Big City Animal Clinic & Surgery

Big City Animal Clinic & Surgery Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Big City Animal Clinic & Surgery, Pet service, Minuwangoda.

Happy New Year 2024
02/01/2024

Happy New Year 2024

10/12/2021

1992 අමතන්න... 🙏

මගේ අත මත බියෙන් සලිත වී මුහුණ හොවාගෙන සිටින්නේ ඕලු මුවෙකි. මුහුණ බලන විට යහපත් සෞක්‍ය තත්වයේ සිටින බව පෙනෙන නමුත් පිටු පස පාදයේ කලවා හරියේ විශාල තුවාලයක් හා තවත් තුවාල කිහිපයක් හේතුවෙන් සතා දැඩි සේ අසාධ්‍යව සිටී. පෙර දිනයේ බලු රංචුවකට මැදිව එසේ බරපතල තුවාල ලබා තිබූ ඒ සතා, උතුම් මිනිසෙකුගේ උනන්දුව කැපවීම මත මාගේ සායනයට එදින උදෑසනම ගෙන විත් තිබුණි. එම දරුණු තුවාල, බෙහෙත් දැමීමෙන් පමනක් සුව කල නොහැකිය. දින ගණනාවක දැඩි සත්කාරයක් අවශ්‍යය. නමුත් අවාසනාවකට ඒ වෙනුවෙන් පහසුකම් අප සතුව නැත.

"මේ තුවාල ගොඩාක් දරුණුයි. දිගටම බෙහෙත් දාන්න වෙනවා. සතා වනජීවී එකට භාර දෙන්න ඕන..." සතා ගෙනවිත් තිබුන මැදිවියේ වූ තරුණ මහතා සමඟ කීවෙමි. රෝගී වන සතුන් නතරකරගෙන ප්‍රතිකාර කිරීමේ පහසුකම් පවතින්නේ වනජීවී පශු වෛද්‍ය ඒකක සතුවය.

"කමක් නෑ ඩොක්ටර්.. ඊයේ රෑ පුරාවට පරිස්සම් කරේ අමාරුවෙන්.. "

"වනජීවී භාර දෙන එක තමයි ප්‍රශ්නේ.."

කෙදිනක හෝ වන සතෙකු අප හමුවට ඉදිරිපත් වූ විට අපි දැඩි අපහසුතාවයකට පත් වෙනු ලබයි. වනජීවී සත්ත්ව රෝහලකට හෝ පේරාදෙනිය පශු වෛද්‍ය පීඨයට හෝ යැවීම සදහා ප්‍රවාහන පහසුකම් සොයා ගැනීම දුශ්කරය. මුවා ගෙන ආ කෙනා මේ වන විටත් ලොකු කැප කිරීමක් කර ඇත. බල්ලන්ගෙන් මුවා බේරා ගැනීමෙන් පසු රැය පුරාම ඔහුගේ ලොරි රථයේ රදවා තබා පසුදා තම වාහනයෙන්ම සෑහෙන දුරක් ගෙවා සතා ගෙනවිත් ඇත. වන සතෙක් වෙනුවෙන් ඔහු කල කැපවීම බෙහෙවින් ප්‍රශංසනීයය.

"උදේ ගේනකොට මම පොලීසියටත් කියලා ග්‍රාම නිලදාරීටත් කියලා තමයි ආවේ.." වනජීවින් ප්‍රවාහනය කිරීමේදී ප්‍රශ්න ඇති විය හැකි බවට ඔහු තුල වූ අවභෝදය නිසාම පූර්ව ආර්ක්ශක ක්‍රියාමාර්ග ගෙන තිබුණි. වන සතුන් සන්තකයේ තබා ගැනීම හා ප්‍රවාහනය වලංගු නීතිය යටතේ වරදකි. යහපත් අරමුනෙන් සතා ගෙන ප්‍රවාහනය ඇති බව හොඳින්ම පෙනෙන නිසා ප්‍රශ්නයක් වීමට ඉඩක් නැතැත් පොලිසිය දැණුවත් කර තිබීම වඩා වටී. දැන් අපි හමුවේ ඇති අභියෝගය මේ සතා වන ජීවියට භාර දීමය.

අපේ ප්‍රදේශය අයත් කලාපය භාර වනජීවී පශු වෛද්‍යවරයා සම්බන්ද කර ගැනීමට උත්සාහ කලද ඒ මොහොතේ ඔහු සම්බන්ද කර ගැණීමට නොහැකි විය. එබැවින් අපේ කාර්‍යාලයේ තිබූ වනජීවියට සම්බන්ද විවිධ අංක වලට ඇමතුවෙමි. එසේ ඇමතුම් දෙන විට ඉතා හොදින් සියලු කරුණු විනාඩි ගණනවක් තිස්සේ විමසා සිටියද අවසානයේ ලැබෙන්නේ තවත් තැනක දුරකතන අංකයකි.

එසේ එක එක ආයතන වලින් ලැබුණු අංක කිහිපයක් ඇමතීමෙන් පසු මුවාගේ ප්‍රශ්නය විසදීමට හැකි කෙනෙකු සම්බන්ද විය. ඒ කෙනා උසාවියේ ප්‍රශ්න අසනවාසේ මගේත් සතා ගෙන ආ කෙනාගේත් විස්තර බොහෝමයක් විමසීමෙන් පසු වෙනත් නිලධාරියෙකු ඒ වෙනුවෙන් දුරකතනය ඔස්සේ සම්බන්ද කරන්නට කටයුතු කරන බව පවසන ලදී.

" මම තුවාල වලට බෙහෙත් දාලා දෙන්නම්.. ඔයා ගෙදර ගෙනියන්න.. ඔයාට වනජීවී එකෙන් කතා කරනකන් මේ සතා තියා ගන්න වෙනවා.."

"ඒ ගොල්ල කතා කරයිද..?" ඔහුගේ හිතේ ඇතිව තිබූ කණස්සල්ල ඒ ස්වරයේ තිබුණි. මටත් ඊට නිශ්චිත උත්තරයක් තිබුනේ නැත.

ඔහු පිටත් වීමට සූදානම් වන විටම මගේ මිත්‍ර වනජීවී පශු වෛද්‍යවරයාගෙන් ඇමතුමක් ලැබුණි.

"වන සතෙක් ලෙඩ වෙලා හරි අනතුරට ලක් වෙලා නම් මුලින්ම 1992 අංකයට කතා කරන්න.. ක්ලිනික් එකට සතෙක් ගෙනාවමත් ඉස්සරෝම ඒ අංකයට කතා කරා නම් හරි... " .

මම මේ වැල්වටාරම ලිව්වේ වන සතෙකු අසනීපයකට හෝ අනතුරකට ලක්වී සිටිනු දුටු කෙනෙකු පත්වන දුශ්කරතාවය පෙන්වා දීමටය. අපේ රටේ බොහෝ දෙනෙකුගේ හිත මෙවන් අවස්තාවක උණුවනු ලබයි. ඔවුන් අසරණ සතා වෙනුවෙන් තමන්ට හැකි උපරිමය කිරීමට උත්සාහ කරයි.

එවන් අවස්ථාවක බොහෝ දෙනෙකු හිතන විදියට හොදම දෙය නම් සතා පශු වෛද්‍යවරයකු වෙත ගෙන යාමය. එසේ ගෙන යාමේ කිසි වරදක් නැත. එනමුත් පශු වෛද්‍යවරයකුට ඒ මොහොතේ ප්‍රතිකාර කල හැකි උවද සතා බාර ගැනීමට හැකියාවක් නැත. සතා ගෙන එන කෙනාටද ගෙදර ගෙන ගොස් සාත්තු කිරීම ප්‍රායෝගික නැත. අනෙක් අතට එසේ සතෙක් ගෙදර තබා ගැනීම නීති විරෝදීය.

එනිසාම කල යුතු හොඳම දෙය නම් ලෙඩ වූ හෝ අනතුරකට ලක් වූ වන සතෙකු දුටු මොහොතේම 1992 අංකය හරහා වනජීවී එකට දැනුම් දීමය. ඔවුන් කල යුතු දේ ගැන උපදෙස් ලබා දෙනු ඇත. ඒ හරහා පරක්කුවකින් තොරව සතා වෙනුවෙන් කල යුතු නිවැරදිම දෙය කිරීමට ඔබට ඉඩ ලැබෙනු ඇත.

02/07/2021
21/06/2021
 🔹Together against Covid 19
24/04/2021


🔹Together against Covid 19

රතිඤ්ඤා සද්දෙට හුඟක් බය ඔයාලගෙ බව් සුරතලාව මේ විදියට එතුවම එයාව සන්සුන් කරගන්න පුලුවන් Ref: https://barkpost.com/answers...
11/04/2021

රතිඤ්ඤා සද්දෙට හුඟක් බය ඔයාලගෙ බව් සුරතලාව මේ විදියට එතුවම එයාව සන්සුන් කරගන්න පුලුවන්

Ref: https://barkpost.com/answers/diy-anxiety-wrap/ #:~:text=Simply%20place%20the%20center%20of,be%20snug%2C%20but%20not%20constricting.

Don't touch me! 🐱😒
07/01/2021

Don't touch me! 🐱😒

Hi🐶
08/12/2020

Hi🐶

19/09/2020

Address

Minuwangoda

Opening Hours

Monday 09:00 - 12:00
16:00 - 20:00
Tuesday 09:00 - 12:00
16:00 - 20:00
Wednesday 09:00 - 12:00
16:00 - 20:00
Thursday 09:00 - 12:00
16:00 - 20:00
Friday 09:00 - 12:00
16:00 - 20:00
Saturday 09:00 - 12:00
16:00 - 20:00
Sunday 09:00 - 12:00
16:00 - 20:00

Telephone

+94717995421

Website

Alerts

Be the first to know and let us send you an email when Big City Animal Clinic & Surgery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category


Other Pet Services in Minuwangoda

Show All