VP Pet Transport Service

VP Pet Transport Service Reliable & Safe Transport Provider

අප මත තිබෙන ඔබගේ විශ්වාසය වැඩිදියුණු කිරිමේ අපේක්ෂාවෙන්, සුරතල් සතුන් ප්‍රවාහනයේ පෙරගමන්කරුවා වන VP PET TRANSPORT ආයතනයේ ඉදිරි සුභසිද්ධිය උදෙසා කොන්දේසි හා නීති රෙගුලාසි කිහිපයක් මින් ඉදිරියට ක්‍රියාත්මක කිරිමට අප කණ්ඩායම තීරණය කර ඇති බව දන්වා සිටින්නෙමු.

මේ සඳහා ඔබලාගේ සහයෝගය නොමසුරුව ලබාදෙන මෙන් කාරැනිකව ඉල්ලමු.

එම නීති රෙගුලාසි හා කොන්දේසි පිලිවෙලින් පහත දැක්වේ..

කොන්දේසි

1. ඔබ විසින් අ

පට ලබා⁣⁣⁣දෙන ගූගල් මාර්ගගත සිතියමේ නිසියාකාරව භාරගන්නා ස්ථානය සහ භාරදෙන ස්ථානය නිවැරැදි ලෙස අප වෙත එවීමට කටයුතු කරන්න.
2.එසේ එවන ලද සිතියමේ මාර්ගය හා දුර ප්‍රමාණය පරීක්ෂා කර බලා මිල ගණන් ඔබ වෙත දැනුම්දෙනු ලැබේ.
3.අධිවේගි මාර්ග භාවිතා කරන අවස්ථාවලදී එම ගාස්තු සඳහා මුදල් අය නොකෙරේ.
4.අප විසින් එවන මිලගනන් යටතේ ඔබගේ සුරතලා ප්‍රවාහනය කිරීමට කැමති වුවහොත් නිශ්චිත දිනයක් වෙන්කරවා ගන්න.
5.දිනයක් වෙන්කරවා ගත් පසු ප්‍රවාහනය සඳහා අයවන මුළු මුදලින් 50%ක අත්තිකාරම් මුදලක් අපගේ ගිණුමට බැරකල යුතුයි.
6.අත්තිකාරම් මුදල ගිනුමට බැරවු පසු ගමන ආරම්භ කරන අතර සුරතලා භාරදුන් පසු සුරතලා රැගෙන එන අපගේ සාමාජිකයාට ඉතිරි මුදල ලබාදිය යුතුයි.
7.නීතිවිරෝධී නොවන ඕනෑම සතෙක් ප්‍රවාහනය කරනු ලබන අතර එම සතුන් අප ප්‍රවාහනය කරනු ලබන්නේ කාර් රථයකින් බව කරැණාවෙන් සලකන්න.
8.අපගේ ⁣සේවාව ක්‍රියාත්මක වනුයේ සතියේ දින සඳුදා සිට සෙනසුරාදා (උදේ 8.00 සිට රාත්‍රී 8.00) දක්වා පමනක් බව කාරැනිකව දැනුම් දෙමු.
9.ඔබ විසින් අත්තිකාරම් මුදල් බැංකු ගිනුමට බැරකර අපට ඇමතුමක් ලබාදී තහවුරැ කරගෙන අඳාල සේවාව සඳහා අප ආයතන⁣යෙන් මුද්‍රිත බිල් පතක් ලබාගන්න.

නීති රෙගුලාසි

1. ඔබ ලබාදෙන ගූගල් මාර්ගගත සිතියම අනුව පරීක්ෂා කර බලා ප්‍රවාහන ගාස්තු ගණනය කරන අතර ප්‍රවාහනය කරන අවස්තාවේදී සිතියමේ පරීක්ෂා කල දුර ප්‍රමාණයට වඩා ධාවනය කලහොත් ඊට අදාල දුර ප්‍රමාණයන්ට (KM එකකට) ගෙවීමට සිදුවේ.
2.ප්‍රවාහන ගාස්තු සඳහන් කරනු ලබන්නේ එක සතෙකු සඳහා බවත්,ඊට වැඩි සතුන් ප්‍රමානයක් ප්‍රවාහනය කරන විටදී (එකම ස්ථානයට)එම මුදල සතුන්⁣ගෙන් ගුණාකාරවී එක සතෙකුගෙන් 25% වට්ටමක් ලබාදී ගාස්තු අයකරගනු ලැබේ.
3.නියමිත ගාස්තුවෙන් හරි අඩක් (50%) ගිණුමට බැරකල පසු ගමන ආරම්භ කරනු ඇත.
4.නීතිවිරෝධී නොවන ඕනෑම සතෙකු ප්‍රවාහනය කිරීමේදි ලෙඩ ඇති සතුන්(Rebis/pavo/distemper) ප්‍රවාහනය නොකරන අතර එම සතුන් ඔබ විසින් පරීක්ෂා කර බලා නිවැරැදි තොරතුරැ අප වෙත ලබාදීම⁣ට එකඟ විය යුතුයි.
5.යම් හෙයකින් ඔබ අප වෙත සතාගේ සත්‍ය තොරතුරැ වසන් කොට (අත්තිකාරම් මුදල ගිනුමට බැරවු පසු) අප විසින් එම ප්‍රවාහනය ආරම්භ කරන අතර භාරගන්නා තැනට යන අවස්තාවේදී සතාට ඉහත සඳහන් ආකාරයේ ලෙඩ ඇති සතෙකුනම් මෙම ප්‍රවාහනය ඒ අවස්තාවේදීම ප්‍රතික්ෂේප කිරිමට අපට සිදුවනු ඇත.
6.ගමන ආරම්භ කර භාරගන්නා ස්ථානයට ගිය පසු ඉහත සඳහන් කල ආකාරයේ ලෙඩ ඇති ස⁣තෙකු හෝ ඔබගේ යම් හේතූන් මත ගමන අවලංගු කලහොත් අත්තිකාරම් මුදල් නැවත ලබානොදෙන බව තරයේ සිහිතබාගැනීමට කටයුතු කරන්න.
7.සෑමවිටම වීදිසතුන් ප්‍රවාහනය කරන අවස්ථාවලදී සතාගේ හා ස්ථානයන්ගේ නිවැරදි තොරතුරු ලබාදීම⁣ට කාරැනික වන්න.
8.නීතිවිරෝධී නොවන සතුන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන නැවත ගෙනඒම සඳහා ප්‍රවාහනය සිඳුකරනු නොලැබේ.
9.ගාල්ල අහංගම animal sos srilanka ආයතනය වෙත ආබාධිත හෝ කුමන ආකාරයේ සතෙකු ඔබ විසින් එම ආයතනය වෙත ඇතුලත් කිරිමට ප්‍රථමයෙන් එම ආයතනය කළමකාරීත්වය මගින් තහවුරැ කරගත් ලිපියක් හෝ පණිවිඩයක් අප වෙත ලබාදීමට කාරැනික වන අතර එසේ නොමැතිව අප ප්‍රවාහනය සිදුනොකරන බව කරැනාවෙන් සලකන්න.
10.අප විසින් අයිතිකරුවෙකු හෝ තාවකාලික රැකවරණයක් දෙන තැනැත්තෙකු නොමැතිව (වීදි සතුන්) සතුන් ඇල්ලීමක් (catcher) සිදු නොකරයි.
11.හැකි සෑමවිටම කාලය කළමනාකරණය කිරීමට වග බලාගන්න.
12.ඔබගේ සුරතලා ප්‍රවාහනය කිරීමට පැය 2 කට ප්‍රථම කෑම ලබාදී අවසන් කරන්න.
13.අපගේ නමින් වෙනත් කිසිඳු ශාඛාවක් නොමැති බැවින් අපගේ කාර්යාලය නො 58/22, රතුපස්වල, මුදුන්ගොඩ ලිපිනයේ පිහිටා ඇති අතර වංචාකරැවන්ට හසු නොවීමට වග බලාගන්න.

Address

Rathupaswala
Mudungoda

Telephone

+94710184923

Website

Alerts

Be the first to know and let us send you an email when VP Pet Transport Service posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to VP Pet Transport Service:

Share

Category