04/09/2021
ඩොුප්ස් එහෙමත් නැත්නම් වසුරැ හෝ බෙටිලෙස හදුන්වයි.... # # #( කවුරැත් වැඩිපුර කතා නොකරන මාතෘකාවක් බැවින් ඔබට මෙය පුයෝජනවත් විය හැක) # # # # මෙය ඔබේ සතුන්ගේ නීරෝගි බාවය පරීක්ශා කරගත හැකි පහසුම කුමයක් වගේම, වැසි සහිත මෙන්ම සීතල කාලගුන තත්ව කාලවලදී ඔබ ඉතාමත් සැලකිලිමත්ම වියයුතු බොහෝ දෙනා නොදැනුවත්කම හා නොසැලකිලිමත් බාවය නිසා මගහැරගන්නා තත්වයක්....ඔබ ඉතාමත්ම සැලකිලිමත් වියුතුයි මෙහි දක්වා ඇති 1 හා 3 වන ජායාරූපයේ දක්වා ඇති ආකාරයේ ලා කොල පැහැති බෙටි ඔබේ කූඩුවල සතුන් දමා තිබේනම් ,එය සැල්මොනෙල්ලා රෝගය සෑදුනු සතුන්ගෙන් වැටෙන බැවින්.....මුලින් සතා ආහාර පුතික්ශේප කිරීම කුමයෙන් පටන් ගන්නා අතර සතාගේ බර සීඝුයෙන් අඩුවීමට පටන් ගෙන අවසානයේ ඔබ අප කවුරැත් දන්නා බෙල්ල කැරකැවීම දක්වා වර්දනය විය හැක.....එමෙන්ම 2 ජායාරූපයේ ඇති තත්වයද මදක් සැලකිලිමතවිය යුතුයි එය ගොදුරැ ලෙඩ සහ පාචන තත්වයේ ආරම්බයක් විය හැකියි.....4 වන ජායාරූපයේ ඇති තත්වයද මදක් සැලකිලිමත්විය යුතු අතර පණු අමාරැව නිසා එවැනි බෙටි දැමිය හැක.....එහෙත් බිත්තර රකින සතුන් විසින්ද මේ 4 වෙනි ජායාරූපයේ ඇති ආකාරයේ බෙටි බොහෝවිට දැමිය හැක....5,6,7 ජායාරූප වල ඇති ආකාරයේ හෝ දුඹුරැ පැහැ සුදුමිශු දුඹුරැ පැහැ වියලි ආකාරයේ බෙටි දමන සතුන් 85% ක් පමන නිරෝගි සතුන් වශයෙන් ඔබට හදුනාගතහැක....මා එලෙස 85% ලෙස හැදින්වූයේ සතුන්ගේ ආහාර රටාව හා පරිසර තත්වය නිසා ක්ෂණිකව මේ නිරෝගි තත්වය වෙනස් විය හැකි බැවිනි....මීට අමතරව කොල පැහැයට සහ දුඹුරැ පැහැයට දියාරැවට බෙටි දමන්නේ නම් ඒ ගැනද විශේශයෙන් සැලකිලිමත් විය යුතු අතර එය පාචනය ආශුිත රෝගි තත්වයක් නිසා එය බරපතල වීමට ඉඩකඩ බොහෝ සෙයින් ඇති බැවිනි.....අනෙක් පුදානම කාරනය නම් සතුන්ගේ බෙටි ගෑවුනු ආහාර සතුන්ට අනුබව කලහැකි ආහාරයට කූඩු තුල ඉතිරිව තිබීම හා සතුන්ගේ වතුර බාජන වල අපිරිසිදු බාවයයි.....මේ කරැනු දෙක මගින් ඔබ 100% නිරෝගි සතෙක් ඔබගේ කූඩුවට දැමුවද එම සතුන්රෝගි විමට ඇති අවස්තාව ඉතාමත් ඉහලයි.... එබැවින් නිතරම පිරිසිදු කෑම බාජන හා පිරිසිදු වතුර බාජන සතුන්ගේ පාවිච්චියට ලබාදෙන්න....(බොහෝවිට මගේ අත්දැකීම අනුවනම් සතුන්ගේ බෙටි දැලකින් පහතට වැටෙන ආකාරයට ඔබගේ කූඩු සකසා ඇත්නම් හෝ සකස් කරගතහැකිනම් එය සතුන්ගෙ නිරෝගි පැවැත්මට ඉතා හොද සාදකයක් වනු ඇත.....) දීර්ඝ විස්තර මගින් මා සතු යම් දැනුමක් ඇත්නම් එය ඔබ හා බෙදා හදා ගැනීමට උත්සාහ කරන බැවින් ලිපි අවසානය දක්වා අපහසුවෙන් හෝ කියවා ඔබට වටිනා යමක් ඇත්නම් එය ඔබේ දැනුමට එකතු කරගන්නා මෙන් ඉල්ලා සිටිමි.....ස්තුතියි 🙏 BIRDS CONER Embilipitiya 👍