13/04/2024
1. අවරුදු අවසාන වන තෙක් ඔබගේ සුරතලා නිවස තුලම කාමරයක් තුල දොර වසා තබා ගන්න- රතිඥ්ඥා හඬට බිය වී දුව ගොස් ඔවුන් අතරමන් වීම සුලභව සිදු වේ.
2. Sound phobia තත්වය ඇති සුරතලුන්ට එවැනි ශබ්ද වලටමුහුණ පෑමට සිදු වන අවස්ථාවකට කලින් ලබා දිය හැකි බෙහෙත් වර්ග ඇත. පශු වෛද්‍ය වරයෙකුගෙන් එම බෙහෙත් ලබා ගන්න.
රතිඤ්ඤා වලින් සුරතලා ආරක්ෂා කරගන්නේ මෙහෙමයි..😍💚🌼
මේ post එක අපි කලින් පල කරපු එකක්.. ඒත් නොදැකපු අය වෙනුවෙන් ආයෙමත් දාන්න හිතුනා... කොච්චර කිව්වත් කොච්චර post දැම්මත් රතිඤ්ඤා කියන දේ මිනිස්සු පාවිච්චි කරන එක නවත්තන්න බෑ.
පුලුවන් නම් මේ ක්‍රමය උත්සහ කරල බලන්න..රතිඤ්ඤා සද්දෙට හුඟක් බය ඔයාලගෙ බව් සුරතලාව මේ විදියට එතුවම එයාව සන්සුන් කරගන්න පුලුවන් වෙනවා කියලා තමයි අන්තර්ජාලයෙ සඳහන් වෙන්නෙ.
- උපුටාගැනීමකි -