KP Lions Canine Resort - Pet Boarding Facility

KP Lions Canine Resort - Pet Boarding Facility KP Lions Canine Resort is a place where pets always feel loved, so trust us with your furry friend
(25)

මේ මාගේ 2017 වර්ෂයේ විකුණන ලද පැටවුන්ගේ ඡායාරූප වේ. පැටවුන් මිලදී ගැනීමට කතා කර විට Ikman.lk එකේ advertisement 25 ක් පමණ...
04/02/2024

මේ මාගේ 2017 වර්ෂයේ විකුණන ලද පැටවුන්ගේ ඡායාරූප වේ. පැටවුන් මිලදී ගැනීමට කතා කර විට Ikman.lk එකේ advertisement 25 ක් පමණ තිබෙන බවත් ඒ සියලුම පැටවුන් ඔවුන්ගේ බවත් මෙම දුරකථන හිමි කාන්තාව පවසයි.

පෙරද මෙම පුද්ගලයින් විසින් හොර සහතික සාදා විකුණා ඇති බවද, වෙනත් සතුන්ගේ සහතික පත් දමා පැටවුන් විකුණන බවටද, වෙනත් තැන්වල සිටින පැටවුන් රැගෙන විත් වෙනත් ගැහැණු සුනඛයන්ගේ පෙළපත් සහ වෙනත් ගැහැණු සුනඛයන් පෙන්වා විකිණීමද, ආනයනික සුනඛයන්ගේ ඡායාරූප පෙන්වා ලංකාවේ ඉපදුණු අංග විකල සුනඛයන්ගෙන් Breeding කිරීමද මොවුන් සිදුකර ඇති බවට තොරතුරු ලැබුනි. කරුණාකර මොවුන්ගේ පැටවුන් මිලදී ගැනීමෙන් වළකින්න.

අද වන විට මෙවැනි සිද්ධීන් බොහොමයක් වාර්තා වී තිබේ. පැටවුන්ට කිසිම පෝෂණයක් ලබා නොදී, ශරීරයට අහිතකර ආහාර විටමින් ලබාදෙමින් Blood Line ගැටළු බොහෝමයක් ඇති සතුන් මෙවැනි කළු කඩ වෙළඳුන් විසින් විකුණයි. රටේ මෙවැනි දරාගත නොහැකි ආර්ථික උද්ධමනයක් පවතින මොහොතේ ඔබගේ මුදල් මෙම Backyard Breeders ලාගෙන් රැක ගන්න. 😥

Happy New Year 2024! ❤️ May this year bring you joy, success, and memorable moments. May you overcome challenges with re...
31/12/2023

Happy New Year 2024! ❤️ May this year bring you joy, success, and memorable moments. May you overcome challenges with resilience and embrace opportunities with enthusiasm. May your dreams and aspirations come to fruition, and may you find fulfillment in both personal and professional endeavors. Wishing you good health, happiness, and a year filled with positive experiences. Cheers to new beginnings and a wonderful journey ahead! 🙂❤️🥂

31/12/2023

Our client 000001 - Galle, Sri Lanka

23 / 12 / 2023 Pet Boarding Facility

Breed - Shih Tzu

A very innocent and cute puppy.

Free :
Bathing
Ear Cleaning
Hair Vacuum

+94713194489 (WhatsApp / Mobile)

31/12/2023

Our client 000003 - Karapitiya, Galle, Sri Lanka

23 / 12 / 2023 Pet Boarding Facility

Breed - American Bully XL

A very innocent and cute puppy.

Free :
Bathing
Ear Cleaning
Hair Vacuum

+94713194489 (WhatsApp / Mobile)

31/12/2023

Our first client - Galle, Sri Lanka

Dog Grooming

Breed - Shih Tzu

Bathing
Nail Cutting
Ear Cleaning
Hair Cutting

+94713194489 (WhatsApp / Mobile)

Wishing you a Merry Christmas filled with love, joy and cherished moments with your loved ones.Merry Christmas! 🙂❤️
25/12/2023

Wishing you a Merry Christmas filled with love, joy and cherished moments with your loved ones.
Merry Christmas! 🙂❤️

Production of "KP Lions Kennel Baby Snoop" 🥰❤️
04/09/2023

Production of "KP Lions Kennel Baby Snoop" 🥰❤️

Ceylon Kennel Club අභිමානවත් 124 වැනි සංවත්සරය නිමිත්තෙන් , සුරතලුන්ට ආදරය කරන ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන CKC Dog Carnival...
04/09/2023

Ceylon Kennel Club අභිමානවත් 124 වැනි සංවත්සරය නිමිත්තෙන් , සුරතලුන්ට ආදරය කරන ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන CKC Dog Carnival 2023

September 10 වන ඉරිදා දින, උදේ 10.00 යේ සිට රාත්‍රි 10.00 දක්වා ජා-ඇල Municipal Ground හිදී පැවැත්වේ.

එදින පැවැත්වෙන වැඩ සටහන් වලින් උදේ 10.00 සිට රාත්‍රී 10.00 දක්වා පැවැත්වෙන වැඩ සටහන් මෙසේය... 🙂

Snoop - American Bully XLපරම්පරා 6කටත් වඩා මව සහ පියාගේ දෙපසම සියලුම සුනඛයන් ප්‍රමාණ මිශ්‍ර වී නොමැත.Body Structure 👌  T...
16/06/2023

Snoop - American Bully XL

පරම්පරා 6කටත් වඩා මව සහ පියාගේ දෙපසම සියලුම සුනඛයන් ප්‍රමාණ මිශ්‍ර වී නොමැත.

Body Structure 👌 Temprament 👌 Size 👌

Breeding Quality / Show Quality

Very suitable for breeding (Fertility of the s***m has been confirmed)

Looking for a good home 🏠️
Love and kindness are very important ❤️🙏

ලෝකය සහ සත්‍ය කිසිදිනක එක්වර අල්ලා ගත නොහැක. හේතුව, ලෝකය අල්ලා ගන්නා කෙනාට සත්‍යය මග හැරේ. ❤️🙏
05/05/2023

ලෝකය සහ සත්‍ය කිසිදිනක එක්වර අල්ලා ගත නොහැක. හේතුව, ලෝකය අල්ලා ගන්නා කෙනාට සත්‍යය මග හැරේ. ❤️🙏

Eid mubarak 🙂❤️🙏
22/04/2023

Eid mubarak 🙂❤️🙏

20/04/2023

Wonka's - Loving fans met at Hikkaduwa Beach ❤️❤️

සුභ අලුත් අවුරුද්දක් වේවා...! ❤️🙏
14/04/2023

සුභ අලුත් අවුරුද්දක් වේවා...! ❤️🙏

Barbie 💚💚💚කිසිම දෙයක් නොකියමි. 👀 > 🧠Kennel එකේ Breeding කරන්න තියා ගන්න හිතන් හිටපු පැටියෙක්. 😘
09/04/2023

Barbie 💚💚💚

කිසිම දෙයක් නොකියමි. 👀 > 🧠

Kennel එකේ Breeding කරන්න තියා ගන්න හිතන් හිටපු පැටියෙක්. 😘

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සුනඛ අභිජනන කරුවන්ට මෙන්ම සුනඛ ආදරවන්තයින්ට වැදගත් වන දැනුම, තාක්ෂණය, සාකච්ඡා සහ තරඟ සමගින් ඉක්ම...
19/01/2023

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සුනඛ අභිජනන කරුවන්ට මෙන්ම සුනඛ ආදරවන්තයින්ට වැදගත් වන දැනුම, තාක්ෂණය, සාකච්ඡා සහ තරඟ සමගින් ඉක්මනින්ම අපි මුණ ගැසෙමු.

සියලුම සුනඛ ආදරවන්තයින්ට අපගේ Youtube චැනලය Subscribe කර එකතු වන ලෙස ආදරයෙන් ඉල්ලා සිටිමු. 🙂❤

Share your videos with friends, family and the world

රටේ තියෙන ආර්ථිකය සමග සුනඛ ආදරවන්තයින් සහ සුනඛ අභිජනන කරුවන් විසින් බැලිය යුතුම වීඩියෝවක්... 🙂❤️❤️🙏
14/01/2023

රටේ තියෙන ආර්ථිකය සමග සුනඛ ආදරවන්තයින් සහ සුනඛ අභිජනන කරුවන් විසින් බැලිය යුතුම වීඩියෝවක්... 🙂❤️❤️🙏

Don't throw your eggs 👇👇👇Eggshells are high calcium . Besides building strong bone, calcium aids in circulation, hormone distribution, muscular movement, ...

- SOLD OUT - 📌📌📌Congratulations The New Owner ❤️🎁☃️☃️BREED -   AMERICAN BULLY XL (XL × XL)S*X      -   Female COLOUR  - ...
05/01/2023

- SOLD OUT - 📌📌📌

Congratulations The New Owner ❤️🎁☃️☃️

BREED - AMERICAN BULLY XL (XL × XL)
S*X - Female
COLOUR - LILAC TRI MERLE

Body Structure ✔️ Temperament ✔️ Size ✔️

PHOTOS TAKEN BY 32 DAYS

Breeder - KP Lions Kennel

ජනවාරි 07 වන දින පිලියන්දල සෝමවීර චන්ද්‍රසිරි ක්‍රීඩාංගණයේ දී අලුත් වැඩක් CKC ආයතනය සහ Golden Retriever Official Club La...
05/01/2023

ජනවාරි 07 වන දින පිලියන්දල සෝමවීර චන්ද්‍රසිරි ක්‍රීඩාංගණයේ දී අලුත් වැඩක් CKC ආයතනය සහ Golden Retriever Official Club Lanka එකතු වෙලා කරන්නයි යන්නේ...

🔴 ඔබගේ සුනඛයාට ලියාපදිංචි සහතිකයක් නොමැතිනම් එදින උදේ 8.30 - සවස 4.00 දක්වා ලියාපදිංචි නොකල සුනඛයන් CKC ආයතනයේ ලියාපදිංචි කිරීමේ වැඩසටහන පැවැත්වේ.

🔴 වසර කිහිපයකට පසුව ශ්‍රී ලංකාවේ නව හැරවුම් ලක්ෂයක් ලෙස American Bully සුනඛයන් අභිජනන කරන්නන්, සුනඛයන්ගේ ආදරවන්තයන් දිරිගැන්වීම සහ ජාත්‍යන්තර සුනඛ සංදර්ශනයක් සඳහා වන මුල් ආරම්භයක් ලෙස American Bully තරග කිහිපයක් සංවිධානය කර ඇත. එය සවස 4.30 - රාත්‍රි 7.00 දක්වා පැවැත්වේ.

🔴 German Shepherd, Cane Corso, Labrador Retriever, Golden Retriever, Rottweiler යන සුනඛ වර්ග සඳහා පැවැත්වෙන මූලික තරඟ ඉන්පසුව රාත්‍රී 7:00 සිට පැවැත්වේ.

American Bully සුනඛයන් ඇති කරන්නන්ට සහ අභිජනනය කරන්නන්ට මෙය මහඟු අවස්ථාවක් වීමට ඉඩකඩක් ඇත. ශ්‍රී ලංකාවේ සිටින විවිධ ප්‍රමාණවල සුනඛයන්, විවිධ වර්ණවල සුනඛයන් එදිනට ඔබට බලාගත හැකි අතර, නව පැටවකු මිලදී ගැනීමට බලාපොරොත්තු වන ඔබටද එය මහඟු පිටුවහලක් වනු ඇත.

ඔබත් American bully සුනඛ හිමිකරුවෙකු නම්, ඔබගේ අනාගත ජීවිතයේ සාර්ථකත්වය සඳහා මූලාරම්භයක් ලෙස පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ඔබගේ ආදරණීය සුරතල්, ලස්සන American Bully සුනඛයා නොමිලේ පැවැත්වෙන මෙම වැඩසටහන සඳහා සහභාගී කරවන ලෙස ආදරයෙන් ඉල්ලා සිටිමු. ❤️🙏l

Happy New Year 🙂❤️❤️🙏
31/12/2022

Happy New Year 🙂❤️❤️🙏

30/12/2022

කුකුළු මස් ඕන අය 25kg වලට වැඩියෙන් ගන්නවනම් පහසුයි. අවශ්‍ය අය ඉක්මනින් දැනුම් දෙන්න. ( 1kg -රු. 600/= )

කෝල් ගන්න එපා පුලුවන්නම් Messenger මැසේජ් කරන්න. මේ දින දෙකේ පමණයි.
( පිරිසිදු අලුත් සම්පූර්ණ කුකුලා )

29/12/2022

The mafia of American bully XL - Sri lanka 🤔

◼️ Original XL
◼️ Pure XL
◼️ Real XL
◼️ 100% XL
◼️ XL × XL

Not knowing the reality of all this, many breeders mislead consumers. American Bully XL is when at least three generations of the mother and father are XL sizes. But puppies of American Bully Standard Size dogs in Sri Lanka can also be seen being advertised and sold as XL. The crafty people help it with more and more applause. It is really a very sad situation.

American Bully Stud සුනඛ හිමිකරුවන්ගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා.2010 - 2019 මේ කාලයේ ශ්‍රී ලංකාවේ 98% ක් පමණ American Bull...
29/12/2022

American Bully Stud සුනඛ හිමිකරුවන්ගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා.

2010 - 2019 මේ කාලයේ ශ්‍රී ලංකාවේ 98% ක් පමණ American Bully සුනඛයන් සිටියේ ප්‍රමිතිය යම් මට්ටමකින් අඩු අය. නමුත් ඒ කාලයේ American Bully පැටවකු විකුණනු ලැබුවේ රු.130000/= රු.175000/= මිල ගණන් යටතේය. (2010 - 2013 යනු ඇමරිකන් බුලි සුනඛයන් ලොව ප්‍රමිතීන් වලට එකතු වූ අවධියයි.)

උදාහරණයක් ලෙස 2016 අවුරුද්දේ අප විසින්ද පැටවුන් විකුණනු ලැබුවේ රු. 175000/= මිල ගණන් යටතේ. ඒ කාලේ මේ තරම් හොඳ ආහාර ලංකාවේ තිබුණේ නැහැ. මේ තරම් හොඳ කිරි වර්ග, විටමින් වර්ග, පෝෂණ අතිරේක ලංකාවේ තිබුණේ නෑ. ඒ කාලේ ලංකාවේ American Bully කියලා සුනඛ වර්ගයක් හැඳින්වීම් කරේ නැහැ. ඔවුන් හැඳින්වූයේ Pitbull යන නමින්. American Bully නම ප්‍රසිද්ධ වීම වූයේ 2018 - 2019 කාලයේ.

තායිලන්තය යන රට තුළ American Bully අභිජනනය කරන්නේ සම්මතයන් ගෙන් පටහැනිව යි. එමෙන්ම නියමාකාර නීති සහ නියමාකාර කොන්දේසි වලට අනුගත නොවී ය. එම රටට පමණක් ආවේණික වූ ක්‍රමයකට, ඔවුන් විවිධ ප්‍රමාණ, විවිධ අභිජනන, විවිධ සුනඛ වර්ග මුසුකරමින් අභිජනනය කරයි. ශ්‍රී ලංකාවට තායිලන්තයෙන් පැමිණි 90% ක් පමණ සුනඛයන් එවැනි සුනඛයන් ය.

ඒ කාලයේ ශ්‍රී ලංකාව තුළ පිරිසුදු සුනඛයන් නොසිටි බැවින් විවිධ ප්‍රමාණ මිශ්‍ර කර අභිජනනය කිරීමට සිදු වුණි. ඒ 2019 ට පෙරය.

නමුත් අද වන විට තායිලන්තයෙන් පිට වෙනත් රටවල් වලින් ලෝකයේ මිල අධිකම පිරිසුදු අභිජනන සහ පිරිසිදු ප්‍රමාණයන්ගේ සුනඛයන් ආනයනය කර ඇත. නමුත් අදටත් අපගේ ශ්‍රී ලංකාව තුළ සිටින අභිජනන කරුවන් කිහිප දෙනෙක් ශ්‍රී ලංකාව ද තායිලන්තය යන රට බවට පත් කිරීමට උත්සහ කරයි. එයින් සිදුවන්නේ ලෝකයේ ශ්‍රී ලංකාවට American Bully සම්බන්ධයෙන් ඇති ස්ථානය අහිමි වීම සහ අනාගතයක් ශ්‍රී ලංකාව තුළ ඇති නොවීමය.

විශාල මුදලක් යට කොට ශ්‍රී ලංකාවේ කිහිප දෙනකු පිරිමි සුනඛයන් කිහිපදෙනෙකු ඉතා හොඳ ප්‍රමිතියෙන් යුතුව ආනයනය කළේය. ඒක සතුටට කරුණකි.මා පුද්ගලිකව විශාල බලාපොරොත්තු සහිතව සිටියේ දැන් අපේ අභිජනන කරුවන් හරියට වැඩේ කරාවි, පිරිසුදු අභිජනනය කරාවි, අපට ආනයනය කිරීමට ද පුළුවන් වේවි යන බලාපොරොත්තුවෙනි.

අද වන විට ඒ සියල්ල සුනුවිසුනු වී ඇත. මේ අවුරුද්ද තුළ ඔවුන් ශ්‍රී ලංකාව තායිලන්තය ක් බවට පත් කරමින් තිබේ. උදාහරණයක් ලෙස මෙම සුනඛයන් ගේ පැටවුන් රු.40000/= රු.50000/= රු.60000/= වැනි මිල ගණන් යටතේ විකිණේ.

ඔබ දන්නවාද? HD ED ගැටලු සහිත MBB ලේ නෑකමෙ හි මුණුපුරා වන American Bully සුනකයෙකු තායිලන්තයේ සිටී. එම සුනඛයාගේ එක ගැහැණු සතෙකු වෙනුවෙන් යොදවන ශුක්‍රාණු වල මිල ලක්ශ 14කි. සුනකයාගේ පැටවකු අවම වශයෙන් මිල රුපියල් ලක්ෂ 11ක් පමණ වේ. නමුත් තායිලන්තයට අදටත් ලෝකයේ ප්‍රසිද්ධම අභිජනන කරුවෙකු ගෙන් සුනඛයෙකු මිලදී ගැනීමට නොහැකි වී ඇත. එයට හේතුව ඔවුන්ගේ ආර්ථික මට්ටමේ දුර්වලතා සහ ඔවුන්ගේ රට වෙනුවෙන් වෙනත් රටවල් වල තියෙන ස්ථානය වේ.

නමුත් මම ඉහත කී සුනඛයා ටත් වඩා ඉතාම හොඳ ප්‍රමිතියේ සුනඛයන් කිහිපදෙනෙකු ශ්‍රී ලංකාවේ සිටි. කරුණාකර මම ඔබෙන් ඉල්ලා සිටින්නේ දැන්වත් ප්‍රමිතියකට අභිජනනය කරන්න. ප්‍රමාණ ගළපා ගැලපෙන සුනඛයන් පමණක් ඔබගේ සුනකයාට අභිජනනය කරන්න. එයට නියම වටිනාකමක් දෙන්න.

රටේ ආර්ථිකය අපි කාටත් අමාරුයි. ඒත් හරියට අභිජනනය කලොත් අවුරුදු කිහිපයකින් අපට ඉතා හොඳ දෙයක් කරගන්න පුලුවන්. අද ඉඳන්වත් ඔබ තුළ ප්‍රතිපත්තියක් හදාගන්න. ප්‍රතිපත්තිය තුළ යාළුවන්, හිතවතුන්, නෑදෑයින් කියන දේ පටලවගන්න එපා. කරුණාකර හරි අනාගතයක් වෙනුවෙන් උදව් කරන්න. මෙයට අමනාප වෙන්න එපා. ඉතාම ආදරෙන් කරන ඉල්ලීමක්. ❤️❤️🙏🙏

බලන්න ගිහින් ikman.lk. ලෝකයේ මිල අධිකම සුනඛ වර්ගයට මොකක්ද මේ කරලා තියෙන්නේ? කොහොමද නියම පෝෂණයක් දීලා ඒ වගේ මිලකට බලු පැටවකු විකුනන්නෙ? බලන්න ඔවුන්ගේ දවස් 30 වන විට ශරීර ප්‍රමාණය සහ බර, හිස්, ඇස්, ඔවුන්ගේ සම. අපි සුනඛයන් ආනයනය කරමු. හරි නමක් ලංකාවේ හදාගමු. ප්‍රමාණ මිශ්‍ර නොකර හරි මිලකට හරි ක්‍රමයකට අභිජනනය කරන්න උත්සාහ කරන්න.

American bully පැටවුන් දෙදෙනෙකු කැනඩාවට ද, පැටවුන් දෙදෙනෙකු ඉන්දියාවටද ශ්‍රී ලංකාවෙන් මිලදී ගෙන අවසන්. හතර දෙනාම අභිජනනය කළ හැකි ප්‍රමිතියේ සුනඛයන්. එක American Bully පැටවකු ඔවුන්ට ලබා දුන්නේ ලක්ෂ දහයක් (රු.1000000/= ) වැනි මිලකටයි. මිල සුනඛයාගේ මිල පමණයි. ඒ තොරතුරු ඉදිරියේදී ඔබ වෙත ලබා දෙන්නම්.

ඉන්දියාව වගේ රටකට සුනඛයන් දහස් ගණනක් අපිට යවන්න පුළුවන්. තායිලන්තයටත් බැරි නැහැ. අවශ්‍ය වන්නේ පිරිසිදුව අභිජනනය කිරීමයි, හොඳ ලේ නෑකම් සහිත සුනඛයන් ලංකාවට ආනයනය කිරීමයි, රෝගාබාධ පාරම්පරික ලෙඩරෝග සහ ගති ලක්ෂණ ඉගෙන ගැනීමයි. මොකද ඔවුන් අපෙන් ඉල්ලන්නේ පිරිසුදු සුනඛයන්. අපට පෙළපතක් හදන්න බැහැ හරියට අභිජනනය නොකර. ඉදිරියේදී American Bully සුනඛයන් ශ්‍රී ලංකාවට කුණු කොල්ලයට විකුණලා වැඩක් නැහැ. අපට අවශ්‍ය වෙන්නේ හරි දේ කරලා තෘප්තිමත් ආදායමක් ගැනීම සඳහා නිවැරදිව අභිජනනය කිරීමයි.

එක පැටවකු විකුණලා ඔබ රු.100000/= ගනිද්දී ඔබගේ පැටවු දහයකගේ ආදායම ලක්ෂ 10 යි. නමුත් ඔබ හරියට අභිජනනය කරන ලද American Bully පැටවකු විදේශ රටකට ලක්ෂ 10ට විකුණුවහොත් පැටවු දහයකගේ ආදායම රුපියල් කෝටියක්.

ඉතින් ඔබට අනාගතයක් අවශ්‍ය නම් Professional අභිජනන කරුවෙකු වන්න උත්සාහ කරන්න. ප්‍රතිපත්තියක හිටියොත් යම් කාලයක් තුළ ඔබට එය කරන්න බැරි නැහැ. ඒ අරමුණට යන්න නම් ඔබ ශ්‍රී ලංකාවේ අර වගේ පුද්ගලයන්ට උදව් කරන්න එපා. ඔබටම ප්‍රතිපත්තියක් තියා ගන්න. එහෙම නැත්නම් කරුණාකර මෙය දූෂිත කිරීමෙන් වලකින්න. මොකද මෙය කලාවක්. මෙවැනි වැඩ නීතියක්, ප්‍රතිපත්තියක් නොමැතිව දිගටම පැවතුනහොත් වීදිවලට සුනඛයන් අතහරින කාලය වැඩි ඈතක නොවේ. 💔😐

සුනක ගැහැණු සතුන් ගේ හිමිකරුවන් කියනවා ඔවුන්ගේ ගැහැණු සතුන් XL කියලා. බොහෝ අවස්ථාවලදී ඔවුන් එය උදම් ඇනීමට කරන දෙයක්.

සමහර අභිජනන කරුවන් කියනවා ඔවුන්ගේ ගැහැනු හෝ පිරිමි සුනකයාගේ බර 50kg - 60kg කියල. නමුත් යථාර්තය ඔවුන්ගේ සත්‍ය ශරීර බර 30kg - 40kg. එබැවින් පිරිමි Stud සුනඛයන්ගේ හිමිකරුවන්ට ලොකු වගකීමක් තියෙනවා හරි දේ තෝරා ගන්න. ( Stud සුනඛ හිමිකරුවන් අනිවාර්යෙන්ම සුනඛයන්ගේ ජානමය ගැටලු සහ විවිධ ලෙඩරෝග පිළිබඳ හොඳින් අධ්‍යයනය කර දැනුම ලබාගත යුතුයි. )

Advertising කරද්දී XL කිව්ව කියන එකෙන් පිළිගන්න එපා. Breeding quality කිව්වම Show quality කිව්වම Import quality කිව්වම ඒක වචනයක් විතරක් නෙමේ ලොකු බැරෑරුම් දෙයක්. ඒ නිසා කරුණාකර ඒ ගැන Study කරන්න ඉගෙන ගන්න.

විදේශ රටවල මිනිස්සු අභිජනන කරුවන් අපේ Comments, Post බලනවා. Comments දාන ගොඩක් අයට අභිජනනය ගැන තේරුමක් නෑ, මෙම සුනඛ වර්ගය ගැන දැනුමක් නැහැ. කරුණාකර එයාලාගෙනුත් ඉල්ලා සිටිනවා මේ ගැන ඉගෙනගන්න. ඉගෙන ගන්න නැතුව කිසිම දෙයක් දාන්න එපා. 🙂❤️🙏🙏

සමාජයට, ලෝකයට බය නැති අය පමණක් මිනිස්සු අතරට මෙය ගෙනියන්න. Share ✔️ Comments ✔️

ශ්‍රී ලංකාවේ මේ දවස්වල American Bully මිල ගනන්...රු.35000/=  | රු.450000/=  |  රු.55000/=  |  රු.60000/=  |  රු.75000/= ...
29/12/2022

ශ්‍රී ලංකාවේ මේ දවස්වල American Bully මිල ගනන්...

රු.35000/= | රු.450000/= | රු.55000/= | රු.60000/= | රු.75000/= | රු.80000/= | රු.100000/= | රු.120000/=

අවම වශයෙන් පාවෝ (Parvo) එන්නත ලබාදී දින 38ක American Bully බලු පැටවකු විකුණන්නත් මීට වඩා වියදම් වෙනවා එක පැටවෙකුට. හරියට බත්, එළවළු, මාළු, එලකිරි දුන්නත්. මේ මිල ගණන් වලට විකුණන 99% අය මවුකිරි විතරයි ලබාදෙන්නේ. ඒ බලු පැටවාට අවශ්‍ය මූලික විටමින් ටික, මූලික ආහාර ටිකවත් ලබාදෙන්නේ නැහැ. තමන් ගාව ඉන්න සතා ගෑණු සතෙක් නම් කිසිම ප්‍රතිපත්තියක් ආදරයක් නැතුව පැටව් එළියට ගන්නවා. ඒත් සලකන්නේ නැහැ. ඒ 99% Backyard breeders ල. 💔

හරියට වියදම් කරලා පැටවු දරුවෝ වගේ ආදරෙන් බලාගන්න අයට, නියමිත පෝෂණය නියමිත ආහාර ලබා දෙන අයටත් අන්තිමේ මේ සිද්ධිත් එක්ක තියෙන තැන නැති වෙනවා. මිනිසුන්ගේ විශ්වාසය නැති වෙනවා. පාරිභෝගික විශ්වාසය නැති වෙනවා. ලංකාව ලෝකෙටම විහිළුවක් වෙනවා.

ශ්‍රී ලංකාවේ ගොඩක් Facebook Group කරන Admin වරු කියනවා එයාලා ගොඩක් දැනුම තියන අය කියලා. ශ්‍රී ලංකාවේ මෙම සුනඛ වර්ගය ප්‍රචලිත කරන්නයි ලෝකයට ගෙනියන්නයි එයාලට අවශ්‍ය කියලා. ඉතින් ඔබගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා ඔබවත් සුනඛයන්ට ඇත්තටම ආදරය කරන කෙනෙක් නම් මේ වගේ අභිජනන කරුවන්ට ඉඩක් ලබා දෙන්න එපා. කරුණාකර ඒ පිළිබඳ හරි ප්‍රතිපත්තියක රැඳෙන්න. ඔබගේ Group වලට නව නීති ගේන්න. තමන්ටම කියලා කියලා හදවතින්ම හරි ප්‍රතිපත්තියක් හදාගන්න.

( අද වෙනවිට ශ්‍රී ලංකාවේ ගොඩක් සුනඛ වර්ග වලට මේ දේ මෙවැනි අභිජනන කරුවන් සිදු කරනවා. කරුණාකර සියලුම අභිජනන කරුවන් මෙය රැක ගැනීමට උදව් කරන්න. ශ්‍රී ලංකාවේ ගොඩක් Breed Verification සිදුකළා. ඒක නරකයි කියන්නේ නැහැ. ඒත් හරි ක්‍රමයකට සුනඛයන් අවම වශයෙන් වෙන් කරන්න. මොකද අංගවිකල සුනඛයන්, කකුල් ගැටළු, අතපයවල ගැටලු, සමේ ගැටලු තියෙන සියලුම සුනඛයන් දැන් අභිජනනය කරනවා. හොරාට ඕන තරම් Pedigree Certificate විකුනනවා. දැනුම තියන, පිළිවෙලකට දෙයක් කරන අභිජනන කරුවන් සහ සුනඛ සංගම් එකතුවී මෙයට තීරණයක් නොගතහොත් අප සියලු දෙනාම මේ කරන්නේ ලොකු පාපයක්. මුදල් මත්තෙම ජීවත් නොවී හරි දෙයක් පිලිවෙලට කරානම් හොඳයි යන මතය මගේ මතයයි. අවම වශයෙන් රජයේ මූලිකත්වයක් සමග Certificate එකේ එම සතාගේ ප්‍රමිතිය වත් සඳහන් කරන්න පුලුවන්නම් ගොඩක් හොඳයි. මොකද ශ්‍රී ලංකාවේ සුනඛ සංගම් වල Breeding Quality, Show Quality, Pet Quality, Genetic Mutations, Disabled බෙදීමක් සිදු කරන්නේ නැහැ. ඉතින් අපේ ලංකාවේ අය මේ හැම සුනඛයාම අභිජනනය කරනවා. )

Ikman.lk ආයතනය කියන්නේ මුදල් උපයන ආයතනයක්. ඒ නිසා එහි ප්‍රමිතිය ගැන එයාලට අදාළ නැහැ. හරිනම් ඒ වගේ ආයතනයක් වුණත් දැනුම ඇති, පළපුරුදු අය බඳවා ගන්න ඕන මේ සම්බන්ධව දාන advertisement approve කරන්න කලින් ඒ සම්බන්ධව සොයා බැලීමට. එම ආයතනයේ කවුරු හෝ කෙනෙක් ඉන්නවනම් පුළුවන් නම් මේකට mention කරන්න.

නැතිනම් අනිවාර්යෙන්ම තව අවුරුදු දෙක තුනක් යනකොට ශ්‍රී ලංකාවේ වීදි වල මේ අහිංසක සත්තු දුක්විඳිනවා බලාගන්න පුළුවන්. මොකද ඔය මිල ගණන් වලට විකුණන සතුන්ගෙන් 99% ශරීර අභ්‍යන්තරයේ රෝගාබාධ, පෝෂණ ඌණතා, මන්දපෝෂණය, ශරීර අභ්‍යන්තර සහ අස්ථිවල ගැටළු, ජාන විකෘතිතා වැනි තත්ව තියෙනවා. ගොඩක් සුනඛයන්ට අවම වශයෙන් පාවෝ එන්නත වත් ලබා දී නැහැ. සතුන්ට ජීවත් වෙන්න අවම පහසුකම් යටතේ වත් නිවහනක් නෑ. එයාල machine වගේ.

පිරිමි සතුන් අයිති අභිජනන කරුවන් ද මේ පිළිබඳ හරි ප්‍රතිපත්තියක ජීවත් වෙන්න. විනෝදයට මේ දේ කරන්න එපා. පිරිමි සුනඛයාට ලිංගික අත්දැකීමක් දෙන්න මේ වගේ දේවල් කරන්න එපා. සල්ලිවලට තෘෂ්ණාව නිසා මේ දේවල් කරන්න එපා. ඒ වගේ මිනිස්සුන්ට (Backyard breeder ලට) උදව් කරන්න එපා. අද කටින් කොච්චර වදන් දුන්නත් ඕගොල්ලෝ මේ උදව් කරන්නෙ ලොකු පාපයකට මුලපිරීමට. අහිංසක සතුන්ට කතා කරන්න බෑ, දුක කියන්න බෑ, අසනීපයක් වුණාම කතා කරලා කියන්න බෑ ඒ සත්තු අසරණයි. දෙයක් කරනවා නම් හරියට කරන්න, ආදරෙන් කරුණාවෙන්. මොකද මිනිස් දරුවෙක් වගේම ඒත් මේ ලෝකේ ජීවත් විය යුතු අහිංසක දරුවන්. 😐💔💔🙏

Wishing you a Merry Christmas... ❤️❤️❤️🙏
24/12/2022

Wishing you a Merry Christmas... ❤️❤️❤️🙏

ඉක්මන් කරන්න.... American Bully XL පැටවකු වෙනුවෙන් සිහින මැවූ ඔබට මෙන්න අවස්ථාවක්. 👇👇👇එකිනෙකාට වෙන් වුණු වර්ණ සහිත පිරිස...
24/12/2022

ඉක්මන් කරන්න.... American Bully XL පැටවකු වෙනුවෙන් සිහින මැවූ ඔබට මෙන්න අවස්ථාවක්. 👇👇👇

එකිනෙකාට වෙන් වුණු වර්ණ සහිත පිරිසිදු අභිජනනය කි.

කාටද මේ දේදුනු කුමාරයාගේ අත ගන්න ඕන... 🤗😘❤️
20/12/2022

කාටද මේ දේදුනු කුමාරයාගේ අත ගන්න ඕන... 🤗😘❤️

Good morning all our followers ☀🌤️Do you want to buy something high quality? If so, you will have to look into many thin...
06/12/2022

Good morning all our followers ☀🌤️

Do you want to buy something high quality? If so, you will have to look into many things. 🙂🙏

You can never judge a paint hue by the liquid color in the paint pot. You must apply it to the wall, wait for the paint ...
05/12/2022

You can never judge a paint hue by the liquid color in the paint pot. You must apply it to the wall, wait for the paint to dry, then decide. 🤔😉❤️🙏l

American Bully XL (100% Pure XL) ❤️👌Body Structure ✅  Temperament ✅  Size ✅06 Month completeAll are females ( Not For Sa...
26/11/2022

American Bully XL (100% Pure XL) ❤️👌

Body Structure ✅ Temperament ✅ Size ✅

06 Month complete

All are females ( Not For Sale )

Breeder - KP Lions Kennel

Address

Katudampe
Dodanduwa
80250

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Telephone

+94713194489

Alerts

Be the first to know and let us send you an email when KP Lions Canine Resort - Pet Boarding Facility posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to KP Lions Canine Resort - Pet Boarding Facility:

Videos

Share

Category


Other Pet Breeders in Dodanduwa

Show All