Western Gate Animal Clinic

Western Gate Animal Clinic Total Veterinary solutions for Pet Animals.
(2)

🔥FRESH ME UPMild waterless foam cleanserNow Available Western Gate Animal Clinic
25/07/2023

🔥FRESH ME UP
Mild waterless foam cleanser
Now Available Western Gate Animal Clinic

25/07/2023
Wish u all, a very happy new year, 2023.
01/01/2023

Wish u all, a very happy new year, 2023.

25/12/2022
25/12/2022
🔥🐩🐈New stocks arrived 🐩🐈
18/12/2022

🔥🐩🐈New stocks arrived 🐩🐈

11/12/2022

සුරතල් සතුන් ඇතිකරනවා නම් මේ පිළිබඳවත් දැනගන්න | ආදරණීය ජීවිතය | 31 - 05 - 2022 | SiyathaTVThe First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka...

09/12/2022
දත් ගැන දැනගන්න.බ්ව්වන්ටත් අපිට වගේම එයාලගේ ජිවිත කාලයේ දත්  දෙවර් ගයක් එනවා. මුළින් එන දත් කිරි දත්(deciduous teeth). ඒ...
07/12/2022

දත් ගැන දැනගන්න.

බ්ව්වන්ටත් අපිට වගේම එයාලගේ ජිවිත කාලයේ දත් දෙවර් ගයක් එනවා. මුළින් එන දත් කිරි දත්(deciduous teeth). ඒවා හැලිලා ස්ථිර දත් එනවා (permanent teeth).
අලුත උපන් බලු පැටවුන්ගේ සති 2 ක් පමණ වනතෙක් කිසිම දතක් නැහැ. නමුත් සති 2-3 අතර කිරි දත් එන්න පටන් ගන්නවා. මේ කිරි දත් සති 6 පමණ වනවිට complete වෙනවා.
සති 12න් පස්සේ කිරි දත් හැලීම පටන් ගන්නවා. ඒ එක්කම ස්ථිර දත් එන්න පටන් ගන්නවා. කිරිදත් හැලිලා ස්ථිර දත් ඇවිත් complete වෙන්නෙ මාස 6 දී.
බව්වන්ට දත් 42ක් තියෙන්න පුළුවන්. උද ඇන්දේ 20ක් සහ යටි ඇන්දේ 22 ක් විදිහට. සමහර අයගේ මේ 42 ම එන්නේ නැහැ.

මිනිස්සුන්ගේ දත් කුහර එන එක බහුලව දක්නට ලැබෙනවා. නමුත් බව්වන්ගේ දත් කුහර කියන්නේ ඉතා කලාතුරකින් එන රෝගී තත්වයක්. මිනිස්සුන්ට වගේ common නැහැ. පැටවුන්ගේ දත් වල එන common ගැටළුවක් වෙන්නේ දත් කඩා ගන්න එක, ඒක බොහෝ වෙලාවට එක එක දේවල් හැපීම නිසා සිද්දවෙනවා. බව්වන්ගේ දත් ආශ්‍රිතව රෝගී තත්වයක් එනකොට දකින්න ලැබෙන ලක්ෂණ පහත දැක්වෙනවා.
1- විදුරුමස රතු පාට වෙනවා.
2- විදුරුමසින් ලේ ගලනවා.
3- Plaques එන්න පුළුවන්.
4- කට ගඳ ගහනවා
5- කන කෑම භාජන වල හෝ වතුර බොන භාජන වල ලේ තියෙන්න පුළුවන්.
6- කෙල ඝන වෙනවා
7- කටින් කෙල ගලනවා
8- සමහර වෙලාවට කනකොට කටේ එක පැත්තකින් විතරක් කනවා
9- කනකොට කටින් කෑම වැටෙනවා හපන්න අමාරු නිසා
10- මුහුණ ඉදිමෙනවා
11- අතින් කටට ගහ ගන්නවා, කට බිම අතුල්ලනවා

මේ වගේ ලක්ෂණ පේනවා නම් මුඛය ආශ්‍රිතව මොකක් හරි ගැටළුවක්. ඔයාට check කරලා බලන්න පුළුවන්. බැරිනම් Vet surgeon ගාවට යන්න. බොහෝ විට සිහි නැති කරලා හරි නැත්නම් sedate කරලා හරි බලන්න වෙනවා.

බව්වන්ගේ දත් මදින්න ඕනෙද?
දත් රෝග හැදීමේ අඩු සම්භාවිතාවක් තිබ්බත්, බව්වෝ අපි වගේම පිසූ, සකස් කරපු ආහාර ගන්න අය. ඒ නිසා දත් අවපැහ ගැනීම, විදුරුමස් අබාධ එන්න පුළුවන්. ඒ නිසා දත් මදිනවනම් එක දන්ත සෞඛ්‍යට හොදයි.
මේකට එයාව train කරගන්න ඕනේ. ඒ වගේම නියම technique එකට කරන්නත් ඕනේ. මේකට සුදුසු දත් බුරුසු pet shop වල තියනවා. ඒ වගේම බව්වන්ටම හදපු tooth paste එකක් ගන්න. අපි මදින ඒවා එච්චරම හොද නැහැ. දිනපතාම මදිනවානම් හොදයි.

බව්වෝ තණකොළ කනවද ?බව්වෙක් හදන හැමෝටම කවද හරි ඇති වෙච්ච ප්‍රශ්නයක්. හොදට ඉන්න බව්ව තණකොළ කන්න පටන් ගන්නවා. සමහරවිට කාල වම...
04/12/2022

බව්වෝ තණකොළ කනවද ?
බව්වෙක් හදන හැමෝටම කවද හරි ඇති වෙච්ච ප්‍රශ්නයක්. හොදට ඉන්න බව්ව තණකොළ කන්න පටන් ගන්නවා. සමහරවිට කාල වමනේ කරනවා. මේක ලෙඩක්ද?

මෙහෙම වෙන්න පුළුවන් හේතු කිහිපයක් තියනවා.
1- බව්වෙකුටත් අපිට වගේම සම බල ආහාර දිනපතාම අවශ්‍යයි. එකම කෑම දිනපතා දෙනකොට සමහර පෝෂ්‍ය සංඝටක වල ඌනතා එනවා. මේ වගේ වෙලාවට මේ අය තණකොළ කන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම තණකොළ කියන්නේ ශාක fibre සංගටක බහුල දෙයක්. එයාලට fibre ඕන උනහමත් මෙහෙම කරනවා. තණකොළ කාල ඒගොල්ලෝ හොයන්නේ මොන පෝෂ්‍ය සන්ඝටකද කියන එක පැහැදිලි නැහැ. නමුත් මේ හැසිරීමට එක හේතුවක් තමයි එයාගේ කෑම එකේ තියන අවුලක්. එක නිසා මේ ගැන හිතන්න ඕනේ.

2- එයාල තණකොළ පුරුද්දට කනවා. ඒ කියන්නේ අවුරුදු දහස් ගණනකට පෙර මේ අය කැලේ හිටපු අය. සමහර Research වලට අනුව අදටත් කැලේ ඉන්න බව්වන්ගේ එකම කුලයේ වෙනත් අය තාමත් තණකොළ කන එක කරනවා. එහෙම බැලුවොත් මේ අය තණකොළ කන්නේ ලෙඩක් හින්දම නෙමෙයි. පරණ පුරුද්දටත් කරනවා.

3- Gastritis කියන්නෙත් බව්වන්ට තණකොළ කන්න එක හේතුවක්. කාල වමනේ කරනවා. ගොඩක් වෙලාවට හිස් බද වමනේ කරනවනම් කහ, කොළ පාටට පෙන වගේ දානවා. ඒ වගේම පණු අමාරුව හෝ වෙනත් බඩේ irritation එකක් තිබ්බොත් එත් මෙහෙම වෙන්න පුළුවන්. මේක වෛද්‍ය අවධානය යොමු විය යුතු කාරණාවක්.

4. අනෙක් හේතුවක් තමයි, Boredom එහෙම නැත්නම් කම්මැලි කමට, සමහරවිට අවධානය දිනාගන්න කරනවා.

5- Tasty Treat එක විදිහට ඒ කියන්නේ එකේ රහට (taste and texture of fragrant) කනවා.

ඔයාගේ බව්වටත් මේ වගේ පුරුද්දක් තියනවනම් සමහරවිට එක යම් ඌතාවක් හෝ වෙනත් රෝගී තත්වයක් නිසා ඇතිවෙන්න පුළුවන්. මෙහෙම ගැටළුවක් තියනවනම් ඒ ගැන අවධානය යොමු කරන එක වටිනවා.

- Puppy Nutrition - අලුත උපන් බලු පැටවකුගේ මුල්ම අහාරය වෙන්නේ එයාගේ අම්මගේ මව් කිරි. උපන් විගස ඒගොල්ලෝ අම්මගෙන් කිරි උරා...
02/12/2022

- Puppy Nutrition -
අලුත උපන් බලු පැටවකුගේ මුල්ම අහාරය වෙන්නේ එයාගේ අම්මගේ මව් කිරි. උපන් විගස ඒගොල්ලෝ අම්මගෙන් කිරි උරා බොන්න පටන් ගන්නවා. අම්මගේ මුල් කිරි ඒ කියන්නේ පළමු පැය කිහිපයේදී එන කිරි විශේෂයි. මේවට කියන්නේ colostrum කියල. පැටවාට අවශ්‍ය ප්‍රතිශක්තිකරණ ද්‍රව්‍ය මේවයේ අන්තර් ගත වෙනවා. ඒ colostrum වලින් පැටවාට ආරක්ෂාවක් ලැබෙනවා. ඉපදිච්ච ගමන් පැටවුන්ගේ බඩවැල හැදිලා තියෙන්නේ කිරි දිරවන්න විතරයි. එක නිසා ඉපදිලා සති 4ක් යනකම් එයාට ගන්න පුළුවන් කිරි විතරයි. වෙන ඝන ආහාරයක් කෑවොත් වමනය හෝ අජීර් ණ තත්වයන් ඇතිවෙන්න පුළුවන්. මෙම කිරි අහාරයෙන් ලැබෙන ශක්තිය පැටවාගේ වර්ධනයට හා අනෙකුත් කාර්යයන් සඳහා ප්‍රමාණවත්. නමුත් සති 4න් පස්සේ අම්මගේ කිරි වල පෝෂණය එයාට මදි ඇඟේ වැඩීමට. එක නිසා සති 4 න් පස්සේ සුළු ඝන අහාර කිරි වලට එකතු කරල දෙන්න පුළුවන්. මේ විදිහට සති 6ක් පමණ වෙනකොට ඝන අහාර දිරවා ගන්න පුළුවන් තරමට පැටවාගේ අහාර ජිර් ණ පද්ධතිය සැකසෙනවා. Breed කරන කෙනෙක් පැටව් විකුනනවානම් අඩුම වශයෙන් සති 6 වත් වෙනකම් හදල කෑමට හුරු කරලා තියෙන්න ඕනේ. සති 6න් පස්සේ සම්පුර්ණයෙන්ම අම්මගේ කිරි වලින් පැටියව අයින් කරන්න පුළුවන්. හැබැයි මෙතැනදී සලකා බලන්න ඕන වැදගත් දේ තමයි, ඔයා දෙන කෑම එකේ ප්‍රමාණය වගේම ගුණාත්මක බව තියෙන්න ඕනේ.
ඝන අහාර දෙන්න පටන් අරන් සති 6ක් ගියහම ඒ කියන්නේ පැටියට මාස 3 වෙනකොට එයාගේ ශරීර ප්‍රමාණය අනුව ඔයා දෙන කෑම එක කොහොමද කියල කියන්න පුළුවන්. පැටියාගේ බර අඩුවීම, කෙට්ටු වීම හෝ වෙනත් පෝෂණය සම්බන්ධ ඌ නතා ලක්ෂණ තියනවනම් ඔයා දෙන ආහාරය පිළිබඳව නැවත බලන්න.
තව දෙයක් බව්වගේ වර්ධන කාලයේදී එයාලගේ nutrition demand එක වැඩියි. ඒක කෑම වලින්ම ලබාගන්න අපහසු නම් භාහිරව කෑමට එකතු කරලා දෙන්න ඕනේ. උදා: කැල්සියම් හා විටමින්.
ඒ වගේම අම්මගෙන් කිරි බොන කාලේ අම්මගේ බඩේ පනුවෝ ඉන්නවනම්, ඒ කියන්නේ අම්මට හරියට පණු බේත් දීල නැත්නම් ඒ පනුවන්ගේ බිත්තර හා ලාව අවධි අම්මගේ කිරිත් එක්ක පැටවුන්ට එනවා. ඒක නිසා තමයි පැටවුන්ට මාස 3 වෙනකම් සති දෙකෙන් දෙකට පනුබෙත් දෙන්න ඕනේ.

පැටවුන්ගේ ආහාරයේ පිරිසිදු බව ඉතාම වැදගත්. ආහාරය විතරක් නෙමෙයි අහාර සහ ජලය දෙන භාජන වල පිරිසිදු බව ඉතා වැදගත්. අපේ බත් පිගානේ රොඩ්ඩක් තිබුනත් අපි පිගාන නැවත හෝදනවා. ඒ අපි පිරිසිදු කම ගැන හිතන හින්ද. බව්වා ගැනත් එහෙම හිතන්න. කුඩා කාලේ ඒගොල්ලන්ට එන බඩේ ලෙඩ වලින් ගොඩක්ම එන්නේ අපිරිසිදු ආහාර නිසා.

Free online consultation: Call 076 79 56 528
01/12/2022

Free online consultation: Call 076 79 56 528

බව්වෙක් සපා කෑවොත්…ඒක ඕන කෙනෙකුට වෙන්න පුළුවන් අනතුරක්. අවස්ථා දෙකකදී වෙන්න පුළුවන්. එකක් ඔයා ගෙදර සුරතලයට ඇති කරන බව්වෙ...
27/11/2022

බව්වෙක් සපා කෑවොත්…
ඒක ඕන කෙනෙකුට වෙන්න පුළුවන් අනතුරක්. අවස්ථා දෙකකදී වෙන්න පුළුවන්. එකක් ඔයා ගෙදර සුරතලයට ඇති කරන බව්වෙක් හෝ පුසෙක් ඔයාව හපන්න හෝ සුරන්න පුළුවන්. එහෙම නැත්නම් පාරේ යනකොට නොදන්න, අයාලේ යන බව්වෙක් හරි වෙන ගෙදරක ඇතිකරන කෙනෙක් ඔයාව හපන්න පුළුවන්.
කොහොම උනත් ඉස්සෙල්ලම ඔයාගේ තුවාලය ගැන බලන්න. මේකෙදි මුලින්ම කරන්න ඕනේ
තුවාලය ගලායන ජලයෙන් (Tap එකට අල්ලලා) විනාඩි 5-10ත් අතර ප්‍රමාණයක් සබන් ගගා හොඳින් සෝදන්න.
ගෙදරදී වෙන කිසි දෙයක් තුවාලයට දාන්න එපා. (මේක Health Ministry එක 2019 නිකුත් කරපු protocol වල තියනවා).
ඊට පස්සේ ඔයාව සපා කාපු සුනඛයාගේ Vaccine කාඩ් එක හොයා ගන්න. පිට කෙනෙක්ගේ බව්වෙක් නම් එක එයාගෙන් ඉල්ල ගන්න. ඒක දෙන එක එයාගේ වගකීමක්. ඒක දෙන්න බැහැ කියන්න බැහැ.
දැන් ලඟම තියන ජලභීතිකා එන්නත් දෙන්න පහසුකම් තියන රජයේ රෝහලකට යන්න.
රෝහලේදී මේ විෂයටම දැනුම තියන doctor කෙනෙක් ඉන්නවා. ඒ අයට MRI (Medical Research Institute) එක වගේ ආයතන වලින් ඕනෑම වෙලාවක උපදෙස් දෙනවා.
Doctor අහයි කෝ හපපු බව්වගේ හෝ පුසගේ බේත් විදපු කාඩ් එක කියල. ඒක දුන්නහම doctor තීරණය කරනවා ඔයාට ජලභීතිකා මර්ධන එන්නත දෙන්න ඕනෙද කියල. මෙතැනදී බොරු නොකිය හ‍රි විස්තරේ කියන්න.
පිට ගෙදරක බව්වෙක්ගේ vaccine කාඩ් එක ඉල්ල ගනිද්දී බලන්න හරිම බව්වගේ කාඩ් එකද කියල. සමහර වෙලාවට ගෙදර බව්වෝ දෙන්නෙක් ඉන්නවනම් බේත් විදපු කෙනාගේ කාඩ් එක දෙනවා. නමුත් ඇත්තටම ඔයාව හපපු කෙනාට බේත් විදලා නැහැ.
මේකට ලංකාවේ vaccine කාඩ් නිකුත් කරනකොට ලොකු අවුලක් තියනවා. එකට හේතුව තමයි ඒ කාඩ් එකේ දාන බව්වගේ නම confirm කරගන්න විදිහක් නැහැ. අනික බව්වගේ අයිතිකරු කවුද කියල confirm කරගන්න විදිහක් නැහැ. ඉතින් vaccine කාඩ් එක ඉල්ලුවහම මොකක් හරි දෙනවා. මේක ලොකු ප්‍රශ්නයක්. ඒක නිසා ඔයාගේ බව්වගේ කාඩ් එක දෙනකොට අවංකව විස්තරය කියල දෙන්න. වැරදි කාඩ් එක hospital එකේ doctor බලල බව්වට බෙහෙත් විදලනේ එක නිසා තවාල කරුට බේත් විදින්න ඕනේ නැහැ කියල නොවිද්දොත් මරණයක් උනත් වෙන්න පුළුවන්. ඒ වගේම පිට කෙනෙක් දෙන කාඩ් එක sure නැත්නම් ඒක රෝහලේ වෛද්‍ය වරයාට පැහැදිලිව කියන්න.

ඔබට යම් සුනඛයෙක් හෝ පුසකුගෙන් සපා කෑමකට ලක් උනොත් දින 14ක් වත් යනකම් ඒ සතාගේ සෞඛ්‍ය තත්වය ගැන හොඳ සෝදිසියෙන් ඉන්න. මේ කාලය ඇතුලත ඒ සතා රෝගී ලක්ෂණ පෙන්නුවොත් ප්‍රවේශම් වන්න. ඒ වගේම තමයි පිට ගෙදරක හදන සතෙක් නම් එයා ගැනත් හොඳ සෝදිසියෙන් ඉන්න.

රෝහලේදී වෛද්‍ය වරු දෙන උපදේශය තමයි සපා කාපු සතාට දින 14ක් යනකම් ජලභිතා එන්නත දෙන්න එපා, ඒ කාලසීමාවේ සතාගේ සෞඛ්‍ය තත්වය ගැන සෝදිසියෙන් ඉන්න කියන එක.

සපා කාපු සතා දින 14ක් ඇතුලත මරණයට පත් උනොත් හිස කඳින් වෙන් කරලා බොරැල්ල වෛද්‍ය පර් යේෂණ ආයතනයට යවන්න අවශ්‍යයි. එහිදී සතාට ජල භීතිකාව හැදිලද කියල test කරලා බලනවා. මේ පිලිබදව වැඩි විස්තර එතනට call කරල අහගන්න පුළුවන්.

මෙතදී අවධාරණයෙන් කියන්න ඕන දේ තමයි තමන් සුරතල් සුනඛයෙක් හෝ පුසෙක් හදනවනම් ජල භිතිකා එන්නත කොහොම හරි වසරක් පාසා දෙන්න. සතෙකුගේ ජීවිතය පමණක් නෙමෙයි ඔබේ ජීවිතයත් රැක ගන්න පුළුවන්.

Dr. Amila Iddamalgoda
Veterinary Surgeon at Western Gate

පුළුවන් ඉක්මනට බේත් විදගන්න…පුංචි බබාලට වගේම බව්වන්ට හා පූසන්ට භයානක වෛරස් හා වෙනත් රෝග කාරක විෂබීජ වලට එරෙහිව එන්නත් අව...
26/11/2022

පුළුවන් ඉක්මනට බේත් විදගන්න…

පුංචි බබාලට වගේම බව්වන්ට හා පූසන්ට භයානක වෛරස් හා වෙනත් රෝග කාරක විෂබීජ වලට එරෙහිව එන්නත් අවශ්ය වේ. සමහර රෝග තියනවා ඒවා හැදුනොත් සුව කරන්න ඉතා අපහසු. මේ වගේ රෝග වලින් ආරක්ෂා වෙන්න තියන එකම ක්‍රමය තමයි ඒවා වැළඳීමට පෙර ශරීරය තුල ඒ වෙනුවෙන් ප්‍රතිශක්තියක් හදන එක. නිරෝගී සතුන් තුළ බෝවන රෝගවලින් ආරක්ෂා වීම සඳහා වඩාත් ඵලදායී ක්‍රමය වන්නේ එන්නත් කිරීමයි. නිසි එන්නත් කිරීමකින් තොරව, ඔබේ සුරතලා අනාරක්ෂිත වේ.
බව්වන්ට ප්‍රධාන වශයෙන් එන්නත් 3 ක් ලංකාවේ භාවිතා කරනවා.
1- ජලභීතිකා මර්ධන එන්නත (Anti Rabies Vaccine/ARV)
2- පාවෝ එන්නත (Parvo Vaccine)
3- DHL එන්නත

මේ හැම එකකින්ම ආවරණය වෙන්නේ මාරාන්තික රෝග….
ජලභීතිකාව හැදුනොත් නියත මරණය සිදුවෙනවා. මේක මිනිස්සුන්ටත් බෝ වෙන හින්ද මේ එන්නත දෙන එක හරිම වැදගත්..Parvo කියන්නේ වයිරස් රෝගයක්..බඩ වැල ආශ්‍රිතව හැදෙන ලේ බඩයාම සහ වමනය බොහෝ විට මරණය කැඳවනවා.. DHL කියන්නේ මාරාන්තික රෝග 3 කට දෙන එන්නතක්. කහ උන, මි උන සහ පස්ස පන නැතිවෙන ලෙඩේ කියන Distemper රෝගය වෙනුවෙන් ආරක්ෂාව සපයනවා. මේවා මාරාන්තික රෝග. හැදිල බේරුනත් ජිවිත කාලය පුරාවටම පවතින සංකුලතා ඇති කරනවා.
ඒ නිසා පුළුවන් ඉක්මනට මේ එන්නත් සුදුසුකම් තියන පශුවෛද්‍ය වරයෙකුගෙන් ලබා ගන්න.

Vaccinate your Dog & CAT....for Rabies...
25/11/2022

Vaccinate your Dog & CAT....for Rabies...

Open everyday at 6 pm to 8 pm.
23/11/2022

Open everyday at 6 pm to 8 pm.

Up to 25% off on selected pet products. At WESTERN GATE Animal Clinic. Open everyday from 5 pm to 8 pm. Call 076 79 56 +...
21/11/2022

Up to 25% off on selected pet products. At WESTERN GATE Animal Clinic. Open everyday from 5 pm to 8 pm. Call 076 79 56 +94 76 795 6528

Call 076 79 56 528
19/11/2022

Call 076 79 56 528

Limited stocks-Call now....0767956528
17/11/2022

Limited stocks-Call now....0767956528

Open now...
07/11/2022

Open now...

Address

Puwakpitiya, Avissawella
Puwakpitiya

Opening Hours

Monday 17:00 - 20:00
Tuesday 17:00 - 20:00
Wednesday 17:00 - 20:00
Thursday 17:00 - 20:00
Friday 17:00 - 20:00
Saturday 17:00 - 20:00
Sunday 17:00 - 20:00

Telephone

+94768849747

Website

Alerts

Be the first to know and let us send you an email when Western Gate Animal Clinic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category


Other Puwakpitiya pet stores & pet services

Show All

You may also like