේ ඉඳහිට ඇගේ ගනන් පොතේ විස්තර අසන ලංකාවේ ගණිතය ගුරුවරයෙකු වූ මගේ අයියා සමහරවිට කියනුයේ නංගි අපි ඔය සිද්ධාන්තය touch කරන්නෙ 9 වසරේදි /10 වසරේදී කියාය. ඇතැම් විට එය ලංකාවෙ 6 වසරේදීය.
මෙය කියවන මගේ හිතවත් වියත්මග උගත් ඔබ ලංකාවේ නව රජය යටතේ දරුවන්ට මේ නිදහස , මේ හුරතල් ළමාවිය ඔවුනට නැවත ලබාදෙන අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීමට නව රජයට යෝජනා ඉදිරිපත් කරන්න. මගේ ලිපියේ සැබෑම අරමුණ එයයි. විශේෂයෙන්ම ලමාරෝග මහාචාර්ය රස්නායක මුදියන්සේ සර් ඔබට මේ සඳහා පෙරමුණ ගත හැකිමයි.
නන්දනී විජයබන්ඩාර ගෙනි.
උපුටා ගැනීමකි🙏

04/05/2022

මනෝ විද්‍යාවට අනුව,

1. කෙනෙක් ඕනවට වඩා හුඟක් වෙලා නිදාගන්නවා නම්, එයා හුඟක් ලොකු දුකකින් ඉන්න කෙනෙක්. ඒ කියන්නෙ එයාගෙ හිත ඇතුළෙ ලොකු දුකක් තියෙනවා.

2. කෙනෙක් ඕනවට වඩා කෑම ගන්නවා නම්, එයා ලොකු මානසික_පීඩනයක ඉන්න කෙනෙක්.

3. කෙනෙක්ට පුංචි දේකටත් කේ න්ති යනවා නම්, එයාට කාගෙ හෝ රැකවරණය, අවධානය, ආදරය තදින්ම බලාපොරොත්තු වෙනවා.

4. කෙනෙක් ඕනවට වඩා හිනා වෙනවා නම්, එයා හිතින් ගොඩක් දුක් විඳින කෙනෙක්.

ඉතින් ඔයාලගෙ වටේ ඉන්න අයට ඇහුම්කන් දෙන්න. එයාලා ප්‍රශ්නයක් කිව්වොත් පුංචි වෙලාවක් එයා වෙනුවෙන් වෙන් කරන්න. එයාගෙ ළඟින් ඉන්න. එයාට එක වචනෙකින් හරි උදව්වක් වෙන්න.

ඔයාට පුළුවන් වෙයි තව කෙනෙක්ගෙ ජීවිතයට මොහොතකට හරි ශක්තියක් වෙන්න. හැම වෙලේම මෙහෙම කෙනෙක්ට ආලෝකයක් වෙන්න.

උපුටාගැනීමකි ❤️

එක්තරා කාන්තාවක් තමන්ගේ ගෙදරින් එලියට බහිද්දි ගේ ඉදිරිපිට මිනිස්සු තුන් දෙනෙක් ඉන්නවලු.නමුත් මේ ගෑනු කෙනා ඒ ඉන්න අයව අදු...
04/05/2022

එක්තරා කාන්තාවක් තමන්ගේ ගෙදරින් එලියට බහිද්දි ගේ ඉදිරිපිට මිනිස්සු තුන් දෙනෙක් ඉන්නවලු.
නමුත් මේ ගෑනු කෙනා ඒ ඉන්න අයව අදුන ගත්තේ නෑ. නමුත් මෙයාලට බඩගිනි ඇති කියල හිතුන මේ ගෑනු කෙනා
"මම ඔයාලව නම් අදුනන්නේ නෑ. ඒ උනාට ඔයාලට බඩගිනි ඇති. ඒ නිසා ගේ ඇතුලට ඇවිත් මොනවහරි කාලා ඉන්න."
කියලා කෑමට ආරාධනා කරනවා.

එතකොට මේ කට්ටියගෙන් එක්කෙනෙක් අහනවා "තමන්ගේ ස්වාමිපුරුෂයා ගෙදර ඉන්නවද ?" කියලා.
ඒ ගෑනු කෙනා කියනවා "එයා තාම වැඩ ඇරිලා ආවේ නෑ" කියලා.

"එහෙමනම් අපට ඇතුලට එන්න බෑ " කියලා අර ආපු තුන්දෙනාගෙන් එක්කෙනෙක් කියනවා.
කොහොමින් කොහොම හරි මේ අල්ල පනල්ලේ ගෙදර මනුස්සයාත් වැඩඇරිලා එනවා.

ගෙදර මනුස්සයාම ගිහින් අර කට්ටියට ගේ ඇතුලට එන්න කියලා ආරාධනා කරනවා.
නමුත් මේ අය කියනවා ඒ තුන්දෙනාටම එකපාර ගේ ඇතුලට එන්න බෑ කියලා.

" ඇයි ඒ තුන්දෙනාටම එකපාර එන්න බැරි ? " ගෙදර හිටපු ගෑනු කෙනා අහනවා.

"මෙයාගේ නම 'ධනය'. අනිත් එක්කෙනාගේ නම 'සාර්ථකත්වය'. මගේ නම 'ආදරය'."අමුත්තෝ තුන්දෙනාගෙන් එක්කෙනෙක් කිව්වා.
ඊට පස්සේ "ගිහින් තමන්ගේ ස්වාමි පුරුෂයා එක්ක කතා කරලා අපි තුන්දෙනාගෙන් කැමති කෙනෙක්ට ගෙදෙට්ට ආරාධනා කරන්න" කියලා කිව්වා.

ගෑනු කෙනා ගේ ඇතුලට ගියා. ගේ ඇතුලේ එකම යුද්ධයයි. කට්ටියම සුපර් ස්ටාර් තෝරනවා වගේ සාකච්චා කරනවා.

" අපි ධනයට ගේ ඇතුලට එන්න කියමු. එතකොට ධනයෙන් මුලු ගේම පිරිලා යයි " කියලා ස්වාමි පුරුෂයා කිව්වා.

"නෑ නෑ ඒයි !! අපි සාර්ථකත්වයට එන්න කියමු. එතකොට අපිට සාර්ථක ජීවිතයක් ගත කරන්න පුලුවන් නේ." කියලා ගෑනු කෙනා කියනවා.

කොහොමහරි මේ කතාව මේ දෙන්නගේ ලේලි පොඩ්ඩ අහගෙන ඉන්නවා.
එයත් මේ කතාව මැද්දට පැනලා "ඇයි අපි 'ආදරයට' මේ ගේ ඇතුලට එන්න කියන්නේ නැත්තේ.
එතකොට ආදරයෙන් අපේ මේ මුලු ගේම පිරිලා යයි " කියලා අහනවා.
ඊට පස්සේ මේ අදහස හොද එකක් කියලා ආදරයට ගේ ඇතුලට එන්න කියලා ආරාධනා කරනවා.

ආදරය ගේ ඇතුලට එද්දි ඊට පිටි පස්සෙන් සාර්ථකත්වයයි ඊටත් පිටි පස්සෙන් ධනයයි ගේ ඇතුලට එනවා.

ගෙදර කට්ටියට මේක හරි පුදුමයක්.මේ කට්ටිය කියනවා එයාලා ගේ ඇතුලට එන්න කතා කලේ ආදරයට විතරයි ඇයි මේ අනිත් දෙන්නත් එන්නේ කියලා අහනවා.

එතකොට එක අමුත්තෙක් කතා කතා කරලා කියනවා
"ඔයා ධනයට හරි සාර්ථකත්වයට හරි ගේ ඇතුලට එන්න කිව්වා නම් අනිත් දෙන්නා එන්නේ නෑ. නමුත් ආදරයට එන්න කිව්ව හින්දා අනිත් දෙන්නත් එනවා.
අපිට ආදරය තනි කරන්න බෑ. " කියලා.

------ආදර්ශය ------

ජීවිතයක් සාර්ථක වෙන්න ආදරය කියන සාධකය අත්‍යවශයයි.
ආදරය තියෙන තැන සාර්ථකත්වය නියතයි.එතැනට ධනයත් නිතැතින්ම ගලාගෙන එනවා.
ඒ නිසා තමන්ගේ ජිවිතයේ ආදරයට තැනක් දෙන්න. මේ පුංචි කතාවෙන් ගන්න පුලුවන් ආදර්ශයත් ඒකමයි.

- උපුටාගැනීම, අන්තර්ජාලයෙන් -
අයිතිය මුල් අයිතිකරුට

____ගැස්ට්‍රයිටිස් නසන්න කැහිපිත්තන්.____අපේ මුතුන්මිත්තො ජෙලි වෙනුවට කෑවෙ මේ කැහිපිත්තන්. මේ කොළ වතුර ඩිංගක් එක්ක හොඳින...
01/05/2022

____ගැස්ට්‍රයිටිස් නසන්න කැහිපිත්තන්.____
අපේ මුතුන්මිත්තො ජෙලි වෙනුවට කෑවෙ මේ කැහිපිත්තන්.
මේ කොළ වතුර ඩිංගක් එක්ක හොඳින් කොටා හෝ බ්ලෙන්ඩ් කර තැබුවා ම ඉබේ ම මිදෙනවා ජෙලි වාගේ. එයට සීනි හෝ මී පැණි මුසුකර පොල්කිරි සමඟ ආහාරයට ගතහැකි යි. මනා අතුරුපසක්.
ගැස්ට්‍රයිටීස් රෝගයට ප්‍රත්‍යක්ෂ ඖෂධයක්. උදේ ම හිස්බඩ කන්න ඕන. අධික ශීතල ආහාරයක්. ශරීරයේ උෂ්ණාධික බව අධික අයගේ ශරීරය සිසිල් කරන්න මෙයට පුළුවන්. කිරි දෙන මව්වරුන්ට, ගැබිනි මවුන්ට, දරුවන් බලාපොරොත්තු වෙන මව් පියන්ට ගුණ යි. කොච්චර ශීතාධික වුවත් වා පිත් සෙම් තුන්දොස් නසනවා. පීනස, කැස්ස, සෙම, හතිය සුව කරන්න පුළුවන්. සර්ප විෂ හරණයටත් ගන්නවා. අර්ශස් අමාරුව, ඔසප් දෝෂ, මූත්‍ර රෝග, ඉරුවාරදය ආදි රෝග රැසකට කැහිපිත්තන් ජෙලි ඉතා ගුණදායක යි.
ශරීරයේ රෝග රැසක් නැති කර ශරීරයට සෞඛ්‍යමය බවක් නිරෝගී බවක් ලබන්න අගනා ඔෟෂධයක් තමයි කැහිපිත්තන් කියන්නේ. නමුත් අපේ සමාජයේ ගොඩක් අය මේ ශාකයේ ඇති ඔෟෂධීය වටිනාකම දන්නේ නෑ.
------------------------
ලාංකිකයන් වන අප ජාතියක් ලෙස අභිමානවත්ව පෙරට එන්න කාලයයි මේ. කුමන අර්බුදයන් හමුවේ උවද අපි ශක්තිමත්ව එකා වන්ව නැගී සිටියෙමු....
හෙළ රජ දවස අප මාතෘ භූමිය පල බරින් පි‍රි සෟභාග්‍යමත් රටක් ලෙස තිබූ අයුරින්ම නැවතත් ගොඩ නැගීම අපේ යුතුකමයි.
ඒ සදහා එකා වන්ව සෑම ගෙවත්තකම එළවලු පළතුරු බෝග හැකි අයුරින් වගා කරමු. එයින් ඔබත්, අපත් සහ මුළු රටත් ශක්තිමත් වනු ඇත.
පෙළ ගැසෙමු.......දැනුවත් කරමු......
කාලය නිකරුණේ අපතේ නොයවා අටු කොටු පිරි ගෙවත්තක් අද සිට අපි නිර්මාණය කරමු.
අපේකමට එකතුවෙමු...
Copied

01/05/2022

ඒ නුඹලාටයි මේ දරුවන්ටයි
මොන රජ මැදුරෙද
දොරටුව ඇරුනේ......

"සොක්‍රටීස්" පුරාණ ග්‍රීසියේ , ප්‍රඥාව පිළිබඳ විශාල කීර්තියක් ලබා සිටි මහා දාර්ශනිකයෙක්  දිනක් පුද්ගලයෙක් මේ මහා දාර්ශනි...
29/04/2022

"සොක්‍රටීස්" පුරාණ ග්‍රීසියේ , ප්‍රඥාව පිළිබඳ විශාල කීර්තියක් ලබා සිටි මහා දාර්ශනිකයෙක්
දිනක් පුද්ගලයෙක් මේ මහා දාර්ශනිකයා මුණගැහිලා කතාවට වැටුනා.

- සොක්‍රටීස් ඔයා දන්නවාද මට ඔයාගේ යාලුවා ගැන ආරන්චි වුන දේ ?

- පොඩ්ඩක් ඉන්න , සොක්‍රටීස් උත්තර දුන්නා. ඔයා මට ඒක කියන්න කලින් මම ඔයාට පෙරන තුනේ පරීක්ෂාව කරන්න කැමතියි.

- පෙරන තුන? ඒ මොකක්ද ඒ ?

- ඔව් පෙරන තුනේ පරීක්ෂාව , සොක්‍රටීස් උත්තර දුන්නා. කවුරුහරි මට අනිත් අය ගැන කියන්න කලින්, ඒ අය අදහස් කරන දේ පෙරලා ගන්න මම පරෙස්සම් වෙනවා.

මම ඒකට කියන්නේ පෙරන තුනේ පරීක්ෂණය කියලා.

මුල්ම පෙරණය "සත්‍යය". ඔයා මට කියන්න යන දේ ඇත්තද කියලා බැලුවද?
- නෑ, මට ඒක ඇහුණ එකක් විතරයි.
- ඉතා හොඳයි! ඉතින් ඔයා ඒක ඇත්තද දන්නෙත් නෑ.

අපි දෙවන පෙරනයට යමු, දෙවන පෙරණය "කරුණාව". ඔයාට මගේ යාලුවා ගැන මට කියන්න තියෙන්නේ හොඳ දෙයක් ද?
- අයියෝ නැහැ නරක දෙයක් ,කේලමක් ! .
- ඉතින්, සොක්‍රටීස් අහනව , ඔයාට එයා ගැන නරක දේවල් මට කියන්නත් ඕන හැබැයි ඒවා ඇත්තද කියලා ඔයාට විශ්වාසත් නෑ.

කමක්නෑ අපි බලමු සමහරවිට ඔයාට තවමත් තුන්වන පෙරනයෙන් මේ පරීක්ෂණය සමත් වෙන්න පුළුවන්.

තුන්වන පෙරණය "ප්‍රයෝජනවත් බව" .ඔයා යාලුවා ගැන කියන්න යන දේ මට ප්‍රයෝජනවත් දෙයක් ද?
- නැහැ, ඒක මම නිකන් කියන්නේ.අපිට වැදගත් නෑ.

- ඉතින්, ඒ පුද්ගලයා දිහා අනුකම්පාවෙන් බලපු සොක්‍රටීස් කිව්වා , ඔයා මට කියන්න යන්නේ ඇත්තද දන්නෙත් නැති , අසුභවාදී ප්‍රයෝජනයක් නැති දෙයක්. ඇයි එහෙනම් මට මේක කියන්න හිතුවේ?

"ඕපාදූප යනු නරක දෙයකි. ආරම්භයේදී එය විනෝදජනක වේ. විනෝදජනක ලෙස පෙනුනද, අවසානයේ එය අපගේ හදවත් දරුනු අදුරකින් පුරවා අපව ද විනාශ කරයි!"
copied

හිටපු ඉන්දීය ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් මහතා වරක් මෙසේ පවසන ලදි. "මම පොඩි කාලේ මගේ අම්මා අපි වෙනුවෙන් කෑම පිසුවා. එක්...
29/04/2022

හිටපු ඉන්දීය ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් මහතා වරක් මෙසේ පවසන ලදි.
"මම පොඩි කාලේ මගේ අම්මා අපි වෙනුවෙන් කෑම පිසුවා. එක් දිනයක ඇය බොහෝ වෙහෙස මහන්සි වී දිවාකල වැඩ කිරීමෙන් පසු රාත්‍රී ආහාරය පිළියෙළ කළා. අම්මා 'සබ්සි' නම් ව්‍යාංජනය සහ අධික ලෙස පුළුස්සා දැමූ රොටියක් මගේ තාත්තා ඉදිරිපිට තැබුවා. පිළිස්සුණු රොටිය කිසිවෙකු දුටුවා දැයි මම බලා සිටියෙමි. නමුත් තාත්තා ඔහුගේ රොටිය කිසිදු නුරුස්නා බවින් තොරව කමින් මගෙන් ඇහුවා මගේ පාසලේ දවස ගතවුනේ කොහොමද කියලා. එදින රාත්‍රියේ මා ඔහුට පැවසූ දේ මට මතක නැත, නමුත් මට මතකයි අම්මා පුළුස්සා දැමූ රොටී වෙනුවෙන් තාත්තාගෙන් සමාව ඉල්ලුවා.

ඔහු අම්මාට පැවසූ දේ මට කිසිදා අමතක නොවනු ඇත: "පැටියෝ, මම පිළිස්සුණු රොටී වලට කැමතියි."

එදින රාත්‍රියේ නින්දට පෙර මම තාත්තාව සිප ගැනීමට ගියෙමි. සුභ රාත්‍රියක් පැතූ මම ඔහුගෙන් ඇසුවේ ඔහු රොටී පුළුස්සා කෑමට කැමතිදැයි කියායි. ඔහු මාව දෑතින් වැළඳ මෙසේ පැවසීය:
"ඔබේ අම්මා අද දින ඉතා වෙහෙස මහන්සි වී වැඩ කළ අතර, ඇයට ඇත්තටම මහන්සියි. පිළිස්සුණු රොටී කිසි විටෙකත් කිසිවෙකුට රිදවන්නේ නැත, නමුත් රළු වදන් එසේ කරනවා! "
" ඔබ දන්නවද පුතා, ජීවිතයේ සර්ව සම්පූර්ණ දේවල් සහ සර්ව සම්පූර්ණ මිනිසුන් නැත "

මම හොඳම කෙනා නොවන අතර ජීවිතය සර්ව සම්පූර්ණ නොවන බව පිළිගැනීමට මම ඉගෙන ගෙන ඇති අතර ඔබට සමීපතම හා ආදරණීය පුද්ගලයින්ද එසේ සර්ව සම්පූර්ණ නොවේ.

"මම වසර ගණනාවක් තිස්සේ ඉගෙන ගත් දෙය නම්: එකිනෙකාගේ වැරදි පිළිගැනීම සහ සබඳතාවයන් අගය කිරීමට තෝරා ගැනීම අගනේය යන්නයි"

උපුටා ගැනීමකි

‘‘ත්‍රිමා පුතාගේ අළු තැන්පත් කරපු තැන අදත් ඇන්තූරියම් මලක් පිපිලද බලන්න.’’ පද්මසිරි ත්‍රිමාවිතානගේ මව ලෙබනනයේ යුද බිය මැ...
28/04/2022

‘‘ත්‍රිමා පුතාගේ අළු තැන්පත් කරපු තැන අදත් ඇන්තූරියම් මලක් පිපිලද බලන්න.’’

පද්මසිරි ත්‍රිමාවිතානගේ මව ලෙබනනයේ යුද බිය මැද රැකියාවට ගොස් ඇත්තේ වසර 5 ක කොන්තරාත් කාලයක් සඳහාය. ත්‍රිමාවිතාන නිතරම තම ලිපි මගින් දන්වා සිටියේ වසර 5 ම සේවය කොට ත්‍රිමාත් තම නංගිලා මල්ලිලාටත් සමාජයේ යහපත් පුරවැසියන් ලෙස අධ්‍යාපනය ලබන්නට අවස්ථාව ලබා දෙන ලෙසය. තම නිවසින් වසර 4 1/2 ක් ගිය මුත් කිසිම දවසක ලංකාවට එන ලෙස දන්වා නැති නිසා ත්‍රිමාගේ මවට යම් ගුප්ත සිතුවිල්ලක් මෙන්ම සැකයක් ඇතිවන්නට විය.

‘‘මට ලොකුම ප්‍රශ්නය වුණේ ලෙබනනයේ මම සේවය කළ නිවසේ හිමියන් දාලා එන එක. මම අවුරුදු 4 1/2 ක් පවුලේම කෙනෙක් වගේ හිටියේ. මිනිස්සු මැද පෙරදිග ගිහින් අසරණ වුණාට මට නම් හොඳම තැනක් ලැබුණේ. මගේ දරුවන්ගේ වාසනාව නිසා වෙන්නැති. මං එනවා ආයි ලංකාවට කිව්වම ඒ ගෙදර අය ඔක්කොම ඇඬුවා. උඹ ආපහු ලංකාවට ගිහින් එනකම් උඹ වගේම හොඳ කෙනෙක් නවත්තලා යන්න කියලා මට කිව්වා. මට කිව්වෙම ආපහු වරෙන් කියලා. මට ලෙබනනයේ ඉන්න කොටම තේරුණා ත්‍රිමා පුතා වෛද්‍ය වෘත්තීය අධ්‍යාපන කඩ බවට පත් වීමට වගේම ඉන්දියාව ලංකාවට එල්ල කරන තර්ජන බලපෑම් ගැන කැකෑරෙන වෛරයෙන් ඉන්න බව. එයා එයට විරුද්ධව රත්නපුරේ පැත්තේ දේශන පවත්වනවා කියලා නම් කීයටවත් හිතුවේ නැහැ.’’

කටුනායක ගුවන් තොටට පැමිණි සැණින් ත්‍රිමාගේ මව විමසා ඇත්තේ තම ලොකු පුතා පද්මසිරි ත්‍රිමාවිතාන ගැනය. තම සැමියාට අමාරු බව කිව්වත් තම පවුලේ අය හංගන යම් බලගතු කාරණයක් ඇති බව ත්‍රිමාගේ මවට දැනෙන්නට විය.

මහ ගෙදර ඇවිත් දවස් 2-3 ක් ගත වූ මුත් පද්මසිරි පුතා තමන් බලන්නට නොපැමිණීම ත්‍රිමාගේ මවට මහත් ප්‍රශ්නාර්ථයක් විය.
අහල පහල නිවැසියන් තමන් හමුවට පැමිණ කතා කරන විට යම් සංයමයකින් කතා කිරීම ඇය තුළ ඇති කළේ කුතුහලයකි.

ටික දවසක් යන කොට ගෙදර කට්ටිය හංගන්නම බැරි තැන මගේ ජීවිතයේ එකම බලාපොරාත්තුව පද්මසිරි පුතාට අත්වුණු ඉරණම මට කිව්වා. ඒක මට දරා ගන්න බැරි වේදනාවක් වුණා. පුතා දිවි පිදුවේ වෛද්‍ය උපාධිය පෞද්ගලීකරණයට එරෙහිව.

මට ලෙබනනේට එන්න කියලා තිබ්බේ තුන් මාසේ දානේ දෙන්න. මගේ තරුණ ජීවිතයම මම ලෙබනනයේ කැඹුරුවේ මගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්. ඒ කාලේ මගේ පඩිය ඩොලර් 100 යි. ලංකාවේ සල්ලිවලින් රු. 2500 /- යි. පුතා පද්මසිරි කොහොමත් වැඩිය කතා කරන කෙනෙක් නොමෙයි. පවුලටම ආදරෙයි. මම ලෙබනන් ඉන්න කොට ඇටසැකිල්ලක් ගන්න රු. 500/- ක් ඉල්ලල එවල තිබුණා. මං ලංකාවට ආපු අලුත පුතාගේ කාමරේ ඒ ඇටසැකිල්ල එල්ලල තිබුණා. ලෙබනන් යුද්දෙ නිසා එහෙ වැඩ කරපු අපි වගේ අයගේ පඩිය 50% කින් කැපුවා. ඒත් පද්මසිරි පුතා වෛද්‍යවරයෙක් වෙන්න ඉගෙන ගන්නේ මේ පඩි සල්ලිවලින් කිව්වාම ලෙබනන් ගෙදර අය පඩිය සතයක් කපන්නැතුව අතටම දුන්නා. ගෙදර මහත්තයා මම එනකොටත් කිව්වේ ‘‘උඹේ ළමයි ඉගෙන ගන්නවනේ. ආපහු වරෙන් කියලා.’’

පද්මසිරි ත්‍රිමාවිතාන අද ජීවතුන් අතර සිටියා නම් ඔහුගේ වයස 53 කි. ත්‍රිමාගේ මව කියන්නේ තම සැමියා මිය යනතුරුම ලොකු පුතා පද්මසිරි ගැන මතක් කළ බවය.

ත්‍රිමාවිතාන යන නම මෙරට වෛද්‍ය සේවයේ කෙතරම් කිඳා බැස ඇති නමක්දැයි ඔහුගේ මව අපට කියූ කතාවකින් අපට මනාව වැටහී ගියේය.

ඉස්පිරිතාලේ බේත් ගන්න පෝලිමේ ඉන්න කොට මගේ නම “ත්‍රිමාවිතාන” කියලා දැනගත්ත ගමන් දොස්තරලා මාව ඉස්සරහටම ගන්නවා පෝලිමෙන් අයින් කරලා. ත්‍රිමා පුතා වෛද්‍ය විද්‍යාලය පෞද්ගලීකරණයට එරෙහිව දිවි පුදපු එක ගැන දොස්තරලා පුදුම ගෞරවයක් තියෙන්නේ. සමහර දාට පුතා එක්ක ඉගෙන ගත්ත දොස්තරලත් කලාතුරකින් හම්බෙනවා. ත්‍රිමා පුතා හිටියා නම් මටත් වෙදකම් කරයි නේද කියලා මට එතකොට ඉබේම හිතෙනවා. පද්මසිරි පුතාට අපි පාරක් ගහල වත් හැදුවේ නැහැ. පත්තරවල තිබුණලු පුතාට පරාල ඇණ ගහලය මරලා පුච්චල තිබුණේ කියලා. අපි කොච්චර හොඳට දරුවෝ හැදුවත් දේශපාලනයට ගියාම හික්මීමක් නැති වෙනවා. අද ත්‍රිමා පුතා හිටියනම් දොස්තර කෙනෙක් විදියට රටටත් සේවයක් කරලා පවුලටත් සේවයක් කරනවා.’’
ත්‍රිමාගේ මවගේ කතාව අසා සිටි විට අපට ප්‍රශ්නයක් වූයේ ත්‍රිමාවිතාන සමග දේශපාලනයේ යෙදුන පුද්ගලයින්ගෙන් ඇයට යම් රැකවරණයක් නොලැ​ෙබන්නේ ද යන පැනයයි. ඒ ගැන ඇය පවසා සිටියේ තමන් අසරණ මුත් තම අනෙක් දරුවන් සමග ඇය තෘප්තිමත් ජීවිතයක් ගත කරන බවය.

ත්‍රිමා වෙනුවෙන් යුතුකම් ඉටු කිරීම එයාගේ සමකාලීනයින්ගේ යුතුකම. මම කාගෙන්වත් මුකුත් ඉල්ලන්නේ නැහැ. මට මහත්තයගේ පෙන්ෂන් එක තියෙනවා. ලොකු පුතා ඇඳපු චිත්‍ර, ලියපු ලිපි, කවි ගොඩක් මං ගාව තිබුණා. එක එක්කෙනා ගෙනත් දෙන්නම් කියලා ගෙනිහිල්ලා දැන් මුකුත් මං ගාව නැහැ. මට ඒ ටික ලැබුණොත් ඇති.

ත්‍රිමාවිතාන වෛද්‍ය ශිෂ්‍ය ඝාතනය සිදු වී ඇත්තේ මීට වසර
31 කට පෙර 1988 දීය.

මේ ඝාතනය ගැන මුලින්ම පුවත් පත් වාර්තාවක් පළ කොට ඇත්තේ 1988 ඔක්තෝබර් 27 වැනිදා දවස පුවත්පතේ මුල් පිටුවේය.
මළ සිරුරු තුනම අද යළි ගොඩ ගනී.

වැල්ලවායේ මැදගොඩ කොස්ලන්ද කැලෑවේදී මරා පුළුස්සා දමා තිබියදී ගොවියකුට හමු වූ නාඳුනන තරුණයින් තිදෙනාගේ මළ සිරුරු තුන අද උදේ යළි ගොඩ ගැනීමට පොලිසිය මගින් කටයුතු යොදා ගෙන යනු ලැබීය.

ඉකුත් ඉරිදා (23 වෙනිදා) සොයා ගන්නා ලද මෙම නාඳුනන මළ සිරුරු තුනම වැල්ලවායේ පොදු සුසාන භූමියේදී ආරක්ෂක අංශ මගින් භූමිදානය කරනු ලැබ ඇත.

මෙම මළ සිරුරු තුන පිළිබඳව රත්නපුර මන්ත්‍රී නන්ද එල්ලාවල මහතා විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව අධිකරණයේ නියමයක් මත මෙම ගොඩගැනීම සිදු කෙරෙනු ඇත.

මරා දමා සිටි තරුණයින් තිදෙනාගේ කලිසම් කමිස ආදිය වැල්ලවාය පොලිසියට ඊයේ උදේ පැමිණි ඥාති මිත්‍රාදීන් කීප දෙනකු විසින් පරීක්ෂා කර බලා එම ඇඳුම් හඳුනා ගැනීමෙන් පසුව පොලිසිය විසින් මළ සිරුරු ගොඩගැනීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරනු ලැබීය.

ත්‍රිමා විතාන ඝාතන සිද්ධිය ගැන මුලින්ම පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කර ඇත්තේ විපක්ෂ නායක අනුර බණ්ඩාරනායක මහතාය. ඒ ගැන ද ඒ දින දවස පුවත්පත මුල් පිටුවේම වාර්තා කර ඇත්තේ මෙසේය.

සිසුන් 3 ගේ මරණ ගැන පරීක්ෂා කරනවා ජාතික ආරක්ෂක ඇමැති කියයි.

රත්නපුරයේදී පැහැර ගෙන ගොස් පුළුස්සා මරා දමන ලද ශිෂ්‍යයන් තිදෙනාගේ මරණ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීමට රජය පියවර ගෙන ඇතැයි ජාතික ආරක්ෂක ඇමැති ලලිත් ඇතුලත්මුදලි මහතා ඊයේ (26) පාර්ලිමේන්තුවේ දී පැවැසීය.
විපක්ෂ නායක අනුර බණ්ඩාරනායක මහතා විසින් පාර්ලිමේන්තුවේ දී ඊයේ උදේ මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එසේ කී ඇතුලත්මුදලි මහතා මෙම පරීක්ෂණය කිසිදු හේතුවක් නිසා හෝ හෝ පසුබෑමකින් තොරව සිදු කරන බවත් මෙම සිද්ධියට අදාළ යම් පුද්ගලයින් සිටී නම් ඔවුන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පතිවරයා අදාළ නිලධාරීන්ට නියෝග කර ඇති බවත් කීය.
1988 ඔක්තෝබර් 28 වැනි සිකුරාදා දවස පුවත් පතේ ප්‍රධාන පාඨයට පාදක වී ඇත්තේ ත්‍රිමාවිතාන ඇතුළු 3 දෙනෙකුගේ සිරුරු ගොඩ ගැනීමයි. එම ලීඩ් එක ලියා ඇත්තේ සමන් සුමනසේකර විසිනි. වැල්ලවායේදී ගොඩ ගත් සිරුරු 3 පරීක්ෂාවට කොළඹට ගෙනේ. සබරගමු මහ ඇමතිගේ පුතා රිමාන්ඩ් යනුවෙන් එහි සඳහන්ය. එහි වැඩිදුරටත් මෙසේ සඳහන්ය.

රත්නපුර නගරයේ දී ඉකුත් 28 දා විශ්වවිද්‍යාල සිසුන් තිදෙනෙකු පැහැර ගෙන ගොස් මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් පෙරේදා (26 දා) සවස පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගත් සබරගමුව පළාතේ මහ ඇමති ජී.වී. පුංචි නිළමේ මහතාගේ පුත් සුසන්ත පුංචිනිළමේ මහතා නොවැම්බර් 07 දා දක්වා රක්ෂිත බන්ධනාගාරයේ රඳවා තබන ලෙස රත්නපුර මහේස්ත්‍රාත් ටියුඩර් ගුණරත්න මහතා ඊයේ නියෝග කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මිය ගිය එක් සරසවි ශිෂ්‍යයකුගේ ඥාති සහෝදරයකු විසින් රත්නපුර පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සුසන්ත පුංචි නිළමේ මහතා කොළඹදී පෙරේදා (26 දා) සවස සැකපිට අත්අඩංගුවට ගත් බව ජ්‍යෙෂ්‍ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

රත්නපුර පොලිස් අධිකාරි සිරිසේන හේරත් මහතාගේ උපදෙස් මත පෙරේදා කොළඹ බලා පිටත් වූ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් කොළඹදී පුංචි නිළමේ මහතා සැකපිට අත්අඩංගුවට ගත් අතර එදිනම රාත්‍රි ඒ මහතා රත්නපුරයට ගෙන ගොස් මහේස්ත්‍රාත්වරයා හමුවට පමුණුවන ලැබූ බව එම නිලධාරියා වැඩිදුරටත් කීය. වැල්ලවාය පොලිසියට සැතැපුම් භාගයක් පමණ ඈතින් වැල්ලවායේ සුසාන භූමියේ වළ දමා තිබූ මෙම සිසුන් තිදෙනාගේ මළ සිරුරු ඊයේ (27 දා) උදේ පොලිසිය විසින් නැවත ගොඩ ගනු ලැබූ බව පොලිසිය කියයි.

​ෙගාඩ ගනු ලැබූ මෙම මළ සිරුරු සිරිමල් විතාරණ, ඩී.ඩී. බන්ධුවර්ධන හා රංජිත් පෙරේරා යන සිසුන්ගේ බවට ඔවුන්ගේ ඥාතීන් විසින් ඊයේ උදේ වැල්ලවායේදී හඳුනා ගනු ලැබූ බව මොණරාගල ප්‍රදේශයේ ජ්‍යෙෂ්‍ඨ පොලිස් නිලධාරියෙක් කීය.

සිසුන් තිදෙනාගේ මළ සිරුරු සම්බන්ධයෙන් ඊයේ උදේ මොණරාගල වැඩ බලන මහේස්ත්‍රාත් බී.එච්.එස්. ජයසේකර මහතා විසින් මළ සිරුරු ගොඩ ගත් ස්ථානයේදී මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ අතර වැල්ලවාය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී දොස්තර කේ. තිස්වරම්පිල්ලේ මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වනු ලැබීය.

මිය ගිය සිසුන් තිදෙනාගේ මළ සිරුරු වැඩිදුර පරීක්ෂණ සඳහා ඊයේ සවස හෙළිකොප්ටර් යානයකින් කොළඹ වෝහාරික වෛද්‍ය පීඨයට ගෙන ඒමට නියමිතව තිබූ බව මොණරාගල සහකාර පොලිස් අධිකාරි ලලිත් ලේකම්ගේ මහතා “දවස” ට පැවසීය.
ඊයේ සවස වැල්ලවාය රෝහලේ දී කොළමට ගෙන ඒම සඳහා මළ සිරුරු පෙට්ටිවල දමා මුද්‍රා තැබූ බවද ඒ මහතා කීය. මෙම සිසුන් තිදෙනා ඉකුත් 22 දා රත්නපුර නගරයේදී කළු පැහැති පැජරෝ රථයක දමා ගෙන පැහැර ගෙන ගොස් ඇති අතර පසුව මරා පුළුස්සා දමා තිබූ ඔවුන්ගේ මළ සිරුරු වැල්ලවාය කොස්ලන්ද තිබී හමු වී ඇතැයි විපක්ෂයේ නායක අනුර බණ්ඩාරනායක මහතා පෙරේදා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

සිසුන් තිදෙනාගේ මරණ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ මෙහෙයවීම යටතේ අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන බව මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ජාතික ආරක්ෂක ඇමැති ලලිත් ඇතුලත්මුදලි මහතා පැවසීය.

සිසුන් තිදෙනාගේ මරණ සම්බන්ධයෙන් ශෝකය පළ කිරීමට රත්නපුර හා වැල්ලවාය යන ප්‍රදේශවල වෙළෙඳසල් ඊයේ වසා දමා තිබූ අතර නිවෙස්වල සුදු කොඩි දමා තිබූ බව වාර්තාවේ.

ත්‍රිමාවිතාන ඝාතනය කළ දිනය ලෙස සැලකෙන්නේ 1988 ඔක්තෝබර් 22 වැනිදාය. ඊට දින 9 කට පසු ඔහුගේ මරණ පරීක්ෂණ වාර්තාව ඔක්තෝබර් 31 වැනිදා දවස පුවත් පත වාර්තා කොට තිබුණි. එහි පරාල ඇණ හිසට ගැසීමක් ගැන සඳහන් නොවුණත් ඔහුගේ දෙපා කැඩී තිබූ බව නම් සඳහන්ය. මෙම අධිකරණ වාර්තාව හේමචන්ද්‍ර නානායක්කාර සහ ලොකු බණ්ඩාර මුණසිංහ විසින් වාර්තා කොට තිබුණි. එය වාර්තා කොට ඇත්තේ අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ කට උත්තරයක් ලෙසය.

සිසුන් තිදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිරුරුවල වෙඩි වැදුණ හා පිලිස්සුම් තුවාල තිබුණා.

වැල්ලවායේ මරා දමා තිබි හමු වූ සිසුන් තිදෙනාගේ සිරුරුවල වෙඩි වැදුණ තුවාල හා පිලිස්සුම් තුවාල තිබූ බවද ත්‍රිමා විතානගේ සහ රංජිත් පෙරේරාගේ පාද කැඩී තිබූ බවද කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී දොස්තර ඇම්.ඇස්.ඇල්. සල්ගාදු මහතා සිය පශ්චාත් වෛද්‍ය පරීක්ෂණ වාර්තාවේ සඳහන් කර ඇත. කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී දොස්තර සල්ගාදු මහතා මෙම මළ සිරුරු තුන සම්බන්ධව පෙරේදා දෙවන වරටත් පශ්චාත් වෛද්‍ය පරීක්ෂණය පැවැත්වීය.

පද්මසිරි ත්‍රිමාවිතානගේ හිසට වෙඩි වැදුණ තුවාල සහ ඔහුගේ පාද දෙකේත් දණ හිසත් කඩා දමා ඇති බවද බන්ධුවර්ධන​ෙග් පිටට වෙඩි වැදුණ තුවාල සතරක් ද අත් දෙක කැඩී තිබූ බවද සිරුරු පුරා පිලිස්සුම් තුවාල තිබූ බවද එම වාර්තාවේ සඳහන් කර ඇත.
රංජිත් පෙ​ෙර්රාගේ සිරුරේ වෙඩි වැදුණ තුවාල හා පිලිස්සුම් තුවාල තිබූ බවද කකුල් දෙකම කැබී බිඳී තිබූ බවද පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වේ.

සරසවි සිසුන් තිදෙනාගේ මරණ සම්බන්ධව දෙවන වරට කොළඹදී පවත්වන ලද පශ්චාත් වෛද්‍ය පරීක්ෂණයේ මෙම කරුණු සඳහන් වාර්තාව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී දොස්තර ලක්ෂ්මන් සල්ගාදු මහතා ඉදිරි දින කීපය තුළ දී මොණරාගල මහේස්ත්‍රාත්වරයාට යැවීමට නියමිතය.

මෙම මළ සිරුරු තුන පොලිතින් කඩදාසිවල ඔතා තිබුණ බව සිරුර ගොඩ ගත් අවස්ථාවේදී මොණරාගල දිස්ත්‍රික්ක වෛද්‍ය නිලධාරී සහ වැල්ලවාය පොලිසියේ නිලධාරීන් සොයා ගෙන ඇත.

අවසානයේ ත්‍රිමාවිතානගේ සිරුර තැන්පත් කරන්නේ කොළඹ වෛද්‍ය විද්‍යාලයේය. ඔක්තෝබර් 31 වැනිදා අවමඟුල් පෙරහරට ලක්ෂයකට වැඩි පිරිසක් සහභාගී වූ බව වාර්තාවේ.

‘‘මගේ පුතාගේ මුහුණවත් මට බලා ගන්න බැරි වුණා’’ යි ත්‍රිමාවිතානගේ මව බලා ගත් අත සිතුවිලි සයුරේ කිමිදෙන්නට වූවාය. අපට ඉන් පසු දැනගන්නට ඕනෑ වූයේ පද්මසිරි ත්‍රිමාවිතානගේ දේහය අදාහනය කළේ කොළඹ බැවින් ඔහුගේ අළුවලට සිදු වූයේ කුමක්දැයි කියාය. අධි ​ෙචා්දනා 13 ක් මත රත්නපුර අධිකරණයේ විනිසුරු කේ.ටී. මිත්‍රසිරි ඉදිරියේ විභාගයට ගැනුන ත්‍රිමා, බන්දු, රංජිත් ත්‍රිපුද්ගල නඩුවේ සුසන්ත පුංචි නිළමේ අවසානයේ නිදොස් කොට නිදහස්වූ බව අද රහසක් නොවේ. ත්‍රිමාගේ අළු නිවසේ භූමියේ කොනක තැන්පත් කර ඇති බව දැන ගන්නට ලැබුණි.

අපේ ගමනට ඡායාරූප ශිල්පී ඇලෙක්සැන්ඩර් බාලසූරිය සමග රියදුරු නන්දලාලුත් එක් විය. අප ආපසු පැමිණෙන විට පාර කියූ ත්‍රිමාගේ මව අපෙන් ඉල්ලීමක් කළාය.

‘‘ත්‍රිමා පුතාගේ අළු තැන්පත් කරපු තැන අදත් ඇන්තූරියම් මලක් පිපිලද බලන්න.’’

ත්‍රිමාගේ භෂ්මාවශේෂ තැන්පත් කර ඇති තැන ඉහළට එසවුණ ඇන්තූරියම් ගහේ රතුම රතු ඇන්තූරියම් මලක් පිපී අප දෙස බලා සිටින්නේ දිගු කතාවක් කියාන්නාක් මෙන් යයි අපට හැඟිනි.

Copied

Respect
28/04/2022

Respect

 #උසස්_තත්වයේ_සබන්_නිවසේදීමසබන් යනු තෙලක් භෂ්මයක් සමග ප්‍රතික්‍රියා කිරීමෙන් ලැබෙන ලවණයක්. එය ජලයේත් තෙල් වලත් යන දෙකේම ...
27/04/2022

#උසස්_තත්වයේ_සබන්_නිවසේදීම

සබන් යනු තෙලක් භෂ්මයක් සමග ප්‍රතික්‍රියා කිරීමෙන් ලැබෙන ලවණයක්. එය ජලයේත් තෙල් වලත් යන දෙකේම දියවීමයි විශේෂත්වය.

සබන් වල තත්වය මනින එක් මිනුමක් වන්නේ total fatty matter (TFM) අගයයි. එය රෙදි සෝදන සබන් වැන්නක 54% ක්. TFM අගය 60% ට අඩු ඒවා තුන් වන ගනයේ ලෙස සැලකෙනවා. TFM අගය පහල යන්නේ වියදම අඩු කර ගැනීම සඳහා ඊට fillers එකතු කරන නිසා. එය 70% ට වැඩි නම් පළමු ගනයේ සබන් ලෙස සැලකෙනවා. ශාක තෙල් වලට අමතරව සබන් සෑදීමට සත්ව තෙල් ලාභදායී අමුද්‍රව්‍යයක් ලෙස යොදා ගැනෙනවා. සමහර සබන් වර්ග වල සත්ව තෙල් අඩංගු නොවන බව සඳහන් වෙනවා.

පොල් තෙල් හා කෝස්ටික් සෝඩා භාවිතා කර උපරිම TFM අගයට ලඟා වෙමින් ඉතාමත් පහසුවෙන් උසස් තත්වයේ සබන් ගෙදරදීම හදාගන්න පුලුවන්.

අවශ්‍ය දේ

1. පිරිසිදු පොල් තෙල් : කලවම් තෙල් ගන්න එපා මිනුම් වරදිනවා. පාම් තෙල් හෝ වෙනත් තෙල් ජාති ගන්න එපා. හොඳ පොල් තෙල් ලීටරයක් 600/- විතර වෙයි.

2. කෝස්ටික් සෝඩා (NaOH) : පිටකොටුවේ බංගසාල වීදියෙන් (Bankshall Street) ගන්න පුලුවන් ග්‍රෑ. 250ක් රු 50/- ක් වගේ මිලකට.

3. පිරිසිදු වතුර

4. සුවඳ කාරකයක් : මම දාන්නේ කේක් වලට දාන එසන්ස්. කුප්පියක් 75/- යි.

5. සබන් අච්චු : ඕනෑම සැහැල්ලු ප්ලාස්ටික් භාජනයක්. සබන් පෙට්ටි පියන්, අයිස්ක්‍රීම් යෝගට් කප්…

6. මිශ්‍ර කිරීමට ප්ලාස්ටික් භාජනයක් : අයිස්ක්‍රීම් කප් එකක් වගේ.

7. Hand mixer හෝ be**er එකක්.

කෝස්ටික් සෝඩා ප්‍රබල භස්මයක්. අතේ ගාගන්න එපා. අතේ ටිකක් ගෑවුනා කියලා මුකුත් වෙන්නේ නෑ. ගොඩක් ගාගත්තොත් හම යයි. අතේ ගෑවුනාම අතේ තියෙන තෙල් සබන් බවට පත් වන නිසා සෙවල ගතියක් දැනෙනවා. වතුරෙන් ටික වේලාවක් හේදුවාම ඉවත් වෙලා යනවා. කොහොම වුනත් අතින් අල්ලන්න යන්න එපා.
ඇස් වල නම් යාන්තමින්වත් ගාගන්න එපා. කෝස්ටික් සෝඩා ඇලුමීනියම් සමඟ තදින් ප්‍රතික්‍රියා කරන නිසා මේ වැඩේට ඇලුමීනියම් සම්බන්ධ කරගන්නේ නෑ.

සාදන ක්‍රමය:

සබන් හදන එක සම්බෝලයක් හදනවාටත් වඩා ලේසියි. මේකේ අමාරුම වැඩේ තමයි කෝස්ටික් සෝඩා ටික හරියට කිරාගන්න එක.
ආසන්න ග්‍රෑම් 5 ට වත් සෝඩා ටික කිරාගන්න ඕනෑ. ඒක නිසා දල වශයෙන් සෝඩා ටිකක් මැනගෙන ලඟ තියෙන කඩේට ගිහිල්ලා ඉලෙක්ට්‍රොනික් තරාදියෙන් ග්‍රෑම් එකටම මැනගෙන එන්න. සෝඩා වාතයේ තියෙන ජල වාශ්ප උරාගෙන දියවෙන නිසා ග්‍රොසරි බෑග් එකේම තියෙන්න අරින්න. වතුරයි තෙලුයි චුට්ටක් වැඩි වුනාට ප්‍රශ්නයක් නෑ. ඒවා ගෙදර තරාදියෙන් මැනගත හැකියි.

අනුපාතය: තෙල් ග්‍රෑ. 540 ට සෝඩා ග්‍රෑ. 97 යි, වතුර ග්‍රෑ. 242 යි.

1. ප්ලාස්ටික් භාජනයකට වතුර ටික දාලා සෝඩා ටික ටික දදා දිය කරගන්න. ටිකක් රත් වෙනවා.

2. තෙල් ටික ප්ලාස්ටික් භාජනයකට දාලා මේ මිශ්‍රනය තෙල් වලට ටික ටික දදා හොඳට බීට් කරන්න. මිශ්‍රනය කහ පාටට හැරෙයි. හදිස්සියක් නැතුව දිගටම හොඳට බීට් කරන්න. ටික වෙලාවක් යනකොට උකු ගතිය වැඩි වෙයි.

3. සුවඳ කාරක දාන්න. පාට ඕනෑ නම් food colouring ටිකකුත් දාන්න. පාට නොදැම්මොත් හැදෙන්නේ කහපාට සබන් නෙවෙයි. කිරි සුදු පාට සබන්.

4. විනාඩි 10ක් විතර බීට් කරලා අච්චු වලට වක් කරලා වහලා තියන්න.

5. දවසකින් දෙකකින් හයි වෙනවා. ඊට පස්සේ අච්චු වලින් ගලවලා සති දෙකක් පරන කරන්න ඕනෑ. ඒ කාලය තුලත් ප්‍රතික්‍රියාව දිගටම වෙනවා. ඊට පස්සේ පාවිච්චියට ගන්න පුලුවන්.

මේ අනුපාතයන්ට මිශ්‍ර කලාම ලැබෙන්නේ moisturizing සබන් කියලා කියනවා. ඇඟේ ගාන්න හොඳයි. චුට්ටක් ගෑවත් හොඳට පෙන එනවා. අත්දුටුවයි.

උපුටාගැනීම
DIYweb.Lanka වෙතින්.

Address

Kappagoda
Mawanella

Telephone

+94772279138

Website

Alerts

Be the first to know and let us send you an email when Offi & Ziggy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Offi & Ziggy:

Videos

Share

Category