Best Vet Animal Clinic

Best Vet Animal Clinic We are here for your pet

03/12/2023
Our heroes wear scrubs and not capes
16/07/2023

Our heroes wear scrubs and not capes

Opening of Best vet Best Vet Animal Clinic Talawathugoda
04/07/2023

Opening of Best vet Best Vet Animal Clinic Talawathugoda

Celebrate our grand opening with a bang!Special offers on opening day!15% off on all Vaccination10% off on all Vitamins
24/06/2023

Celebrate our grand opening with a bang!

Special offers on opening day!
15% off on all Vaccination
10% off on all Vitamins

We Take Care of Your Pets
01/06/2023

We Take Care of Your Pets

නවතම ශාඛාව තලවතුගොඩදී ලගදීම ❤️
19/05/2023

නවතම ශාඛාව තලවතුගොඩදී ලගදීම ❤️

❤️😍
12/03/2023

❤️😍

  #  #❤️
24/02/2023

# #❤️

13/03/2022
Dog 🐕 & Cats 🐈 collars & Harnesses New stock available
24/12/2021

Dog 🐕 & Cats 🐈 collars & Harnesses New stock available

_𝙈𝙖𝙢𝙞𝙎𝙩𝙤𝙥®️ 𝘿𝙊𝙂𝙎 𝘾𝙖𝙣𝙞𝙣𝙚 𝙢𝙞𝙡𝙠 𝙨𝙪𝙗𝙨𝙩𝙞𝙩𝙪𝙩𝙚_🔹️ කුඩා හා  දුර්වල  පැටවුන් සඳහා පෝෂණමය කිරි අතිරේකය. 🍼🍼🐶🐕🦮 🔹️ පැටවුන්, කිරි වැර...
09/11/2021

_𝙈𝙖𝙢𝙞𝙎𝙩𝙤𝙥®️ 𝘿𝙊𝙂𝙎 𝘾𝙖𝙣𝙞𝙣𝙚 𝙢𝙞𝙡𝙠 𝙨𝙪𝙗𝙨𝙩𝙞𝙩𝙪𝙩𝙚_

🔹️ කුඩා හා දුර්වල පැටවුන් සඳහා පෝෂණමය කිරි අතිරේකය. 🍼🍼🐶🐕🦮

🔹️ පැටවුන්, කිරි වැරීමේ කාලය, මුල් කිරි වැරීම හෝ ගැහැනු සතාට පැටවුන් පෝෂණය කිරීමට ඇති නොහැකියාව සඳහා ආහාර ප්‍රභවයක් ලෙස එය නිර්දේශ කෙරේ. එසේම, එහි ඇමයිනෝ අම්ලවල ඉහළ අන්තර්ගතය සහ එහි මේද අම්ලවල ගුණාත්මකභාවය සඳහා, මන්දපෝෂණයෙන් පෙළෙන සතුන්, ගර්භනී හෝ කිරි දෙන සතුන්, සුවවීමේ තත්වයන් සහ වෙනත් ආතති තත්වයන් තුළ වඩාත් සුදුසු ආහාර අතිරේකයකි.

✅ 250g
_______________________________________________
𝙈𝙖𝙢𝙞𝙎𝙩𝙤𝙥®️ 𝘿𝙊𝙂𝙎 𝘾𝙖𝙣𝙞𝙣𝙚 𝙢𝙞𝙡𝙠 𝙨𝙪𝙗𝙨𝙩𝙞𝙩𝙪𝙩𝙚 🍼🐶🐕🦮
is recommended as food source for orphaned, large litter sizes, weaning period, early weaning, or female’s inability to feed its litter (mastitis, Cesarean delivery, etc.). Also, for its high content of amino acids and quality of its fatty acids, it is indicated as food supplement in malnourished animals, pregnant or lactating females, show dogs, convalescence conditions, and other stress situations.

🔹️ USE INSTRUCTIONS

🔹️ Puppies: Dissolve 15 grams (1 tablespoon) in 50 mL of warm water (previously boiled). Shake until the powder has completely dissolved. Administer Mamistop® on demand (ad libitum) of puppy or as indicated by the Veterinarian.
Adult dogs: Give 2 tablespoons per each 10 kg of weight.

✅ Pack Size - 250g

Order yours now 🛒📞 0710372953

✅ Bank Transfer



    -scarf😍
26/10/2021

-scarf😍

🦮🐕🐕‍🦺 collars & Harners New stock available
28/04/2021

🦮🐕🐕‍🦺 collars & Harners New stock available

pet foods 🐈🐈‍⬛🐕 Now available
08/02/2021

pet foods 🐈🐈‍⬛🐕 Now available

04/02/2021

#සුරතල්_සුනඛයන්ගේ_පණු_මර්ධනය
https://youtu.be/-fkVbx6xow4
"පණූවන් " වචනය ඇසූනූ ගමන් අපිට ප්‍රියජනක හැගීමක් හිතට එන්නේ නෑ. ඒ වගේම තමයි අපේ සුරතලාගේ ඇඟ ඇතුලේ පණුවෝ/අභයන්තර පරපෝශිතයෝ මොනා කරනවා ඇතිද කියලා හිතන්නවත් ඔබ කැමති නෑ. සමහර විට ඔබ හිතනවා ඇති කොහොමද අපේ බල්ලට පණුවෝ එන්නේ කියලා. සමහරුන්ගේ මතයක් තියෙනවා සීනී දුන්නම තමා පණුවෝ හැදෙන්නේ කියලා. අපේ පරිසරයේ සතෙකුට පණුවෝ ශරීරගත වෙන්න ඕනීතරම් ඉඩකඩ තියෙනවා කිව්වොත් සමහර විට ඔබ පුදුම වෙයි.

සාමාන්‍යයෙන් පරිසරයේ පණුවෝ ඉන්නේ අපිරිසිදු තැන්වල. ගෙදරින් පිට සුරතලා ඇවිද ඇවිද ඉන්න ගමන් බිම තියන මොනාහරි දෙයක් කන්න පුලුවන්, ඒ එක්කම ජරාව තියන ගඳ ගහන තැනක පෙරලිලා පස්සේ එයා එයාගේ ඇඟ ලෙවකන්න පුලුවන්. ඒ තැන්වල තියෙන පණු බිත්තර හෝ පණුවන්ගේ වර්ධන අවධියේ ඕනිම අවස්තාවක් ශරීර ගතවෙන්න පුලුවන්. පණුවන් වාහකයෙක් වෙන බලු මැක්කෝ(fleas) එයාගේ ඇගේ වහන්න පුලුවන්, පසුව ඔවුන් ආමාශගත වෙන්න පුලුවන්. එකොට වගේම මදුරුවෝ එයාට දෂ්ට කරන්න පුලුවන්. ඉතින් ඔය හැම ක්‍රමයකින්ම සුරතල් බල්ලෙක්ට පණුවෝ ශරීරගත වෙන්න පුලුවන්. ඊට අමතරව පණු බෙහෙත් නොදීපු හෝ ක්‍රමවත්ව පණු බෙහෙත් නොදීපු අම්මගෙන් කිරි බොන පොඩි පැටවුන්ට මව් කිරි හරහා පණුවෝ ආසාධනය වෙන්න පුලුවන්.

නිරෝගී සුනඛයෙක්ගේ උනත් පණුවෝ ආහාර මාර්ගය ආශ්‍රිතව ඉතා සුලු වශයෙන් හරි ඉන්නවා. සමහර වෙලාවට පණුවෝ පිරිලා හිටියත් පිටතින් රෝග ලක්ශන නොපෙන්වන්න පුලුවන්. නිසි ප්‍රතිකාරයක් නොලැබුනොත් පණු ආසාධනය මාරාන්තිකයි. ඒත් එක්කම ඉන් සමහර පණුවන් මිනිස්සුන්ටද රෝගකාරක වෙනවා (zoonotic). ඒ කියන්නේ හරියට පණු බෙහෙත් නොදී පණුවෝ මර්ධනය නොකලොත් සුරතලුන්ගෙන් අපිටත් පණුවෝ ආසාධනය වෙන්න පුලුවන්.

වට පණුවා(round worm), කොකු පණුවා(hook worm), පටි පණුවා(tape worm) , trichuris/ whip worms සහ හෘදය ආශිත පණුවන් (heart worms) තමා ප්‍රධාන පණු වර්ග 5 තමා ගෘහාශ්‍රිත බල්ලන් අතර දක්නට ලැබෙන්නේ. එතකොට ඉහත සදහන් මුල් පණු වර්ග 4 දක්නට ලැබෙන්නේ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතවයි. එතකොට heart wormsලා ලංකාවේ පොදුවේ දක්නට ලැබෙන්නේ නැති උනත් ආනයනික සතුන්ගේ වර්ථා වෙලා තියෙනවා.

මේ පණුවන් කියන්නේ අභයන්තර පරපෝශිතයෙක්, ඔවුන් ආහාර මාර්ගය තුල හිදිමින් සතුන් ගන්නා ආහාරවල පෝශක මත යැපීම හෝ ආහාර මාර්ග බිත්තිවල එල්ලී රුධිරය උරාබොමින් ජීවත් වෙනවා. පහත දැක්වෙන්නේ පණු ආසාධනයක් පෙන්වන රෝග ලක්ෂණ කිහිපයක්.

1. බඩ එලිය
2. උදර වේදනාව
3. ශරීර බර අඩු වීම
4. මලානික ගතිය
5. විජලනය
6. උදර පෙදෙස විශාල වීම (pot belly)
7. පෝශණ ඌණතා
8. රක්තහීනතාවය
9. ආහාර මාර්ගය අවහිර කිරීම/ නියෝමෝනියාව වැනි ශ්වසනාභාධ ඇති කිරීම
10. මලපහ සමඟ රුධිරය පිටවීම

එතකොට අපි මොකක්ද මේ පණු ප්‍රශ්නෙට කරන්නේ? ඔව් ඒක හරිම සරලයි.

1. නිසි ආකාරව ක්‍රමවත්ව පණු බෙහෙත් දෙන්න ඕනී. වෙලඳපොලේ විවිධ පණු බෙහෙත් වර්ග දක්නට ලැබෙනවා . ඉන් ඔබේ සුරතලාගේ වයසට බරට ගැලපෙන නිශ්පාදනයක් තෝරාගෙන නිසි මාත්‍රාවෙන් ඒක දෙන්න ඕනී. ඒ වගේම නිසි කලට වේලාවට පණු බෙහෙත් ලබාදෙන්න ඕනී. ඒකට ඔබේ පවුලේ පශු වෛද්‍යවරයාගේ සහය ලබාගැනීම හරි වටිනවා.

පණු බෙහෙත් ලබාදෙන ආකාරය;
- පැටවුන්ට වයස සති 2 ඉදන් මාස 3ක් වෙනකන් සති 2න් 2
- මාස 3 ඉදන් මාස 6 වෙනකන් මාසෙන් මාසේ
- මාස 6 ඉදන් ඉදිරියට මාස 3න් 3ට
- ගැබ් ගැනීමට පෙර හා පැටවුන් ප්‍රසූතියෙන් පසු (වැඩිහිටි ගැහැණු සතුන්ට)

2. ආහාර මාර්ගය ආශ්‍රිත පණුවන්, පණු බිත්තර හෝ පණුවන්ගේ කැබලි මළ පහ සමඟ පරිසරයට එක්වෙනවා. නිසි ආකාර මළ පහ බැහැර කිරීම හා සුරතලා අවට පරිසරය නිසි ආකාර පිරිසිදු කිරීම මගින් පසේ හා සුරතලාගේ තැවරී නැවත ආසාධනය වලක්වා ගන්න පුලුවන් වෙනවා.

3. බලු මැක්කන් හා මදුරුවන් සුරතලාට පණුවන් ගෙනෙන වාහකයෙක් විදියට කටයුතු කරනවා. භාහිර පරපෝශිතයෙක් වෙන බලු මැක්කන් පාලනයට සුදුසු වන නිශ්පාදනයක් වයස හා බර අනුව තෝරාගෙන නිවැරදි අයුරින් පාවිච්චි කලයුතු වෙනවා. ඒ සඳහා ඔබගේ පශු වෛද්‍යවරයාගේ සහය ලබා ගැනීම ඉතාමත් වටිනවා. අවට පරිසරය පිරිසිදුව තබාගැනීම මගින් මදුරු පාලනය කිරීම ඉතාම වැදගත් වෙනවා.

4. සතුන්ගේ සමග ගනුදෙනු කිරීමෙන් අනතුරුව සබන් යොදා අත් සේදීම මගින් පණු ආසාධන වලින් අපි වගේම සුරතලුනුත් ආරක්ශා වෙන්න ඉතාම වැදගත් වෙනවා. (විශේෂයෙන්ම මල පහ ඉවත් කිරීම වැනි පිරිසිදු කිරීමේ කටයුතුවලින් පසු)

පණුවා කියන්නේ පොඩි සතෙක් උනාට සුරතල් සුනඛයාට හා අපිට කරන හානිය ටිකක් විශාලයි. එම නිසා අවධානම හරියාකරව තේරුම්ගෙන, රෝග ලක්ෂණ දැන හැදින, පණුවන් සඳහා ක්‍රමවත් නිවැරදි ප්‍රතිකාරයකට යොමු වීමත්, නැවත ආසාධනය වැලැක්වීමට අවශ්‍ය කටයුතු කිරීමත් වගකීම් සහගත සත්ව හිමිකරුවෙකුගේ යුතුකමක් හා වගකීමක් වෙනවා.

පශු වෛද්‍ය චමරි කෞශල්‍යා මැදගොඩ

02/02/2021
සත්තුන්ට වඳ සැත්කම් කරවන්න මේ තරම් දඟලන්නේ මෙන්න මේ වගේ අහින්සකයො දුක් විඳින එක නවත්තන්නයි.ඉපදිලා දවසයි ඒත් ජීවිත කාලයකට...
23/01/2021

සත්තුන්ට වඳ සැත්කම් කරවන්න මේ තරම් දඟලන්නේ මෙන්න මේ වගේ අහින්සකයො දුක් විඳින එක නවත්තන්නයි.

ඉපදිලා දවසයි ඒත් ජීවිත කාලයකට ඇතිවෙන්න දැනටමත් වේදනා විඳලා
පනපිටින් ඉද්දි අත කඩාගෙන යනකොට කොයි තරම් නම් රිදෙන්න ඇතිද මේ පොඩ් පැටියට

This is why we are so adamant on spaying and neutering. This little ones' mom had them in a small jungle area. A water moniter bit off one's leg completely and wounded another just hours after being born. Mom is too young and doesn't understand even to feed the pups let alone that they need much protection. Spaying and neutering could have avoided all this agony.

Praying the babies survive 🙏 ❤



සටහන : Hasini silva

20/01/2021

Location : Mathugama

Near Athulathmudali school.

 ුන්ට_ආදරෙන්_හා_වගකීමෙන්_රැක_බලාගන්නෙක්ද ? මිනිස්සූ ආදරේ එක එක විදියට විස්තර කලත් අවසානේ අපිට ඕනී අපි ආදරේ කරන අය හොදින්...
17/01/2021

ුන්ට_ආදරෙන්_හා_වගකීමෙන්_රැක_බලාගන්නෙක්ද ?

මිනිස්සූ ආදරේ එක එක විදියට විස්තර කලත් අවසානේ අපිට ඕනී අපි ආදරේ කරන අය හොදින් ඉන්නවා බලන්න.
ඒ වගේම බුදු දේශනාවේ තියනවා ප්‍රඥාවක් නැති ශ්‍රද්ධාව විඤ්ඤාණයට පාර කපලා දෙන්නේ නෑ කියලත්.
සත්ව සුභසාධනයේ සතුන්ට අවශ්‍ය මූලික අංග 5ක් තියනවා. රෝගී උනාම ඉක්මන් පශුවෛද්‍ය සහය ඉන් එකක්.
ඇයි මම මේ දේවල් කියන්නේ? ඒකට හේතුව කාලාන්තරයක් තිස්සේ සමාජ මාධ්‍ය ඔස්සේ හා සමාජයේ විවිධ ආකාරයෙන් සිදුවන සත්ව සුභසාධන ලේබලය සහිත #සත්ව_අපහරණ ( ). ඔව් දැක්කා හරි, ගහන, තුවාල කරන, මරණ එකම නෙවේ සත්ව අපහරණයක් කියන්නේ.

ලංකාවේ තියන ලොකු ප්‍රශ්නයක් තමා #වගකීම්_සහගත්_සත්ව_අයිතීකාරීත්වයක් ( ) නොමැතිකම. අයාලේ යන බල්ලන් හා බළලුන් අප අවට බහුලව දක්නට ලැබෙන්නේ එහි එක් ප්‍රතිඵලයක් විදියට. අනික තමා රෝගී සතුන්ට නිසි ආකාරව ප්‍රතිකාර නොකිරීම.

ගොඩක් වෙලාවට නිවසේ සතෙක් ලෙඩ උනාම මුලිම්ම කරන්නේ අත් බෙහෙත්. පොඩි පොඩි ලෙඩ අඩුවෙන්න පුලුවන් ඒවලින්. සමහර වෙලාවට පොඩි ලෙඩේ මාරාන්තික කරගන්නත් අත් බෙහෙත් මුල්වෙනවා.

සමාජ මාධ්‍ය භාවිතා කරලත් බහුලවම බෙහෙත් කරන එක හරිම සුලභයි. "අනේ අපේ බව්වට උණ/මයිල් යනවා/ බඩේලිය යනවා/ කෑම කන්නේ නෑ, මොකද කරන්නේ" කියලා සත්ව සුභසාධනය පිලිබදව පෙනී හිටින, නමුත් නිසි පශුවෛද්‍ය විද්‍යාව පිලිබදව නිසි අවබෝධයක් නැති පිරිසකගෙන් අහනවා. "රෝස පාට පෙත්තෙන් බාගයක්/ නිල්පාට කරලක් දෙන්න" වගේ ප්‍රතිචාර ගොඩක් එක ප්‍රශ්නෙට ලැබෙනවා. ඇත්තටම ලෙඩක් හැදෙන්න එක එක හේතු තියනවා. සමහර වෙලාවට අර කිව්ව රෝසපාට පෙත්ත වැඩ කරලා ලෙඩේ හොද වෙන්නත් පුලුවන්. ඒත් බහුලවම වෙන්නේ තත්වේ වැඩිවෙන එක.

ආයෙත් සමාජ මාධ්‍යවල එක් එක් බෙහෙත් එක් එක් ලෙඩට ටක්කෙටම හරියනවා, ලොකු පිනක් කියලා හරි සීග්‍රයෙන් එක් එකෙනා අතර පැතිරිලා යනවා. ඇත්තටම කොවිඩ් පැතිරෙනවට වඩා දරුණුව ඒ බෙහෙත පිලිබඳව සංසරණය වෙනවා. ඒ බෙහෙත විස වෙලා සතුන් මැරෙන්න අරගෙන ප්‍රවෘත්ති ප්‍රකාශවලින් පවා වෛද්‍ය උපදෙස් නැතිව දෙන්න එපා කියන තැනට පත්වෙනවා. ඉතින් චේතනාව හොද උනාට සතුන්ට ඒකෙන් හොදක් වෙලා තියනවද? ඔබ අහුවෙලා තියෙන්නේ බෙහෙත් නිපදවන සමාගමක #අවිචාරවත්_ප්‍රචාරණ කටයුත්තකට වෙන්න බැරිද? නොදන්න දේවල් වලට අනිසි ප්‍රචාරණයක් ලබාදෙන්න තරම් වගකීම් විරහිතව වැඩ කරන්න එපා.

ආයේ බෙහෙත් ගන්න යන්නේ පශුවෛද්‍ය කාර්‍යාලේ වැඩ කරන සේවකයෙක්ගෙන්. දොස්තර විදින බෙහෙත් කිහිපයක් ගැන ඔවුන් දැකලා තියන නිසා මේ ලෙඩේට මේ බේත තමා කියලා ඔවුන් මොකක් හරි බෙහෙතක් නිර්දේශ කරනවා. ගොඩක් වෙලාවට මාත්‍රාව, safty margin පිලිබඳව අවබෝධයක් නෑ.

සමහරු කෙලිම්ම යන්නේ ෆාමසියට. ෆාමසියේ ඉන්නේ සමහර වෙලාවට bid, sid, eod නොදන්න pharmacy course එකවත් නොකරපු කෙනෙක් බෙහෙත් තුන්ඩුවකින් පමණක් නිකුත් කරන්න පුලුවන් ප්‍රතිජීවකයක් පවා මාත්‍රාව නොසලකා දෙන්න පුලුවන්. සමහර වෙලාවට සමහර ෆාමසි වලින් ඉන්ජක්ශන් පවා හොරෙන් නිකුත් කරනවා.

නිදැලි සතුන්ගේ බහුලවම දක්නට ලැබෙන ලෙඩක් තමා හමේ රෝග .ගොඩක් වෙලාවට පිනක් දහමක් කරගන්න කියලා, හමේ රෝග වලට හේතුව මොකක් උනත් දන්න එකම injection එක වයස, බර, සෞඛ්‍ය තත්වය නොසලකා පශුවෛද්‍ය උපදෙස් රහිතව සතුන්ට ලබාදෙනවා. ලොකු පිනක් කරගත්තා කියලා සමහර වෙලාවට සමාජ මාධ්‍යවල පවා පලකරනවා. ඒත් ඉන් හොඳවෙන ප්‍රමාණයට සාපේක්ශව මැරෙන ප්‍රමාණය ගැන කාටවත් අවබෝධයක් තියනවද ?

පශුවෛද්‍යවරයෙක් බෙහෙතක් නියම කරද්දී වයස, බර, සත්ව වර්ගය, බෙහෙතේ safety margin ඒම බලලා තමා බෙහෙත නිර්ණය කරන්නේ. අපේ බල්ලට හරියන බෙහෙත් අල්ලපු ගෙදර බල්ලට හරියන්නේ නෑ. මොකද සතෙක් කෑම කන්නේ නැතිවෙන්නේ tick fever නිසාම නෙවේ. ඒකට හේතු ගණනාවක් තියෙන්න පුලුවන්. කන්නේ නෑ කිව්ව ගමන් දෙන්න බෙහෙත් නෑ. ඒ වගේම හමේ රෝග වලට හේතු ගණනාවක් තියෙන්න පුලුවන්. එක පෙත්තකින්, එක injection එකකින් ලෙඩක් හොදවෙන්නේ නෑ. කෝකටත් තෛලේ බෙහෙත් නෑ. එක රැයෙන් එලිවෙන්නෙත් නෑ.

සතුන්ට ආදරේ නම් ඔවුන් නිසියාකාරව නඩත්තුවට මුදලක් නැත්තන් දුකක් දෙන්න සතුන් හදන්න එපා. සතෙක්ට ලෙඩක් උනාම හරියාකාර ප්‍රතිකාර කරන්න බැරි නම්, ඒ වගකීම හරියට ගන්න බැරිනම සතුන් හදන්න එපා. සතෙක් ලෙඩ උනාම බලන් ඉන්න බෑ කියලා පශුවෛද්‍ය උපදෙස් නැතිව බෙහෙත් ලබාදෙන්න එපා. ඒකට කියන්නේ සතුන්ට තියන ආදරය නෙවේ සත්ව අපහරණය. ඉතින් බල්ලගේ වැඩේ බූරුවා කරන්න යන්න එපා. සතෙක් ලෙඩ උනාට ඉක්මන් නිවැරදි පශුවෛද්‍ය සහය හා උපදෙස් ලබාගන්න. වගකීම් සහගත සත්ව අයිතිකරුවෙක් වෙන්න.

සටහන.෴
චමරි කෞශල්‍යා මැදගොඩ

❤️
17/01/2021

❤️

Address

Pannipitiya Road Talawathugoda
Talawatugoda
10230

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 21:00

Telephone

+94718444333

Website

Alerts

Be the first to know and let us send you an email when Best Vet Animal Clinic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category


Other Talawatugoda pet stores & pet services

Show All