05/06/2020
….මොලී මසුන් පිළිබද දැනුමෙන් බිදක්….
මොලී මසුන් කියන්නේ කාටද, එයාලා ජිවත් වෙන්න කැමති මොනවගේ පරිසරයකද, එයාලාගේ අභිජනනය, මොලී වර්ග, මොලින්ට හැදෙන රෝග හා ඒ රෝග වලක්වන්න කරන්න පුළුවන් දේවල් පිළිබද දැනගන්න කැමති අයටයි මේ සටහන.
මොලී මසුන් සුරතලයට මෙන්ම ව්‍යාපාරයක් ලෙස මසුන් ඇති කරන්නන් අතර ඉතාමත් ජනප්‍රිය මසුන් විශේෂයකි. මෙක්සිකොව නිජබිම කර ගත් මොවුන් Poecilia නැමැති විද්‍යාත්මක කුලයට අයත් වේ. මොලී මසුන් අවුරුදු 3-5 ක් අතර ආයු කාලයක් ගත කරයි.
මොවුන් ජිවත් වීමට කැමැත්තක් දක්වන්නේ කිවුල් දිය පරිසරයටයි. pH අගය 7.5 -8.5 ක් හා 25 ˚C -28 ˚C උෂ්ණත්වයකදී හොදින් වැඩෙන මොවුන්ට සාමාන්‍ය ආලෝකයක් සැපයීම ප්‍රමාණවත්ය. මොලි සර්ව භක්ෂකයෙකි. මොවුන් ඇල්ගී, ශාකමය ආහාර මෙන්ම සත්වමය ආහාර ලබා ගනී.
මොලින් පැටවුන් බිහි කරන මත්ස්‍යයෙකි. මොවුන්ගේ හොදින් වැඩුණු ගැහැණු සතෙකු අගල් 4.8 ක් හා පිරිමි සතෙකු අගල් 3.2 ක් පමණ වර්ධනය වේ.
හොදින් වැඩුණු මව් සතුන් වරකට පැටවූන් 40-100 ක් පමණ දමයි. මෙම කුඩා පැටවුන්ගේ ආරක්ෂාව සදහා ජලජ පැළෑටි හෝ දැල් ආවරණ දැමීම අනිවාර්ය වේ. කුඩා පැටවුන් වෙනත් ටැංකි හෝ මඩ පොකුණු වල දමා විශාල කර ගත යුතුය. මොවුන්ට ඩැෆ්නියා, බ්‍රයින් ශ්‍රිම්ප් වැනි සජීවී ආහාර ලබා දීම ඉතාමත් යෝග්‍ය වේ.
වරල් වල හැඩය වර්ණය අනුව මොලී විශේෂ 40 ක් පමණ සිටි. (මෙම සටහනේ අග photos ඇත.) ඕනෑම කෙනෙක්ට රෝග ඇතිවෙනවානේ....ඒවගේ තමා මොලින්ටත් සුදු පුල්ලි රෝගය, වෙල්වට් රෝගය, වරල් ආශ්‍රිත රෝග හා දිලිර රෝග වැනි රෝග සැදෙනවා. මෙම රෝග වලට ප්‍රධානතම හේතුවක් වෙන්නේ ජලයේ ගුණාත්මක භාවයයි. මෙම රෝග වලක්වා ගැනීමට ටැංකි පිරිසිදු කිරීම,ආහාර අවශ්‍ය ප්‍රමාණයන්ට පමණක් දැමීම, මසුන් සදහා යොදන බෙහෙත් වර්ග භාවිතය ,ලුණු දැමීම වැනි ක්‍රම අනුගමනය කල යුතුය.
ඉතාමත් අලංකාරවත් වූ මොලියන්ට අපනයන ක්ෂේත්‍රයේ මෙන්ම දේශීය වෙලදපලහි ඇත්තේ ඉහල වටිනාකමකි.