බිංතැන්න Bimthanna

බිංතැන්න   Bimthanna ඩිජිටල් හරිත සංග්‍රාමයක , සයිබර් අස්වැද්දුම ! "Cultivating Growth, Harvesting Success."
(6)

බිංතැන්න ඇග්‍රො | Bimthanna Agro

කෘෂිකාර්මික / ගෙවතුවගා නිෂ්පාදන අලෙවිය හා සේවා සැපයීම අපගේ ප්‍රධාන කෘත්‍ය වන අතර ඊට අමතරව ශ්‍රී ලාංකික ගෙවතු වගාවන් හරිත සංග්‍රාමයෙන් හැඩ ගැනිවීම අපගේ දැක්ම වේ.

වරකඹයඅතීතයේ අපේ ගොවි ගෙදරක අනිවාර්යෙන්ම තිබුණු උපකරණයක්.අතීතයේ මිනිසුන් කුළු හරකුන් ඇල්ලීම සඳහා මෙන්න මේ වරකඹය භාවිතා කළ...
18/04/2024

වරකඹය

අතීතයේ අපේ ගොවි ගෙදරක අනිවාර්යෙන්ම තිබුණු උපකරණයක්.අතීතයේ මිනිසුන් කුළු හරකුන් ඇල්ලීම සඳහා මෙන්න මේ වරකඹය භාවිතා කළා. ගමේ ගෙදර හරක් පට්ටියේ ඉඳලා,හිමිකරුට සොයාගත නොහැකිව කැලෑවෙ අතරමං වූ,වසර ගණනාවක් මිනිසුන්ගේ ග්‍රහණයෙන් මිදී,ආහාර වලින් ඉතා පුෂ්ටිමත් ව හැදුනු ශරීරයකින් යුත් ඉතා ශක්තිමත් එමෙන්ම මිනිසුන්ට ඉතා කුළු ගවයින් ,කුළු හරකුන් යැයි කියනවා.

මෙන්න මේ වගේ කුළු හරකුන් අතීතයේ කැලෑවල,ඉතා විශාල රංචු වශයෙන් සිටි බව කියවෙනවා.ඉතින් මේ විශාල ශක්තියකින් යුත් හරකුන්,අල්ලා ගැනීමට අල්ලාගෙන මිනිසුන්ට හීලෑ කර ගැනීමට මෙන්න මේ වර කඹය උදව් වෙනවා.බැලූ බැල්මට කඹයක් යයි පෙනෙන මේ වර කඹය, ගෝනුන් තිහකගේ සහ මීමින්නන් සියයකගේ හම යොදාගෙන තමයි වියලා තියෙන්නේ.කුළු හරකෙකු මෙල්ල කිරීමට මෙච්චර ශක්තියක් අවශ්‍ය කුමටදැයි දැන් ඔබට වැටහෙනවා ඇති.
මෙම වර කඹයේ එක් කෙරවලක දෙබලක් ආකාරයෙන් ඇති ගෝන අඟක් සහ,අනෙක් කෙළවරේ මන්ඳක් සහිත වෙනවා.ගමේ ගෙදර හරක් පට්ටියේ සිටින,මිනිසුන්ට ඉතා හීලෑ ගව ළඳක් තමයි මේ සඳහා යොදා ගන්නේ.කුළු හරකුන් ඉන්නා ඉසව්වට මෙම හීලෑ මීදෙන සමග, වර කඹයත් රැගෙන මිනිසුන් යනවා.තනිවුනු කුළු හරකෙක් ඉන්නා ඉසව්වට මෙම එළදෙන රැගෙන යාම මෙම එළදෙනගේ භාරකරුගේ දක්ෂතාවය මත තීරණය වෙනවා.

නාඹර වයසේ මීදෙනක් එනවිට කුළු හරකා කිසිම ලෙසකින් කුලප්පු වන්නේ නැහැ.එළදෙනට මුවාවී වර කඹයත් රැගෙන යන මිනිසා හීලෑ එලදෙන සමඟ මුවාවී කුළු හරකාට ඉතා සමීපයටම මේ මීදෙන මෙහෙයවනවා.කුළු හරකාට ඉතා සමීප වූ පසු මිනිසා වරකඹයේ ඇති මද්ද කුළු හරකාගේ කකුලට ඉතා පරිස්සමෙන් දමා හිර කරනු ලබනවා(මෙම හිර කිරීමේදී මන්තරයක් සමග හිර කරන බව පැරැන්නන්ගේ මතයක් සහ පැරැන්නන්ගේ කතාවක් තිබෙනවා)කකුලට මන්ද හිර වූ ගමන් කුළු හරකා ඉතා කලබල වී ඉතා වේගයෙන් දුවන්නට පටන් ගන්නවා.
මිනිසා විසින් තමාගේ දෑතේ තිබු වර කඹය මුදාහරිනු ලබනවා.කැලෑවේ බොහෝදුර කකුලට හිර වූ මද්දත් සමග පිටුපසින් ඇදෙන දෙබලක් වැනි ගෝන අගත් සමග කුළු හරකා දිව යනවා.කුඩා ගසේ සිට විශාල ගස දක්වා තමා පිටුපසින් ඇදෙන මෙම ගෝන අග පොඩි පොඩි ගස් උදුරාගෙන කුළු හරකාගේ ශක්තිය හීනවී යන තුරු ඇදී යනවා.කකුලට හිර වූ මන්දද එන්න එන්නම හිරවෙනවා.පිටුපසින් ඇදෙන දෙබල කුළු හරකාගේ ශක්තිය හීන වූ පසු කොහේ හෝ ගසක පැටලී කුළු හරකා මෙල්ල වෙනවා.හීලෑ මීදෙනත් සමග කුළු හරකාගේ මාර්ගය පිටුපස, ඇදුනු ගෝන අගේ උදව්වෙන් මිනිසා විසින් සොයා ගන්නවා.

සමහර විට මෙයට දින දෙකක වගේ කාලයක් ගත වනවා වන්නට පුළුවන. ඉතා දුබල වී සිටින කුළු හරකා හීලෑ මීදෙන ගේ කරේ බැද මිනිසා විසින් තමාගේ ගැමි ගෙදරට අරගෙන එනවා. ඔන්න ඔය දේ තමයි මෙන්න මේ වරකඹයෙන් සිදුවන්නේ...මෙයටම *පය මන්ද* කියා ද කියනවා... වචන වල වැරදි තියෙන්න පුළුවන් එසේ වීනම් සමාවෙන්න .. මෙයින් දෙයක් ඉගෙන ගත්තා නම් එය මට සතුටක්🙏🙏මේ මගේම නිවසේ මගේ පියා විසින් ඉතා පරිස්සමෙන් සංරක්ෂණය කරන ලද වරකඹයයි...

මෙම සටහන සහ පින්තූරය අන්තර්ජාලයෙන් උපුටාගත් අතර එහි සම්පූර්ණ අයිතිය සහ එහි වටිනාකම් ඒවායේ මුල් අයිතිකරුවන් වෙත හිමිවියයුතු වේ.

දුම්කොළ වේලලා දැකලා තිබුනට මෙහෙම දැකලා නෑනේ,යාපනයේ විශාලතම දුම්කොළ වගාව...🌿🍀🍃😍💚📸 අයිතිය මුල් හිමිකරු සතුය.
15/04/2024

දුම්කොළ වේලලා දැකලා තිබුනට මෙහෙම දැකලා නෑනේ,
යාපනයේ විශාලතම දුම්කොළ වගාව...🌿🍀🍃😍💚

📸 අයිතිය මුල් හිමිකරු සතුය.

🌞🌞 සුබ අළුත් අවුරුද්දක් වේවා !! 🌞🌞ලැබුවා වූ සිරි සුබ සිංහල හින්දු අළුත් අවුරුද්ද , ඔබට හා පවුලේ සැමට නීරෝගිමත් දිවියක් ල...
13/04/2024

🌞🌞 සුබ අළුත් අවුරුද්දක් වේවා !! 🌞🌞

ලැබුවා වූ සිරි සුබ සිංහල හින්දු අළුත් අවුරුද්ද , ඔබට හා පවුලේ සැමට නීරෝගිමත් දිවියක් ලඟා වෙන , සියලු දොස් දුරු වී ජීවිතයේ සුභ සිහින ඉටුවන සුබ අළුත් අවුරුද්දක් වේවා !!

Wishing you all a prosperous Sinhala Tamil New Year !!
சிங்கள தமிழ் புத்தாண்டு வாழ்த்துக்கள் !!

~ බිංතැන්න Bimthanna ~

05/04/2024

කෝපි වගාව හා නඩත්තුව ගැන මුල සිට සියලුම කරුණු දැනගන්න 2024.04.06. එනම් හෙට උදේ 9.00 ට ලක්විරු ගුවන්විදුලිය ඔස්සෙ (FM 105.2/105.4) හරිත පියස අහන්න.

ඔබට පවතින ගැටලු පහත දුරකථන අංක ඔස්සෙ සජීව්ව විමසන්න

ෆෙස්බුක් සජීව්ව විකාශනය බලාපොරොත්තු වෙන්න

0112 538 300
0112 538 700

සම්පත්දායකත්වය

දිල්රුක්ෂි රත්නායක මහත්මිය
දිස්ත්‍රික් ව්‍යාප්ති නිලධාරීනි
කොලඹ දිස්ත්‍රික්කය
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

03/04/2024
08/03/2024
29/02/2024
29/02/2024

Agri Tech 2024 - වෙළඳ ප්‍රදර්ශනය

"පොල් කර්මාන්තයේ නවමු අත්දැකීම බට අතටත්"

📅 2024/03/02 දින සිට 2024/03/05 දින දක්වා

07/01/2024

දේශීය අල බෝග වගාවෙන් දිවි ජය ගනිමු
++++++++++++++++++++++++
ZOOM තාක්ෂණය ඔස්සේ ඉදිරිපත් කරන මාර්ගගත පුහුණු වැඩසටහන

Topic : දේශීය අල බෝග වගාවෙන් දිවි ජය ගනිමු (පළමු කොටස)
Time: Jan 11, 2024 10:30 AM Colombo

Join Zoom Meeting
https://us06web.zoom.us/j/5120300275?pwd=iOY6GhVVKz5Z7ZEvsB0D0anZdlGoyB.1&omn=89453278588

Meeting ID: 512 030 0275
Passcode: 192010

සරුසාර වගාවන් පිරී ඉතිරෙනලක්වාසි හැමෝටම නීරෝගි සුඛයම ලඟාවෙනසුභ නව වසරක් වේවා !අපි බිංතැන්න - බිංතැන්න   Bimthanna
06/01/2024

සරුසාර වගාවන් පිරී ඉතිරෙන
ලක්වාසි හැමෝටම නීරෝගි සුඛයම ලඟාවෙන
සුභ නව වසරක් වේවා !

අපි බිංතැන්න - බිංතැන්න Bimthanna

25/12/2023

සාමය සතුට පිරි සුභම සුභ නත්තලක් වේවා !
🎅 We wish your merry Christmas 🎅
Bimthanna Agro Service

20/12/2023
07/12/2023

ලබදූව රජයේ ගොවිපළේ කෘෂිකාර්මික කටයුතු සඳහා සේවකයන් බඳවා ගනු ලැබේ.
📞091-22 44 619

24/11/2023

පැණි රස පොල්

පොල් මදය පැණි රසයෙන් යුක්ත නව පොල් වර්ගයක් මිරිස්ස ප්‍රදේශයෙන් මෑතකදී හඳුනා ගන්නා ලදී. මෙය සාමාන්‍ය උස පොල් වර්ගයක් වේ. මෙහි සෑදෙන පොල් ගෙඩි අතරින් බහුතරයක් සාමාන්‍ය පොල් වන අතර 2% ක් පමණ පොල් ගෙඩි වල මදය පැණි රසකින් යුක්ත වේ. පැණි පොල් ගෙඩිය පෙනුමෙන් සාමාන්‍ය පොල් ගෙඩියකට සමාන වුවත් පොල් මදය සාමාන්‍ය පොල් ගෙඩියේ මදයට වඩා තරමක් මෘදු ස්වභාවයක් ගන්නා අතර කෙඳි සහිත ස්වභාවය මදක් අඩු බවක් පෙන්නුම් කරයි.

මෙවැනි පොල් වර්ගයක් ඉන්දියාවෙන්ද හමු වී ඇති අතර ලංකාවෙන් මිරිස්ස ප්‍රදේශයෙන් පළමු වරට හඳුනා ගෙන තිබේ. මෙම ප්‍රදේශයෙන් දැනට හමු වී ඇත්තේ එක් ගසක් පමණි. පැණි පොල් ගෙඩිය පැළ කිරීමට නොහැකිය.
එබැවින් මෙම අලුත් පොල් වර්ගය සංරක්ෂණය කිරීම ඉතා වැදගත් වේ. මේ සඳහා පොල් පර්යේෂණ ආයතනය පටක රෝපණය භාවිතයෙන් පැළ ලබා ගැනීම ආරම්භ කර ඇත.

ඔබ අවට ප්‍රදේශයේ ද මෙවැනි පැණි රස පොල් ඇත්නම් පහත දුරකථන අංකයට දැනුම් දී මෙම සංරක්ෂණ කටයුතු සඳහා ඔබගේ වටිනා දායකත්වය දක්වන මෙන් ඉල්ලා සිටිමු.

දු. ක. 031 2262003
පටක රෝපණ අංශය
පොල් පර්යේෂණ ආයතනය

𝐖𝐨𝐫𝐥𝐝 𝐀𝐧𝐢𝐦𝐚𝐥 𝐃𝐚𝐲 𝟐𝟎𝟐𝟑If a soul means being able to feel love and loyalty and gratitude, then animals are better than hum...
04/10/2023

𝐖𝐨𝐫𝐥𝐝 𝐀𝐧𝐢𝐦𝐚𝐥 𝐃𝐚𝐲 𝟐𝟎𝟐𝟑

If a soul means being able to feel love and loyalty and gratitude, then animals are better than humans. Animals are nothing but living beings, worthy of our compassion, respect, friendship and support.



21/09/2023
13/09/2023

2023 සැප්තැම්බර් මස 06 සිට 2023 සැප්තැම්බර් මස 20 දක්වා එළවලු වගාවේ බෝග පුරෝකථනය...
ඔබ... 2023 සැප්තැම්බර් මස 06 සිට 2023 සැප්තැම්බර් මස 20 දක්වා එළවලු වගාවට යොමු වන්නේ නම්, ආර්ථිකමය වශයෙන් වඩාත් ඵලදායි බෝගයක් තෝරා ගැනීමට අත්වැලක් වශයෙන්, එළවලු වගාව පිළිබද පූර්ව දැනුම් දීම මෙසේ ඉදිරිපත් කරන්නෙමු...

02/08/2023

ගොවි ක්ෂේත්‍ර දිනය හා කෘෂිකාර් මික ප්‍රදර්ශනය -2023
🪴🪴🪴🎋🎋🍃🍃🎍🎍🌱🌱🌿🌿🌾🌾🪸🪸🍄🍄

07/07/2023

කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ ජාතික ඩිප්ලෝමා පාඨමාලාව (NVQ 5) සඳහා අයදුම්පත් කැඳවීමේ දිනය දීර් ඝ කිරීම (2022/2023 ශිෂ්‍ය කණ්ඩායම)
++++++++++++++++++++++++++++++++++++++++++++
01-අයදුම් පත්‍රිය පිරවීමට උපදෙස් -https://soadip.doa.gov.lk/help_si-3/
02-Help us (Tamil) -https://soadip.doa.gov.lk/help_si-3-2/
03-ගැසට් පත්‍රය සදහා https://soadip.doa.gov.lk/wp-content/uploads/2023/05/NVQ_5_Gazzette_Sinhala.pdf
04-gazette Paper (Tamil) -https://soadip.doa.gov.lk/.../05/NVQ_5_Gazette_Tamil.pdf
05-මාර්ගගත අයදුම් පත සදහා (online School application) - https://soadoa.croplook.net/nvq5.php

වැඩි විස්තර කෘෂිකර්මදේපාර්තමෙන්තු වෙබ් අඩවියෙන් - https://soadip.doa.gov.lk/?_gl=1%2A953eir%2A_ga%2AMzgxNTczMjg2LjE2NzY4ODY2ODA.%2A_ga_REGEQ6CRLL%2AMTY4ODU0ODc3MC41My4xLjE2ODg1NDg4MzguNTkuMC4w&_ga=2.35660133.434085175.1688548775-381573286.1676886680

ලෝ වාසී සියළුම පියවරුන්ට ආදරණීය පියවරුන්ගේ දිනයක් වේවා !!ජීවිතයේ දහසක්  කම් කටොලු මැද , ජීවිත අරගලයට පණ පොවන්නා වූ ඒ වීර...
18/06/2023

ලෝ වාසී සියළුම පියවරුන්ට ආදරණීය පියවරුන්ගේ දිනයක් වේවා !!

ජීවිතයේ දහසක් කම් කටොලු මැද , ජීවිත අරගලයට පණ පොවන්නා වූ ඒ වීරත්වයට මෙසේ යැයි නොකියා පපු ගැඹුරෙන්ම ආදරය සෙනෙහස පිරිනමන්නෙමු !

බිංතැන්න අපි

💥💥 🪴 🟢 බිංතැන්න Agro - 60 වාසිය 🟢 🪴 💥💥සරුසාරවත් ගෙවත්තකට ගුණාත්මක බීජ සොයන ඔබට පුරා වසර ගනනක් මුළුල්ලේ පාරිභෝගික විස්වාස...
14/06/2023

💥💥 🪴 🟢 බිංතැන්න Agro - 60 වාසිය 🟢 🪴 💥💥

සරුසාරවත් ගෙවත්තකට ගුණාත්මක බීජ සොයන ඔබට පුරා වසර ගනනක් මුළුල්ලේ පාරිභෝගික විස්වාසයෙන් ඉදිරියටම ආ බිංතැන්න ඇග්‍රෝ ආයතනය විසින් අපූරු වාසියක් විදියට හැමෝටම අමාරු කාලේ රු 𝟲𝟬/= ක් වැනි මුදලකට එලවළු බීජ Sachet පැකට්ටුවක් අරගෙන ඇවිත් තියෙනවා.

බිංතැන්න Agro බීජ ලැයිස්තුව

1. රාබු (බීරලු )
2. පතෝල (දිග TA2)
3. වැටකොළු (LA33)
4. නයි මිරිස් (දේශීය )
5. වම්බටු (දෙමුහුම් බ්‍රයිඩ් )
6. වම්බටු (දේශීය ප්ලාස්ටික් )
7. වම්බටු (දේශීය ලේන ඉරි )
8. වම්බටු ( Fulness )
9. එළබටු (දේශීය)
10. රතු කුරහන්
11. බීට් රූට් (Crimson globe)
12. නෝකෝල් (දෙමුහුම්)
13. බී ළූණු (Light Red)
14. ලීක්ස් (විල්මෝර්)
15. තක්කාලි (දේශීය ෂවර්)
16. තක්කාලි (තිලිණ)
17. බණ්ඩක්කා (හරිත )
18. බණ්ඩක්කා (ඇත්දල MI5)
19. බණ්ඩක්කා (දේශීය ඇත්දල)
20. නිවිති (ගස්)
21. හේන් කොල්ලු
22. වට්ටක්කා (මොරගොල්ලාගම)
23. අතු ගෝවා (දෙමුහුම්)
24. මල් ගෝවා (දෙමුහුම්)
25. ගෙඩි ගෝවා (දෙමුහුම් )
26. රතු ගෝවා (දෙමුහුම් )
27. මිරිස් (KA2)
28. මිරිස් (MI1)
29. මිරිස් (MI2)
30. උඳු (දේශීය)
31. කළු තල
32. මාළු මිරිස් (දෙමුහුම් H.Y.W )
33. මාළු මිරිස් (දෙමුහුම් ශිවානි)
34. පැක් චෝයි (Green Master)
35. බෝංචි (බ්ලැක් කෝරා)
36. බුශීටා මෑ (BS1)
37. පොලොං මෑ (දේශීය)
38. කරවිල (දේශීය කලු )
39. පිපිඤ්ඤා (දේශීය සුදු)
40. පිපිඤ්ඤා (කල්පිටිය සුදු)
41. කැකිරි (දේශීය මල්)
42. දඹල (SLS44)
43. දඹල (දේශීය රතු)
44. දබල ( කළු)
45. කංකුං (ගස්)
46. වට්ටක්කා (පීකොක්)
47. බටානා (වෝල්තම්)
48. තම්පලා (කොල)
49. බඩඉරිඟු (දෙමුහුම් ඇට්ලන්ටා)
50. වට්ටක්කා ( රින්ගෝ)
51. වට්ටක්කා (දේශීය ලොකු)
52. නිවිති බඩ ඉරිඟු
53. බකමූණු බඩ ඉරිඟු
54. කෙසෙල් බඩ ඉරිඟු
55. මූකලං බඩ ඉරිඟු
56. කහට බඩ ඉරිඟු
57. මුතුකැට බඩ ඉරිඟු
58. පොපොකෝන් බඩ ඉරිඟු
59. රතු කප්පල් බඩ ඉරිඟු
60. සුදු කප්පල් බඩ ඉරිඟු

(බීජ Sachet පැකැට්ටුව අදාල බීජ වර්ගය අනුව 0.5g සිට 5g දක්වා බරකින් යුක්ත වේ)

ඉතින් ඉහත සඳහන් බීජ ලැයිස්තුවෙන් ඔබට අවශය බීජ වර්ග කැමති ප්‍රමානයක් තෝරා ඇනවුම් කරන්න පුලුවන්.
(ඇනවුම් කිරීමේදී අවමය බීජ පැකැට්ටු 10ක් වත් ඇනවුම් කල යුතුය)

අපෙන් බීජ / seeds මිලදී ගන්නා ආකාරය

1. ඔබ ලියාපදිංචි තැපෑල හරහා ගෙන්වා ගන්නේ නම් ඒ සඳහා අය කරන රු.200 ක මුදල සමඟ බීජ පැකට්ටු වල සම්පූර්ණ මුදල අපගේ ආයතන ගිණුමට තැන්පත් කර ඔබගේ රිසිට්පත හෝ Online Transfer ගනුදෙනුවක් නම් අදාල Screen Shot එක අප දුරකතන අංකයට යොමු කරන්න .

2. ඔබ COD (Cash On Delivery) ආකාරයට නිවෙසට ගෙනවා මුදල් ගෙවා Courier පහසුකමින් ලබා ගන්නේ නම් ඒ සඳහා රු.350 ක මුදලක් සමඟ අදාල බීජ පැකැට්ටු වල වටිනාකම එය රැගෙන පැමිනෙන සේවකයාට ලබා දීමෙන් මිලදී ගත හැක.

ඉතින් මේ අපූරු වාසිය ඔබත් අදම ලබා ගන්න.
ඔබගේ ඇනවුම් (බීජ වර්ගයන්හි අංකයන් සමගින් ඔබගේ විස්තර ඇතුලත්ව )

බිංතැන්න Bimthanna page - m.me/bimthanna
යට හෝ ,
ආයතන දුරකතන අංකයට WhatsApp 077 446 2099 මගින් යොමු කරන්න .

𝗛𝗼𝘁 𝗟𝗶𝗻𝗲 : 0774462099
𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽 : 077 446 2099
𝗠𝗲𝘀𝘀𝗲𝗻𝗴𝗲𝗿 : m.me/bimthanna
𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 : fb.me/bimthanna

"අපි වවමු"
සරුසාරවත් හෙටක් උදෙසා......!
- බිංතැන්න -

#බිංතැන්න #ගෙවතුවගාව #වගාකරමු #සුන්දරගෙවත්ත #අපිවවමු #වවන්නෝ #බීජවර්ග #ගෙවතුවගාබීජ #අරගලය #වගාඅරගලය #අපිවවමු #දේශීයබීජනොමිලේ #ගෙවතුවගාවාසිය #හෙළභෝග

දේශීය සහල් වර්ග ඉපැරණී හෙලදිව දේශීය සහල් වර්ග 2000 ක් පමණ ඇති මුත් අද වන විට ඒවායින් බොහෝමයක් නැතිවී ගොසින් අප  වගා කරන්...
12/06/2023

දේශීය සහල් වර්ග

ඉපැරණී හෙලදිව දේශීය සහල් වර්ග 2000 ක් පමණ ඇති මුත් අද වන විට ඒවායින් බොහෝමයක් නැතිවී ගොසින් අප වගා කරන්නේ වී වර්ග 264 කි.. එයින් කිහිපයක් පහත දැක්වේ
සුදු හීනටි
කලු හීනටි
රතු හීනටි
වෙද හීනටි
ගොඩ හීනටි
මඩ හීනටි
බෙහෙත් හීනටි
තාවළු හීනටි
වන්නි හීනටි
ගම්බද හීනටි
දික් වී
මා වී
හැටදා වී
ඇල්වී
කහමාල වී
රත්දැල්
සුවඳැල්
රත් සුවඳැල්
අත්දැල්
පොල දැල්
මඩතවාලු
මසුරන්
පච්චපෙරැමාල් (සියපත් ඇල)
ගෝනබරැ
කුරුළු තුඩ
කහවනු
හොඬරවාරු
පොක්කාලි
බටහෙලැල්
බටපොලැල්ල
රංතැඹිලි හැල්
කළු හෙල ඇල්
සුදු කුරු වී
කිරිමුරුංග වී
හේරත් බණ්ඩා වී
රත්කරහාල්
රත්තාර වී
සුදු මඩසල්
කට්ට මන්ජල්
රතු මාණික්කම්
හැටදා වී
කහමාල වී
දෙවැද්දිරි
දහනල
සීරග සම්බා
කොට්ටියරාන්
රං කුරාන්
රන් රුවන්
ඉලංකායම්
හැට පඳුරු
කහරමනා
බාල කහර මනා
මුරුංගක්කායම්
කළු බාල වී
කුරු වී
පිහාටු වී
තටු වී
සුදු හන්දිරන්
කහට වී
ගිරුස්
වක
රත් කුණ්ඩ
පොකුරු වී
රත් කඳ
සුරමනියම්
දම්පාට ගොඩ වී
පුවක් මල් වී
බාලසුරිය
රත්මානික්කම්
දුරු වී
සූදුරු වී
කිරි නාරං
කළු මුරුංගා
මොල්ලිගොඩ
මුදලි වී
බොල්ලු
අල්ලෙයි පෙරුමාල්
දෙමළ කොටන්
වෙව්ලයි
මුප්පගන්
මාව
බාල මාවී
මාතර වී
මිටි මා වී
ගාලූ සුලයි
දූලයි
කොකාලියන්
හාතියැල්
රත් කැඳ ඇල්
මුදු කිරි ඇල්
සුදු මඩයැල්
රත්නැල්
බටපොළ ඇල්
ඇල් වී
මස ඇල්
මඩ ඇල්
රත්කරයැල
කලු බාල වී
වන්නි දහනල
කොට්ටියාර්
සුලැයි (සූල)
මුතු මාණික්කන්
පොලයල්

මෙයිට අමතරව ඔබ දන්නා වී වර්ග තිබේනම් පහතින් comment එකක් ලෙස දක්වන්න . ✍️😊

ඉතින් එන්න අපි රැක ගනිමු අපේ හෙල උරුමය. බත බුලතින් සර හෙටක් උදෙසා අද සිටම හැකි පමනින් උර දෙමු .

#බිංතැන්න #හෙලසහල් #දේශීයසහල්

Address

"Bimthanna Agro" , Labuduwa
Galle
80000

Alerts

Be the first to know and let us send you an email when බිංතැන්න Bimthanna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to බිංතැන්න Bimthanna:

Videos

Share


Other Galle pet stores & pet services

Show All

You may also like