Ridiyagama Safari Park

Ridiyagama Safari Park Ridiyagama Safari Park is 500 acre safari park, zoo in Ridiyagama area of Hambantota District, SL Park rides will start 8.30 am.

Ridiyagama Safari Park is opened for public throughout 365 days of the year. The park will close for public sharp at 4.30 pm during week days and 4.00 pm during week ends and holidays. No reservations are required for park entry and shuttle bus service. For jeep reservations, call 0768389669. Our Whatsapp number for reservations (070 6988788) is no longer in use as we are not providing reservation

s after the Covid 19 pendamic period. For more information call us on 047 3620410 or 047 2030300. We are not responsible for any kind of false information provided by websites and social media except this page and our official web page (https://nationalzoo.gov.lk/zoo/safari-park/)

රිදියගමට මෙවරත් ශූරතාවය 🏆️🎖️️වාර්ෂික ක්‍රිකට් තරඟාවලිය - 2024 🏏ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සුබසාධක සංගමය මඟින්  #ස...
27/04/2024

රිදියගමට මෙවරත් ශූරතාවය 🏆️🎖️️
වාර්ෂික ක්‍රිකට් තරඟාවලිය - 2024 🏏

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සුබසාධක සංගමය මඟින් #සේවක_සුබසාධනය හා #සාමූහිකත්වය වර්ධනය කිරීම උදෙසා පවත්වන ලද වාර්ෂික ක්‍රිකට් තරඟාවලිය, අධ්‍යක්ෂ ජනරාල් රංජන් මාරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 25ස් (2024.04.25) වන දින දෙහිවල ජයසිංහ ක්‍රීඩාංගණයේදී පවත්වන ලදී 🏏🎖️️🏆️

එහිදි විවෘත අංශයේ පිරිමි හා කාන්තා ශූරතාවයන් දෙකම Ridiyagama Safari Park හිමි කර ගැනීම සුවිශේෂී විය.

විවෘත - පිරිමි
🏆️ශූරතාවය - රිදියගම සෆාරි උද්‍යානය
🎖️️අනුශූරතාවය - දෙහිවල සත්වෝද්‍යාන

විවෘත - කාන්තා
🏆️ශූරතාවය - රිදියගම සෆාරි උද්‍යානය
🎖️️අනුශූරතාවය - පින්නව සත්වෝද්‍යාන

සුවිශේෂී දායකත්වය
ජා.ස.දෙ. සුබසාධක සංගමය ✨️

⭕🇱🇰💚💛💚

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!அனைவருக்கும் புத்தாண்டு வாழ்த்துக்கள்!
13/04/2024

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!
அனைவருக்கும் புத்தாண்டு வாழ்த்துக்கள்!







08/04/2024

𝙸 𝚓𝚞𝚜𝚝 𝚌𝚊𝚗'𝚝 𝚠𝚊𝚒𝚝 𝚝𝚘 𝚋𝚎 𝚔𝚒𝚗𝚐! 🦁

𝐵𝒶𝒷𝓎 𝓁𝒾𝑜𝓃 𝓌𝒾𝓉𝒽 𝒻𝓊𝓁𝓁 𝓈𝓉𝑜𝓂𝒶𝒸𝒽 💛










#𝑠𝑟𝑖𝑙𝑎𝑛𝑘𝑎𝑡𝑜𝑢𝑟𝑖𝑠𝑚


📷 Supun Madhuranga

💛
30/03/2024

💛

සද්ධන්ත ආදරය 💛

🐘🤗







🇱🇰

📷 MS Photography

27/03/2024
12/03/2024
𝗖𝗔𝗟𝗟 𝗙𝗢𝗥 𝗣𝗔𝗣𝗘𝗥𝗦 | 📑𝐙𝐎𝐎 𝐒𝐑𝐈 𝐋𝐀𝐍𝐊𝐀 🐾️ 🇱🇰 𝐓𝐨 𝐢𝐧𝐜𝐫𝐞𝐚𝐬𝐞 𝐭𝐡𝐞 𝐜𝐨𝐧𝐭𝐫𝐢𝐛𝐮𝐭𝐢𝐨𝐧 𝐨𝐟 𝐭𝐡𝐞 𝐃𝐞𝐩𝐚𝐫𝐭𝐦𝐞𝐧𝐭 𝐨𝐟 𝐍𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐙𝐨𝐨𝐥𝐨𝐜𝐢𝐜𝐚𝐥 𝐆𝐚𝐫𝐝𝐞𝐧𝐬 𝐭𝐨 ...
23/02/2024

𝗖𝗔𝗟𝗟 𝗙𝗢𝗥 𝗣𝗔𝗣𝗘𝗥𝗦 | 📑

𝐙𝐎𝐎 𝐒𝐑𝐈 𝐋𝐀𝐍𝐊𝐀 🐾️ 🇱🇰

𝐓𝐨 𝐢𝐧𝐜𝐫𝐞𝐚𝐬𝐞 𝐭𝐡𝐞 𝐜𝐨𝐧𝐭𝐫𝐢𝐛𝐮𝐭𝐢𝐨𝐧 𝐨𝐟 𝐭𝐡𝐞 𝐃𝐞𝐩𝐚𝐫𝐭𝐦𝐞𝐧𝐭 𝐨𝐟 𝐍𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐙𝐨𝐨𝐥𝐨𝐜𝐢𝐜𝐚𝐥 𝐆𝐚𝐫𝐝𝐞𝐧𝐬 𝐭𝐨 𝐬𝐜𝐢𝐞𝐧𝐭𝐢𝐟𝐢𝐜 𝐫𝐞𝐬𝐞𝐚𝐫𝐜𝐡, 𝐭𝐡𝐞 𝐩𝐞𝐞𝐫 𝐫𝐞𝐯𝐢𝐞𝐰𝐞𝐝, 𝐈𝐧𝐭𝐞𝐫𝐝𝐢𝐬𝐜𝐢𝐩𝐥𝐢𝐧𝐚𝐫𝐲 𝐉𝐨𝐮𝐫𝐧𝐚𝐥 "𝐙𝐎𝐎 𝐒𝐑𝐈 𝐋𝐀𝐍𝐊𝐀" 𝐰𝐢𝐭𝐡 𝐚𝐧 𝐨𝐧𝐥𝐢𝐧𝐞 𝐩𝐫𝐞𝐬𝐞𝐧𝐜𝐞 𝐡𝐚𝐬 𝐛𝐞𝐞𝐧 𝐜𝐨𝐦𝐩𝐢𝐥𝐞𝐝 𝐢𝐧 𝐰𝐡𝐢𝐜𝐡 𝐫𝐞𝐬𝐞𝐚𝐫𝐜𝐡 𝐚𝐫𝐭𝐢𝐜𝐥𝐞𝐬, 𝐬𝐡𝐨𝐫𝐭 𝐜𝐨𝐦𝐦𝐮𝐧𝐢𝐜𝐚𝐭𝐢𝐨𝐧, 𝐫𝐞𝐬𝐞𝐚𝐫𝐜𝐡 𝐫𝐞𝐯𝐢𝐞𝐰𝐬 & 𝐦𝐨𝐧𝐨𝐠𝐫𝐚𝐩𝐡𝐬 𝐚𝐫𝐞 𝐭𝐨 𝐛𝐞 𝐩𝐮𝐛𝐥𝐢𝐬𝐡𝐞𝐝 𝐢𝐧 𝐟𝐨𝐮𝐫 𝐯𝐨𝐥𝐮𝐦𝐞𝐬 𝐩𝐞𝐫 𝐚𝐧𝐧𝐮𝐦 𝐬𝐭𝐚𝐫𝐭𝐢𝐧𝐠 𝐟𝐫𝐨𝐦 𝐭𝐡𝐢𝐬 𝐲𝐞𝐚𝐫. 𝐓𝐡𝐞 𝐟𝐢𝐫𝐬𝐭 𝐯𝐨𝐥𝐮𝐦𝐞 𝐨𝐟 𝐭𝐡𝐞 𝐉𝐨𝐮𝐫𝐧𝐚𝐥 𝐰𝐢𝐥𝐥 𝐛𝐞 𝐩𝐮𝐛𝐥𝐢𝐬𝐡𝐞𝐝 𝐢𝐧 𝐌𝐚𝐫𝐜𝐡 𝟐𝟎𝟐𝟒.

𝐓𝐡𝐢𝐬 𝐣𝐨𝐮𝐫𝐧𝐚𝐥 𝐨𝐟𝐟𝐞𝐫𝐬 𝐭𝐡𝐞 𝐨𝐩𝐩𝐨𝐫𝐭𝐮𝐧𝐢𝐭𝐲 𝐟𝐨𝐫 𝐚𝐮𝐭𝐡𝐨𝐫𝐬, 𝐟𝐨𝐜𝐮𝐬𝐢𝐧𝐠 𝐨𝐧 𝐛𝐢𝐨𝐥𝐨𝐠𝐲 𝐚𝐧𝐝 𝐳𝐨𝐨 𝐦𝐚𝐧𝐚𝐠𝐞𝐦𝐞𝐧𝐭 𝐚𝐧𝐝 𝐭𝐨𝐮𝐫𝐢𝐬𝐦 𝐫𝐞𝐥𝐚𝐭𝐞𝐝 𝐭𝐡𝐞𝐦𝐞𝐬 𝐭𝐨 𝐩𝐮𝐛𝐥𝐢𝐬𝐡 𝐭𝐡𝐞𝐢𝐫 𝐬𝐭𝐮𝐝𝐢𝐞𝐬 𝐟𝐮𝐫𝐭𝐡𝐞𝐫 𝐟𝐚𝐜𝐢𝐥𝐢𝐭𝐚𝐭𝐢𝐧𝐠 𝐭𝐡𝐞 𝐜𝐨𝐥𝐥𝐞𝐜𝐭𝐢𝐨𝐧 𝐨𝐟 𝐬𝐜𝐚𝐭𝐭𝐞𝐫𝐞𝐝 𝐫𝐞𝐬𝐞𝐚𝐫𝐜𝐡 𝐟𝐢𝐧𝐝𝐢𝐧𝐠𝐬 𝐚𝐧𝐝 𝐭𝐡𝐞𝐢𝐫 𝐝𝐢𝐬𝐬𝐞𝐦𝐢𝐧𝐚𝐭𝐢𝐨𝐧 𝐭𝐨 𝐬𝐜𝐡𝐨𝐥𝐚𝐫𝐬, 𝐫𝐞𝐬𝐞𝐚𝐫𝐜𝐡𝐞𝐫𝐬, 𝐚𝐧𝐝 𝐭𝐡𝐞 𝐠𝐞𝐧𝐞𝐫𝐚𝐥 𝐩𝐮𝐛𝐥𝐢𝐜.

𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗰𝗼𝗻𝘁𝗮𝗰𝘁 [email protected] 𝗳𝗼𝗿 𝗳𝘂𝗿𝘁𝗵𝗲𝗿 𝗱𝗲𝘁𝗮𝗶𝗹𝘀.







Everyone

10/01/2024

🦁 𝙍𝙞𝙙𝙞𝙮𝙖𝙜𝙖𝙢𝙖 𝙎𝙖𝙛𝙖𝙧𝙞 𝙋𝙖𝙧𝙠 𝙞𝙨 𝙤𝙥𝙚𝙣 𝙩𝙤 𝙩𝙝𝙚 𝙥𝙪𝙗𝙡𝙞𝙘 365 𝙙𝙖𝙮𝙨 𝙖 𝙮𝙚𝙖𝙧. 𝙋𝙖𝙧𝙠 𝙧𝙞𝙙𝙚𝙨 𝙬𝙞𝙡𝙡 𝙨𝙩𝙖𝙧𝙩 𝙖𝙩 8.30 𝙖𝙢. 𝙏𝙝𝙚 𝙥𝙖𝙧𝙠 𝙬𝙞𝙡𝙡 𝙘𝙡𝙤𝙨𝙚 𝙛𝙤𝙧 𝙩𝙝𝙚 𝙥𝙪𝙗𝙡𝙞𝙘 𝙨𝙝𝙖𝙧𝙥 𝙖𝙩 4.30 𝙥𝙢 𝙙𝙪𝙧𝙞𝙣𝙜 𝙬𝙚𝙚𝙠𝙙𝙖𝙮𝙨 𝙖𝙣𝙙 4.00 𝙥𝙢 𝙙𝙪𝙧𝙞𝙣𝙜 𝙬𝙚𝙚𝙠𝙚𝙣𝙙𝙨 𝙖𝙣𝙙 𝙝𝙤𝙡𝙞𝙙𝙖𝙮𝙨.

🦁 𝑁𝑜 𝑟𝑒𝑠𝑒𝑟𝑣𝑎𝑡𝑖𝑜𝑛𝑠 𝑎𝑟𝑒 𝑟𝑒𝑞𝑢𝑖𝑟𝑒𝑑 𝑓𝑜𝑟 𝑝𝑎𝑟𝑘 𝑒𝑛𝑡𝑟𝑦 𝑎𝑛𝑑 𝑠ℎ𝑢𝑡𝑡𝑙𝑒 𝑏𝑢𝑠 𝑠𝑒𝑟𝑣𝑖𝑐𝑒. 𝐹𝑜𝑟 𝑗𝑒𝑒𝑝 𝑟𝑒𝑠𝑒𝑟𝑣𝑎𝑡𝑖𝑜𝑛𝑠, 𝑐𝑎𝑙𝑙 0768389669. 𝑂𝑢𝑟 𝑊ℎ𝑎𝑡𝑠𝑎𝑝𝑝 𝑛𝑢𝑚𝑏𝑒𝑟 𝑓𝑜𝑟 𝑟𝑒𝑠𝑒𝑟𝑣𝑎𝑡𝑖𝑜𝑛𝑠 (070 6988788) 𝑖𝑠 𝑛𝑜 𝑙𝑜𝑛𝑔𝑒𝑟 𝑖𝑛 𝑢𝑠𝑒 𝑎𝑠 𝑤𝑒 𝑎𝑟𝑒 𝑛𝑜𝑡 𝑝𝑟𝑜𝑣𝑖𝑑𝑖𝑛𝑔 𝑟𝑒𝑠𝑒𝑟𝑣𝑎𝑡𝑖𝑜𝑛𝑠 𝑎𝑓𝑡𝑒𝑟 𝑡ℎ𝑒 𝐶𝑜𝑣𝑖𝑑 19 𝑝𝑎𝑛𝑑𝑒𝑚𝑖𝑐 𝑝𝑒𝑟𝑖𝑜𝑑.

⛔ 𝐹𝑜𝑟 𝑚𝑜𝑟𝑒 𝑖𝑛𝑓𝑜𝑟𝑚𝑎𝑡𝑖𝑜𝑛 𝑐𝑎𝑙𝑙 𝑢𝑠 𝑜𝑛 047 3620410 𝑜𝑟 047 2030300.

⭕⭕ 𝑊𝑒 𝑎𝑟𝑒 𝑛𝑜𝑡 𝑟𝑒𝑠𝑝𝑜𝑛𝑠𝑖𝑏𝑙𝑒 𝑓𝑜𝑟 𝑎𝑛𝑦 𝑘𝑖𝑛𝑑 𝑜𝑓 𝑓𝑎𝑙𝑠𝑒 𝑖𝑛𝑓𝑜𝑟𝑚𝑎𝑡𝑖𝑜𝑛 𝑝𝑟𝑜𝑣𝑖𝑑𝑒𝑑 𝑏𝑦 𝑤𝑒𝑏𝑠𝑖𝑡𝑒𝑠 𝑎𝑛𝑑 𝑠𝑜𝑐𝑖𝑎𝑙 𝑚𝑒𝑑𝑖𝑎 𝑒𝑥𝑐𝑒𝑝𝑡 𝑡ℎ𝑖𝑠 𝐹𝑎𝑐𝑒𝑏𝑜𝑜𝑘 𝑝𝑎𝑔𝑒 𝑎𝑛𝑑 𝑜𝑢𝑟 𝑜𝑓𝑓𝑖𝑐𝑖𝑎𝑙 𝑤𝑒𝑏 𝑝𝑎𝑔𝑒 (ℎ𝑡𝑡𝑝𝑠://𝑛𝑎𝑡𝑖𝑜𝑛𝑎𝑙𝑧𝑜𝑜.𝑔𝑜𝑣.𝑙𝑘/𝑧𝑜𝑜/𝑠𝑎𝑓𝑎𝑟𝑖-𝑝𝑎𝑟𝑘/)

#𝑟𝑖𝑑𝑖𝑦𝑎𝑔𝑎𝑚𝑎𝑠𝑎𝑓𝑎𝑟𝑖𝑝𝑎𝑟𝑘 🦁💛
#𝑝𝑎𝑟𝑘𝑟𝑖𝑑𝑒𝑠 #𝑜𝑝𝑒𝑛𝑡𝑖𝑚𝑒𝑠
#𝑑𝑛𝑧𝑔𝑠𝑙 #𝑠𝑎𝑓𝑎𝑟𝑖 #𝑆𝑟𝑖𝐿𝑎𝑛𝑘𝑎
#𝑣𝑖𝑠𝑖𝑡𝑠𝑟𝑖𝑙𝑎𝑛𝑘𝑎
#𝑠𝑟𝑖𝑙𝑎𝑛𝑘𝑎𝑡𝑜𝑢𝑟𝑖𝑠𝑚
#𝑠𝑎𝑣𝑒𝑡ℎ𝑒𝑠𝑟𝑖𝑙𝑎𝑛𝑘𝑎𝑛𝑠𝑚𝑖𝑙𝑒
#𝑎𝑛𝑖𝑚𝑎𝑙𝑘𝑖𝑛𝑔𝑑𝑜𝑚 #𝑠𝑟𝑖𝑙𝑎𝑛𝑘𝑎𝑡𝑟𝑎𝑣𝑒𝑙 #𝐷𝑜𝑟𝑎 🇱🇰

Time for a nap  🐯🐾         📷 Kanishka Wildlife
09/01/2024

Time for a nap 🐯🐾










📷 Kanishka Wildlife

02/01/2024

#දෙහිවලට_නත්තල්_තෑග්ගක් 🦁🎁

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් රිදියගම සෆාරි උද්‍යානයේ “ #රෝසි” නම් සිංහ ධේනුවට හා “ #මේඝ” නම් සිංහයා දාව 2023.12.27 වන දින උදෑසන 9.30 ට පමණ #සිංහ_පැටවෙකු උපත ලබා ඇත.

‍සිංහ පැටවා ඇයගේ #පළමු දරු උපත වන අතර, දැනට සිංහ මව විසින් රැකබලා ගැනීම ප්‍රතික්ෂේප කර ඇත.

සාමාන්‍යයෙන් බිලාල පවුලට (Felidae) අයත් සතුන් ඔවුන්ගේ පැටවුන් පරිසරයට ගැළපෙන පරිදී වර්ධනය වී නොමැති නම් හෝ විකෘතිතාවයක් නිසා හෝ මව විසින් පැටවුන් රැක බලා ගැනීමේ චර්යාවන් සඳහා හුරු පුරුදු නොවීම මෙන්ම, වෙනත් පාරිසරික සාධක මත පැටවුන් සිංහ මව විසින් ප්‍රතික්ෂේප වීමට හේතු විය හැකි ය.

මෙවැනි අවස්ථාවක දී පැටවා සඳහා අවශ්‍ය ක්ෂණික රැකවරණය ලබා දීම සිදු කළ යුතු වේ. එහිදී, පැටවා සඳහා අවශ්‍ය උණුසුම, පෝෂණය සහ පශු වෛද්‍ය අවධානය ලබා දීම ඇතුළුව ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ආරම්භක අවස්ථාවේ දී ගතයුතු තීරණාත්මක පියවර ගත යුතු වේ.

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ #පැටව්_රැකබලා ගැනීම සඳහා #විශේෂිත_පහසුකම් සහිත මධ්‍යස්ථානයක් #දෙහිවල සත්වෝද්‍යානයේ පිහිටුවා ඇති අතර, ඒ සඳහා මනා පුහුණුවක් සහ පළපුරුද්දක් සහිත වෛද්‍යවරුන්, සත්ත්ව පාලකයින් සහ සත්ත්ව භාරකරුවන් සූදානමින් සිටී. එබැවින් මෙම සිංහ පැටවා දෙහිවල සත්වෝද්‍යානයේ පැටව් රැකබලා ගැනීමේ අංශය වෙත රැගෙන ඒමට කටයුතු කර ඇත.

මෙවැනි පැටවුන් සඳහා මුල් පැය 24 තුළ ලබා දෙනුයේ කොලෙස්ට්‍රම් නමින් හැඳින්වෙන විශේෂිත, පැටවාගේ ප්‍රතිශක්තියට ඉතාමත් වැඳගත් වන කිරි වර්ගයකි. ඉන්පසු සිංහයින්ගේ මව් කිරි වලට සමාන පෝෂණ සංයුතියකින් යුක්ත කිරි වර්ගයක් ආනයනය කර ලබා දෙනු ලැබේ. එමෙන්ම පැටවාට අවශ්‍ය විටමින් හා ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දීම ආදිය පශු වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ සිදු කරනු ලබයි. පසුව පැටවාගේ වර්ධනයත් සමඟ මාංශ ආහාර සඳහා පැටවා ක්‍රමක්‍රමයෙන් හුරු කිරීමක් සිදු කරනු ලබයි.

මේ ආකාරයට මවගෙන් ප්‍රතික්ෂේපවූ පැටවුන් මීට පෙර ද ඉතාමත් නිරෝගී පැටවුන් ලෙස රැකබලා ගැනීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සමත් වූ බව ජනප්‍රසාදයට පත් “ #ඩෝරා” සහ “ #සිම්බා” පැටවුන් #ආසන්නතම_උදාහරණ ලෙස ඔබට අමතක කළ නොහැක.

මාධ්‍ය අංශය,
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව,
අනගාරික ධර්මපාල මාවත,
දෙහිවල.







❄🎄✨𝓜𝓮𝓻𝓻𝔂 𝓒𝓱𝓻𝓲𝓼𝓽𝓶𝓪𝓼            & 𝓗𝓪𝓹𝓹𝔂 𝓝𝓮𝔀 𝓨𝓮𝓪𝓻 ❄🎄✨
24/12/2023

❄🎄✨𝓜𝓮𝓻𝓻𝔂 𝓒𝓱𝓻𝓲𝓼𝓽𝓶𝓪𝓼
& 𝓗𝓪𝓹𝓹𝔂 𝓝𝓮𝔀 𝓨𝓮𝓪𝓻 ❄🎄✨


❄🎄✨️𝓜𝓮𝓻𝓻𝔂 𝓒𝓱𝓻𝓲𝓼𝓽𝓶𝓪𝓼
& 𝓗𝓪𝓹𝓹𝔂 𝓝𝓮𝔀 𝓨𝓮𝓪𝓻 ❄🎄✨







𝗪𝗼𝗿𝗹𝗱 𝗖𝗵𝗶𝗹𝗱𝗿𝗲𝗻'𝘀 𝗗𝗮𝘆 - 𝟮𝟬𝟮𝟯 👫👭✨️“සියල්ලටම වඩා දරුවන් වටී”“எல்லாவற்றையும் விட பிள்ளைகள் பெறுமதியானவர்கள்”“CHILDREN ABOVE ...
02/10/2023

𝗪𝗼𝗿𝗹𝗱 𝗖𝗵𝗶𝗹𝗱𝗿𝗲𝗻'𝘀 𝗗𝗮𝘆 - 𝟮𝟬𝟮𝟯 👫👭✨️

“සියල්ලටම වඩා දරුවන් වටී”
“எல்லாவற்றையும் விட பிள்ளைகள் பெறுமதியானவர்கள்”
“CHILDREN ABOVE ALL”









15/09/2023

⛔ 𝗡𝗲𝘄 𝗧𝗶𝗰𝗸𝗲𝘁 𝗥𝗮𝘁𝗲𝘀 𝕗𝕠𝕣 ℝ𝕚𝕕𝕚𝕪𝕒𝕘𝕒𝕞𝕒 𝕊𝕒𝕗𝕒𝕣𝕚 ℙ𝕒𝕣𝕜 (effective from 12/02/2023)

𝐄𝐧𝐭𝐫𝐚𝐧𝐜𝐞 𝐭𝐢𝐜𝐤𝐞𝐭𝐬 🏷️
🦁 Local Adult (over 12 years) = Rs. 500.00
🦁 Local children (between 3 - 12 years) = Rs. 200.00
🦁 Local School = Rs. 100.00 (student should come with school uniform and no. of teachers should be proved by a letter from Principal or Zonal Education office)

🦁 SAARC Adults - Rs. 800.00
🦁 SAARC Children = Rs. 400.00
🦁 Other Foreign Adults = Rs. 3000.00
🦁 Other Foreign Children = Rs. 1500.00

𝐓𝐫𝐚𝐧𝐬𝐩𝐨𝐫𝐭 𝐜𝐡𝐚𝐫𝐠𝐞𝐬
🚎 Bus charges = Rs. 100.00 (per person)
🚐 Jeep charges = Rs. 4500.00 (6 / 9 seater jeeps)

𝐂𝐡𝐚𝐫𝐠𝐞𝐬 𝐟𝐨𝐫 𝐨𝐭𝐡𝐞𝐫 𝐚𝐜𝐭𝐢𝐯𝐢𝐭𝐢𝐞𝐬
📷 Photography with pet animals = Rs. 200.00
📷 Photography with snakes = Rs. 200.00
📷 Photography with elephants = Rs. 300.00
🐬 Fish spa = Rs. 200.00
🐎 Pony riding = Rs. 300.00
🐘 Fruit feeding for elephants = Rs. 500.00
🐥 Feeding birds = Rs. 250.00
👰 Wedding photography = Rs. 5000.00 (animals are excluded)
🎉️ Hiring garden premises for parties = Rs. 5000.00
🎈 Birthday parties (with pet animals) = Rs.7500.00
🎁 Birthday parties (without pet animals) = Rs. 5000.00

𝚃𝚑𝚊𝚗𝚔 𝚈𝚘𝚞
𝚁𝚒𝚍𝚒𝚢𝚊𝚐𝚊𝚖𝚊 𝚂𝚊𝚏𝚊𝚛𝚒 𝙿𝚊𝚛𝚔 🦁





09/09/2023

#පින්නවලට ගිය "ලීමර්" සහ "එමු"...🐾️

චෙක් ජනරජයේ ප්‍රධානයක් ලෙස "ලීමර්" (Ring Tail Lemur) සත්ත්වයින් හතර දෙනෙක් සහ "එමු" (Emu) පක්ෂීන් තිදෙනෙක් 2023.09.06 වන දින ශ්‍රී ලංකාවට ගෙන එන ලදී.

චෙක් ජනරජයේ Zoo JH S.R.O. සත්වෝද්‍යානයෙන් ගැහැණු ලීමර් සතුන් දෙදෙනෙක් සහ එමු පක්ෂීන් තිදෙනෙක් ද, Jihoceska Zoologica සත්වෝද්‍යානයෙන් පිරිමි ලීමර් සත්ත්වයින් දෙදෙනෙක් සත්ත්ව හුවමාරු වැඩසටහන හරහා ගෙන්වන ලද අතර, මෙම සතුන් සඳහා හඳුන් දිවියන් ගැහැණු සතුන් දෙදෙනෙකු (Fishing Cat) චෙක් ජනරජය වෙත යැවීමට ද කටයුතු සූදානම් කර ඇත.

මෙම සතුන් 2023.09.06 වන දින සිට මසක කාලයක් පින්නවල වාගොල්ල සත්වෝද්‍යානයේ නිරෝධායන කටයුතු සඳහා රඳවා තබන අතර, ඉන් අනතුරුව මහජන ප්‍රදර්ශනය සඳහා පින්නවල සත්වෝද්‍යානයේ අවශ්‍ය කටයුතු සිදු කරනු ලබයි.

 #රිදියගම_බස්රථ ප්‍රශ්නෙට මොකද උනේ ? වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් රිදියගම සෆාරි උද්‍යානයට ලබාගන්නා ලද බස්රථ දෙක සම්බන්ධව ...
05/09/2023

#රිදියගම_බස්රථ ප්‍රශ්නෙට මොකද උනේ ?

වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් රිදියගම සෆාරි උද්‍යානයට ලබාගන්නා ලද බස්රථ දෙක සම්බන්ධව සමාජ මාධ්‍ය පිටුවක පලවූ පුවත සම්බන්ධවයි.

සෆාරි උද්‍යානය ආරම්භයේ සිටම
සංචාරක ප්‍රවාහන සේවාව පවත්වාගෙන යනු ලැබුවේ වාර්ෂික ටෙන්ඩර් කැඳවීම මඟින් සැපයුම් කරුවන් තෝරාගැනීම හරහාය. මෙහිදී ඇතුල්වීමේ ටිකට්පත මඟින් ප්‍රවාහන ගාස්තුවද ආවරණය වුණු අතර බස්රථ සඳහා ගෙවීම් දෙපාර්තමේන්තුව මගින් සිදුකරන ලදී.

මේ ආකාරයට 2015 - 2018 කාලයේදී වාර්ෂිකව රුපියල් මිලියන 15.6ක්‌ ද 2019 - 2022 කාලයේදී රු. මිලියන 26.4ක්‌ ද, බස්රථ සේවා සැපයුම් කරුවන්ට ගෙවන ලද්දේ ආයතනයේ අදායමෙන් වියදම් පියවා ගැනිමටවත් ප්‍රමාණවත් නොවන පසුබිමකය.

2022 වසරේ රටේ පැවති තත්වය අනුව සංචාරක පැමිණීම අඩු මට්ටමක පැවති හෙයින් 2023 - 2025 කාලය සඳහා එතෙක් යොදාගත් බස්රථ හය වෙනුවට බස්රථ තුනක් සඳහා පමණක් මිලගණන් කැඳවන ලදී. එහිදී සුදුසුකම් ලත් අවම ලන්සුකරුගේ මිලගණන් අනුව බස්රථ තුන සඳහා පමණක් රු. මිලියන 36 ක්‌ ගෙවීමට සිදුවේ.

ඒ අනුව අනුව එම ටෙන්ඩරය ප්‍රදානය කිරීම ටෙන්ඩර් මණ්ඩලය විසින් අත්හිටවූ අතර ඊට විකල්පයක් ලෙස කාර්යබහුල දිනවල ආයතනය සතු බස්රථ තුනෙන් පමණක් සේවා සැපයීමටත්, කාර්යබහුල දිනවල ලියාපදිංචි සැපයුම්කරුවන් හරහා අමතර බස්රථ සේවයේ යෙදවීමටත් ක්‍රියාකරන ලදී. තවද ආයතනයේ පාඩුව අවම කිරීම සඳහා ඇතුල්වීමේ ප්‍රවේශපත් මිළ වැඩිකිරීම, ප්‍රවාහන ගාස්තු ලෙස වෙනම ටිකට්පතක් නිකුත් කිරීම සහ අමතරව යොදවන බස්රථ වලින් ගාස්තුවක් අය කිරීම වැනි ක්‍රියාමාර්ග ගන්නා ලදී.

මේ ආකාරයට මේ වන විට දෙපර්තමේන්තුව සතු බස්රථ 03ක්‌ සහ සැපයුම්කරුවන් සතු බස්රථ 07ක්‌ ලෙස සංචාරක බස්රථ 10ක්‌ සේවයේ යොදවා ඇත. මෙම නව ක්‍රමවේදය හරහා 2023.01.01 සිට 2023.08.31 දක්වා ප්‍රවාහන වියදම් වලින් රු. මිලියන 24 ඉතිරිකරගත හැකිවූවා සේම රු. මිලියන 5.3ක අමතර අදායමක් ලබාගැනීමටද හැකිවිය.

නමුත් කාර්යබහුල දිනවලදී මෙම බස්රථ ප්‍රමාණයද ප්‍රමාණවත් නොවේ. රජයේ තීරණ අනුව 2020 වසරේ සිට රාජ්‍ය ආයතනවලට වාහන අලුතින් මිලදී ගැනීමට හැකියාවක් නොමැත. තවද ශ්‍රී ලංකා රේගුව හරහා රාජසන්තක කරන ලද බස්රථ තුනක් ලබාගැනීම උත්සාහ කලද එයද ව්‍යර්ථ විය. ඒ අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව තිබූ දැනට භාවිතයට නොගන්නා බස්රථ දෙකක් නොමිලේ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වෙත ලබාගන්නා ලදී.

මෙම බස්රථ කිලෝමීටර ලක්ෂයක් පමණ ධාවනය කර ඇති බැවින් එන්ජින් ඇතුළු යාන්ත්‍රික පද්ධති හොඳ තත්වයේ පවතී. බොඩි අලුත්වැඩියාව පමණක් සිදුකලයුතුව ඇත. මෙම බස්රථ කොළඹදී අලුත්වැඩියා නොකර සෆාරි උද්‍යානය වෙත රැගෙන එන ලද්දේ බොඩි අලුත්වැඩියාව සමඟම සෆාරි උද්‍යානයට අවශ්‍ය පරිදි බොඩි නවීකරණ කටයුතුද සිදුකල යුතු බැවිනි. තවද මෙම බස්රථවල අලුත්වැඩියාව සිදුකරනුයේ අලුත්වැඩියා ඇස්තමේන්තු සඳහා ඉංජිනේරු නිර්දේශය ලබාගැනීමෙන් අනතුරුවය. මෙම බස්රථ අලුත්වැඩියාව පාඩු සහගත නම් ඒ සඳහා ඉංජිනේරු නිර්දේශය ලබාගත නොහැකි වන අතර ඉංජිනේරු නිර්දේශය නොමැතිව අලුත්වැඩියා කටයුතු සඳහා ප්‍රසම්පාදන කමිටු අනුමැතිය ලබාගත නොහැකිය. තවද මෙම සියලු වාහන වලට අදාලව වෙන වෙනම ගොණු පවත්වාගෙන යන අතර මෙම අලුත්වැඩියාවන්ට අදාළ සියලු ලිපි ලේඛණද මෙම ගොණුවල ගොණුගතවේ.

එබැවින් මෙම බස්රථ ලබාගැනීමේ සහ අලුත්වැඩියා කිරීමේ ක්‍රියාවලිවල කිසිදු අක්‍රමිකතාවයක් සිදුව නොමැති බව කාරුණිකව සඳහන් කරමු.

- නියෝජ්‍ය අධ්‍යක්ෂ
රිදියගම සෆාරි උද්‍යානය

31/08/2023

ලෝක ළමා දිනයට සමගාමීව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද ිස්තරය. 👇👇👇

1️⃣ #පෝස්ටර්_තරඟය (Poster Competition) ✨️✨️✨️

ලෝකයේ මේ වන විට මනුෂ්‍ය ක්‍රියාකාරකම් හේතුවෙන් වාසස්ථාන අහිමි වීම, පරිසර දූෂණය, ස්වභාවික සම්පත් හීනවීම වැනි ආදිය හේතුවෙන් සතුන් සහ ශාක දැඩි ලෙස වද වීමේ තර්ජනයට ලක්ව ඇත. මේ වන විට දිනකට සත්ත්ව විශේෂ විශාල ප්‍රමාණයක් වද වීමේ තර්ජනයට ලක්ව ඇත. එබැවින් සත්ත්ව සංරක්ෂණය ලෝකයේ ඉතාම වැදගත් සංවර්ධන ඉලක්කයක් බවට පත්වී ඇති අතර, එම ඉලක්ක සපුරා ගැනීමේ දී ඉතාමත් වැඳගත් කාර්යභාර්යයක් සත්වෝද්‍යාන මඟින් ඉටු කරනු ලබයි.

ස්වභාවික පරිසරය විනාශ වීම නිසා වාසස්ථාන අහිමිවීමෙන් වදවීමේ තර්ජනයට ලක්වූ සතුන් සත්වෝද්‍යාන තුළ රැකබලාගනු ලබන අතර, ඒ අනුව, සත්වෝද්‍යානතුළ පමණක් ජීවත්වන සත්ත්ව විශේෂ ගණන 50 ක් පමණ වේ.

වනාන්තර තුළ වදවෙමින් පවතින සත්ත්ව ගහණ සඳහා ‘රක්ෂණ ගහණයක්’ පවත්වාගෙන යමින් වනාන්තර වල ගහණයන්ට ‘සත්ත්ව ප්‍රතිපෝෂණයක්’ සිදු කිරීම සත්වෝද්‍යාන මඟින් සිදු කරනු ලබයි. වනයේ දී සංරක්ෂණය කිරීමට අපහසු දැඩි ලෙස තර්ජනයට ලක්වූ ජීවී විශේෂ සත්වෝද්‍යාන තුළදී අභිජනනය කර නැවත වනාන්තර වලට මුදා හැරීමේ පරිබාහිර සංරක්ෂණ කාර්ය සත්වෝද්‍යාන මඟින් සිදු කරනු ලබයි.

ඒ අනුව, නිදහස් පරිසරය තුළ දැකගැනීමට නොහැකි මෙන්ම ආසන්නයට ගොස් අධ්‍යයනය කළ නොහැකි සතුන් අන්තර්ජාතික ප්‍රමිතින්ට අනුව ඉඩ පහසුකම් ලබා දෙමින් සත්ත්ව සුබසාදනය ඉහළ මට්ටමෙන් ආරක්ෂා කර පවත්වාගෙන යනු ලබන දෙහිවල සත්වෝද්‍යානය, පින්නවල අලි අනාථාගාරය, හම්බන්තොට සෆාරි උද්‍යානය, පින්නවල සත්වෝද්‍යානය යන සත්වෝද්‍යානවල කාර්යභාර්ය පිළිබඳව විචිත්‍රවත් වන අන්දමින් සකස් කරන ලද පෝස්ටරයක් නිර්මාණය කිරීම.

⚠️️⚠️️ ොන්දේසි
✅“ජෛව විවිධත්ව සංරක්ෂණයේ දී සත්වෝද්‍යානයක කාර්යභාරය” යන තේමාව යටතේ ඔබගේ පෝස්ටර් නිර්මාණය ඉදිරිපත් කළ යුතුය.
✅පෝස්ටර් නිර්මාණයේ ප්‍රමාණය Bristol Board (අගල්20x25) ප්‍රමාණයේ විය යුතුය.
✅පෝස්ටර් වර්ණ ගැන්වීම සඳහා ඕනෑම මාධ්‍යයක් භාවිතා කළ හැකිය.
✅වයස් කාණ්ඩ 02ක් යටතේ තරඟකරුවන්ගෙන් පෝස්ටර් නිර්මාණ භාර ගනු ලැබේ.
➡ පාසල් සිසුන් සඳහා - වයස අවුරුදු 6 - 18 දක්වා
➡ විවෘත (වැඩිහිටි) - වයස අවුරුදු 18 ට ඉහළ
✅පෝස්ටර් නිර්මාණ ඉදිරිපත් කරන පාසල් අයදුම්කරුවෙකුනම් තරඟකරුගේ නම, ලිපිනය, දුරකථන අංකය, උපන් දිනය, ඉගෙනුම ලබන පාසැල හා ශ්‍රේණිය ද, විවෘත අයදුම්කරුවෙක්නම් තරඟකරුගේ නම, ලිපිනය, හැදුනුම්පත් අංකය හා දුරකථන අංකය නිර්මාණයේ පිටුපස සඳහන් කර අධ්‍යක්ෂ ජනරාල්, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, අනගාරික ධර්මපාල මාවත, දෙහිවල යන ලිපිනයට යොමු කිරීම හෝ ගෙනවිත් භාරදිය හැකිය.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
2️⃣ #කෙටි_විඩියෝ_පට_තරඟය (Short Video Competition) ✨️✨️✨️
දෙහිවල සත්වෝද්‍යානය, පින්නවල අලි අනාථාගාරය, හම්බන්තොට සෆාරි උද්‍යානය, පින්නවල සත්වෝද්‍යානය යන සත්වෝද්‍යානවල සිදු කරන ලද විනාඩි 3කට නොවැඩි නිර්මාණාත්මක කෙටි විඩියෝ පටයක්.

⚠️️⚠️️ ොන්දේසී
✅ඉහත සඳහන් සත්වෝද්‍යානයක හෝ කිහිපයකට අදාළව විනාඩි 3 කට නොවැඩි නිර්මාණාත්මක කෙටි විඩියෝවක් ඉදිරිපත් කළ යුතු වේ.
✅විවෘත තරඟයකි. (වයස් බේදයකින් තොරව සියලු දෙනාටම සහභාගි විය හැකි ය.)
✅විඩියෝ නිර්මාණ ඉදිරිපත් කිරීමේ දී, ඔබගේ නම, ලිපිනය, හැදුනුම්පත් අංකය හා දුරකථන අංකය සඳහන් කර 070-6988488 අංකයට whatsapp කරන්න.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
3️⃣ #හොදම_සත්වෝද්‍යාන සංවර්ධන අදහස (Best idea for the Development of Zoo) ✨️✨️✨️✨️

දෙහිවල සත්වෝද්‍යානය, පින්නවල අලි අනාථාගාරය, හම්බන්තොට සෆාරි උද්‍යානය, පින්නවල සත්වෝද්‍යානය යන සත්වෝද්‍යානවල තවදුරටත් සංවර්ධනය විය යුතු ආකාරය පිළිබඳ හොඳම සංවර්ධන අඳහස ඉදිරිපත් කිරීම.

⚠️️⚠️️ ොන්දේසි.
✅මෙය විවෘත තරඟයකි.
✅ඔබ ඉදිරිපත් කරන සංවර්ධන අදහස සමඟ ඔබගේ නම, ලිපිනය, හැදුනුම්පත් අංකය හා දුරකථන අංකය සඳහන් කර තැපැල් මඟින් යොමු කළ යුතු ය.
✅ඔබ විසින් ඉදිරිපත් කරන ලද අදහස තැපැල් මඟින් යොමු කිරීමේ දී, ලිපි කවරයේ වම්පස “හොඳම සත්වෝද්‍යාන සංවර්ධන අදහස” ලෙස සඳහන් කර අධ්‍යක්ෂ ජනරාල්, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, අනගාරික ධර්මපාල මාවත, දෙහිවල යන ලිපිනයට යොමු කළ යුතු වේ.

_____🐾️🐾️🐾️🐾️🐾️🐾️_____

🎀 මෙම නිර්මාණ අතරින් තෝරා ගන්නා ජයග්‍රාහකයින් වෙත වටිනා ත්‍යාගයන් සහ සහතික පත්‍ර ප්‍රදානය කෙරේ.🏆️🎁📜

⛔⛔ සැ.යු.

▶️නිර්මාණ තුළින් විරෝධාකල්ප ඉදිරිපත් කිරීම හෝ කිසිවෙකුගේ පුදිගලිකත්වයට හානි කිරීම සිදු නොවිය යුතු ය.
▶️එක් අයඳුම්කරුවෙකුට ඉදිරිපත් කළ හැක්කේ එක් නිර්මාණයක් පමණි.
▶️සෑම තරඟයකදීම ජයග්‍රාහකයින් තිදෙනෙකු තෝරගනු ලබයි.
▶️තරඟය සඳහා ඉදිරිපත් කරනු ලබන නිර්මාණවල අයිතිය නිර්මාණකරු සතුවන අතර සත්වෝද්‍යානයේ ඉදිරි කටයුතු සඳහා එය භාවිතා කිරීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට හැකියාවක් ඇත.

✨️✨️⚠️️✨️✨️⚠️️✨️✨️⚠️️✨️✨️⚠️️✨️✨
⏳⏳තරඟ සඳහා ඔබ විසින් යොමු කරන ලද නිර්මාණ 2023.09.22 දිනට පෙර යොමු කරන ලෙස දන්වා සිටිමි.📢
✨️⚠️️✨️✨️⚠️️✨️✨️⚠️️✨️✨️⚠️️✨️✨️⚠️️

📬🗳️
අධ්‍යක්ෂ ජනරාල්
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව
අනගාරික ධර්මපාල මාවත
දෙහිවල

☎️Tel: 011 271 2751-3 📲Whatsapp - 070-6988488 📧E-mail – [email protected]









23/08/2023

හස්ති භාරකරුවන් සඳහා පුහුණු පාඨමාලාව 🐘

⛔ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ හස්ති භාරකරුවෙකු/ ඇත්ගොව්වෙකු ලෙස පුහුණු වී මට්ටමේ සහතික පතක් ලබා ගැනීමට ඔබටත් අවස්ථාවක්.

➡️ පාඨමාලා කාලය = මාස 06 (පළමු මාස 02 - න්‍යායාත්මක පුහුණුව පින්නවල සත්වෝද්‍යාන පුහුණු මධ්‍යස්ථානය, අවසන් මාස 04 - ප්‍රායෝගික පුහුණුව පින්නවල අලි අනාථාගාරය)
➡️ මාධ්‍යය = සිංහල
➡️ අයකිරීම = රු. 35,000.00 (නවාතැන් පහසුකම් සහිතව)
➡️ පාඨමාලා ආරම්භය = 2023 සැප්තැම්බර් මස 18 දින

#පුහුණු_වැඩසටනේ_සුවිශේෂීතා
➡ පළපුරුදු වෘත්තිකයන් සහ අධ්‍යාපනවේදීන් විසින් මෙහෙයවනු ලබයි.

➡ ප්‍රායෝගික පුහුණුවේදී පින්නවල අලි ඇතුන් සමඟ ඍජුවම කටයුතු කිරීම හා ඔවුන්ගේ හැසිරීම පිළිබඳ අවබෝධය ලබා ගැනීමට හැකි වීම.

➡ පාඨමාලා අවසානයේ පැවැත්වෙන ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණයේදී සමත්වන ආධුනිකයින් හට තෘතික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව මඟින් NVQ 4 මට්ටමේ සහතිකයක් පිරිනමනු ලැබේ.

⛔ වැඩි විස්තර පළමු Comment එකේ..👇

#පින්නවලඅලිඅනාථාගාරය



11/08/2023

සිංහ පටවුන්ට නම් තබන්න පාසල් දරුවන්ට අවස්ථාවක් ✨️🦁

තව දින කිහිපය යි....✨️✨️සිංහ පටවුන්ට නම් තබන්න පාසල් දරුවන්ට අවස්ථාවක් ✨️🦁🦁"ලෝක සිංහ දිනය" (අගෝ.10) සැමරීම නිමිත්තෙන් රි...
10/08/2023

තව දින කිහිපය යි....✨️✨️
සිංහ පටවුන්ට නම් තබන්න පාසල් දරුවන්ට අවස්ථාවක් ✨️🦁🦁

"ලෝක සිංහ දිනය" (අගෝ.10) සැමරීම නිමිත්තෙන් රිදියගම සෆාරි උද්‍යානයේ මාස 4ක් වයසැති සිංහ පැටව් දෙදෙනෙකු අද දින සිට මහජන ප්‍රදර්ශනයට යොමු කරන ලදි.

➡️පෙ.ව. 9.00 - 11.00 දක්වා සහ ප.ව. 2.00 - 4.00 දක්වා සීමිත කාලයක සුරතල් සත්ත්ව කලාපයේදී මෙම සිංහ පැටව් නැරඹීමට අවස්ථාව ලබා දී ඇත.⬅️

"ශීනා" නම් සිංහ මවට උපන් මෙම පැටව් දෙදෙනා ගැහැණු සතුන් වන අතර, දැනට සිංහ මව විසින් පැටව් 9 දෙනෙකු රිදියගම සෆාරි උද්‍යානයට දායාද කර දී ඇත.

⛔ මෙම ගැහැණු සිංහ පැටව් දෙදෙනාට මේ වනතෙක් නම් දමා නොමැති අතර, #සිංහ පැටව් සඳහා #නම් යෝජනා කිරීමට #පාසල්_දරුවන්ට අවස්ථාව ලබා දී ඇත. ✨️

➡️ඒ අනුව ඔබ යෝජනා කරන නම් මෙම facebook ගිණුමේ massager හරහා අගෝස්තු 31 දිනට පෙර යොමු කළ යුතුය. (එහිදී නම, පාසල, උපන් දිනය හා දුරකථන අංකය සඳහන් කළ යුතු වේ.)⬅️

නම් යෝජනා කර #ජයග්‍රහණය කරන පොඩිත්තන් හට ලබන ඔක්තෝම්බර් පළමුවෙනිදාට යෙදෙන "ලෝක ළමා දිනය" වෙනුවෙන් #විශේෂ_තෑගි හා සහතිකපත් පිරිනැමීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

✨️ මෙම සිංහ පැටවුන් දවසේ සීමිත කාලයකට පමණක් ඔබ හමුවට ගෙන එන අතර, ඉන් පසුව නැවත ඔවුන් මවගේ භාරයට පත්කෙරෙනු ඇත.

🦁 ඉතින්, එන්න.....රිදියගම සිංහ පවුලේ අලුත්ම සාමාජිකයන්ගේ සුරතල් දැකබලා ගන්න. දිනපතා උදෑසන 9.00 - 11.00, සවස 2.00 - 4.00 දක්වා කාලය ඔබ වෙනුවෙන් ලබා දී ඇත.

රිදියගම සෆාරි පාර්ක් Facebook ගිණුම
https://www.facebook.com/profile.php?id=100089581489773&mibextid=ZbWKwL





🇼​​​​🇴​​​​​🇷​​​​​🇱​​​​​🇩​​​​​ 🇱​​​​​🇮​​​​​🇴​​​​​🇳​​​​​ 🇩​​​​​🇦​​​​​🇾​​​​​🦁 𝐨𝐧 𝐀𝐮𝐠𝐮𝐬𝐭 𝟏𝟎 𝐚𝐢𝐦𝐬 𝐭𝐨 𝐫𝐚𝐢𝐬𝐞 𝐚𝐰𝐚𝐫𝐞𝐧𝐞𝐬𝐬 𝐚𝐛𝐨𝐮𝐭 𝐭𝐡...
10/08/2023

🇼​​​​🇴​​​​​🇷​​​​​🇱​​​​​🇩​​​​​ 🇱​​​​​🇮​​​​​🇴​​​​​🇳​​​​​ 🇩​​​​​🇦​​​​​🇾​​​​​🦁 𝐨𝐧 𝐀𝐮𝐠𝐮𝐬𝐭 𝟏𝟎 𝐚𝐢𝐦𝐬 𝐭𝐨 𝐫𝐚𝐢𝐬𝐞 𝐚𝐰𝐚𝐫𝐞𝐧𝐞𝐬𝐬 𝐚𝐛𝐨𝐮𝐭 𝐭𝐡𝐞 𝐩𝐥𝐢𝐠𝐡𝐭 𝐟𝐚𝐜𝐞𝐝 𝐛𝐲 𝐥𝐢𝐨𝐧𝐬.

𝐒𝐜𝐢𝐞𝐧𝐭𝐢𝐟𝐢𝐜𝐚𝐥𝐥𝐲 𝐤𝐧𝐨𝐰𝐧 𝐚𝐬 ‘𝐏𝐚𝐧𝐭𝐡𝐞𝐫𝐚 𝐋𝐞𝐨,’ 𝐥𝐢𝐨𝐧𝐬 𝐚𝐫𝐞 𝐨𝐧𝐞 𝐨𝐟 𝐭𝐡𝐞 𝐦𝐨𝐬𝐭 𝐰𝐞𝐥𝐥-𝐤𝐧𝐨𝐰𝐧 𝐚𝐧𝐝 𝐩𝐨𝐩𝐮𝐥𝐚𝐫 𝐚𝐧𝐢𝐦𝐚𝐥 𝐬𝐩𝐞𝐜𝐢𝐞𝐬 𝐨𝐮𝐭 𝐭𝐡𝐞𝐫𝐞. 𝐓𝐡𝐞𝐲 𝐚𝐫𝐞 𝐜𝐚𝐥𝐥𝐞𝐝 𝐭𝐡𝐞 ‘𝐊𝐢𝐧𝐠𝐬 𝐨𝐟 𝐭𝐡𝐞 𝐉𝐮𝐧𝐠𝐥𝐞’ 𝐝𝐮𝐞 𝐭𝐨 𝐭𝐡𝐞𝐢𝐫 𝐚𝐫𝐫𝐞𝐬𝐭𝐢𝐧𝐠 𝐚𝐧𝐝 𝐟𝐞𝐚𝐫𝐬𝐨𝐦𝐞 𝐩𝐞𝐫𝐬𝐨𝐧𝐚𝐥𝐢𝐭𝐢𝐞𝐬 𝐜𝐫𝐞𝐚𝐭𝐞𝐝 𝐛𝐲 𝐭𝐡𝐞𝐢𝐫 𝐠𝐫𝐞𝐚𝐭 𝐛𝐨𝐝𝐢𝐞𝐬 𝐚𝐧𝐝 𝐡𝐞𝐚𝐯𝐲, 𝐬𝐡𝐢𝐧𝐲 𝐦𝐚𝐧𝐞𝐬.

𝐀 𝐥𝐢𝐨𝐧’𝐬 𝐩𝐨𝐰𝐞𝐫𝐟𝐮𝐥 𝐫𝐨𝐚𝐫 𝐢𝐬 𝐬𝐞𝐜𝐨𝐧𝐝 𝐭𝐨 𝐧𝐨𝐧𝐞, 𝐚𝐧𝐝 𝐢𝐭 𝐜𝐚𝐧 𝐛𝐞 𝐡𝐞𝐚𝐫𝐝 𝐞𝐯𝐞𝐧 𝐟𝐢𝐯𝐞 𝐦𝐢𝐥𝐞𝐬 𝐚𝐰𝐚𝐲. 𝐇𝐨𝐰𝐞𝐯𝐞𝐫, 𝐰𝐡𝐢𝐥𝐞 𝐥𝐢𝐨𝐧𝐬 𝐞𝐱𝐢𝐬𝐭𝐞𝐝 𝐢𝐧 𝐥𝐚𝐫𝐠𝐞 𝐩𝐨𝐩𝐮𝐥𝐚𝐭𝐢𝐨𝐧𝐬 𝟏𝟎𝟎 𝐲𝐞𝐚𝐫𝐬 𝐚𝐠𝐨, 𝐭𝐨𝐝𝐚𝐲, 𝐭𝐡𝐞𝐢𝐫 𝐧𝐮𝐦𝐛𝐞𝐫𝐬 𝐚𝐫𝐞 𝐣𝐮𝐬𝐭 𝐛𝐞𝐥𝐨𝐰 𝟓𝟎,𝟎𝟎𝟎 𝐰𝐨𝐫𝐥𝐝𝐰𝐢𝐝𝐞 𝐚𝐬 𝐚 𝐫𝐞𝐬𝐮𝐥𝐭 𝐨𝐟 𝐩𝐨𝐚𝐜𝐡𝐢𝐧𝐠 𝐚𝐧𝐝 𝐡𝐮𝐧𝐭𝐢𝐧𝐠.

𝐖𝐨𝐫𝐥𝐝 𝐋𝐢𝐨𝐧 𝐃𝐚𝐲, 𝐭𝐡𝐞𝐫𝐞𝐟𝐨𝐫𝐞, 𝐛𝐫𝐢𝐧𝐠𝐬 𝐚𝐭𝐭𝐞𝐧𝐭𝐢𝐨𝐧 𝐭𝐨 𝐭𝐡𝐢𝐬 𝐞𝐧𝐝𝐚𝐧𝐠𝐞𝐫𝐞𝐝 𝐬𝐩𝐞𝐜𝐢𝐞𝐬 𝐛𝐲 𝐫𝐚𝐢𝐬𝐢𝐧𝐠 𝐟𝐮𝐧𝐝𝐬 𝐚𝐧𝐝 𝐚𝐦𝐩𝐢𝐧𝐠 𝐮𝐩 𝐩𝐫𝐨𝐭𝐞𝐜𝐭𝐢𝐯𝐞 𝐦𝐞𝐚𝐬𝐮𝐫𝐞𝐬.







06/08/2023

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සත්ත්ව එකතුවට අලුතින්ම එකතු වූ "කැපිබරා" - "Caphybara". 🐾️

සත්ත්ව සංරක්ෂණය ඉහළ නැංවීමේ අරමුණින් සිදු කරන ලද සත්ත්ව හුවමාරු වැඩසටහන යටතේ, මධ්‍යම යුරෝපයේ රටක් වන ස්ලෝවැකියානු (Slovakia) රටින් "කැපිබරා" නම් ගැහැණු සතුන් දෙදෙනෙකු සහ පිරිමි සතුන් දෙදෙනෙකු 2023.08.05 වන දින ශ්‍රී ලංකාවට ගෙන්වූ අතර, ඔවුන් නිරෝධායනය කිරීම සඳහා 2023.08.06 වන අද දින දෙහිවල සත්වෝද්‍යානය වෙත යොමු කර ඇත.

පසුව ඔවුන් සිව් දෙනාගෙන් දෙදෙනෙකු පින්නවල සත්වෝද්‍යානය වෙත යොමු කිරීමට ද ඉදිරියේදී බලාපොරොත්තු වේ.

©ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව







Address

Ridiyagama Safari Park
Ridiyagama
82100

Opening Hours

Monday 08:30 - 16:00
Tuesday 08:30 - 16:00
Wednesday 08:30 - 16:00
Thursday 08:30 - 16:00
Friday 08:30 - 16:00
Saturday 08:30 - 16:30
Sunday 08:30 - 16:30

Telephone

+94472030300

Alerts

Be the first to know and let us send you an email when Ridiyagama Safari Park posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ridiyagama Safari Park:

Videos

Share

Category


Other Zoos in Ridiyagama

Show All